කුඩා රාවණා කොටුව

කුඩා රාවණා ප්‍රදීපාගාරය...✍️ කුඩා රාවණා ප්‍රදීපාගාරය අපට හමුවෙන්නෙ මහා රාවණා ප්‍රදීපාගාරය හමුවෙලා තවත් කිලෝමීටර් 37 ක්‌ දකුණු දිගින්. මෙහි උස මීටර් 34 ක්‌. ගොඩබිමේ සිට කිලෝමීටර් 10 කට ආසන්න දුරකින් තමයි පිහිටල තියෙන්නෙ. මෙයත් නිර්මාණය කරලා තියෙන්නෙ ඩග්ලස්‌ සහෝදර දෙපළ විසින්. ඒ 1878 දී. ගිනිකොණ දිග මුහුදේ පිහිටල තියෙන මෙය දකුණු මුහුදේ අවසානය වශයෙනුත් අපට හැඳින්විය හැකියි. මේ ප්‍රදීපාගාරයටම ආවේණික වර්ණාලේපයකුත් තියෙනවා. මේ ගැන අපට නාවික නිලධාරී බුද්ධික මහතා කිව්වෙ එක්‌ එක්‌ ප්‍රදීපගාරයට අනුරූප වුණු වර්ණ, ඉදිකිරීම් යනාදී වෙනස්‌කම් තියෙනවා පමණක්‌ නොව බොහෝ ප්‍රදීපාගාරවලින් තමන්ට ආවේණික වූ රේඩියෝ තරංග මලාවකුත් මුදාහරින බවයි. ඩොන්ඩා ලයිට්‌ හවුස්‌වලදී මේ රේඩියෝ තරංග දහරා නිකුත් වෙන හැටි දැකගන්න පුලුවන්.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කුඩා රාවණා කොටුව පිළිබඳ තොරතුරු, කුඩා රාවණා කොටුව යනු කුමක්ද? කුඩා රාවණා කොටුව යනු කුමක් දර්ශනය කරන්නේ?