කුමාර පොකුණ යනු ශ්‍රී ලංකාවේ පුරාණ පොළොන්නරුව නගරය තුල, ඇතුල් නුවර රාජ සභා මණ්ඩපයට ආසන්නව ප්‍රාකාරයෙන් පිටතට වන සේ ඉදිකොට ඇති පැරණි පොකුණකි. පැරණි වංශ කතා හී මෙම පොකුණ "ශිලා පොක්කරණී" යන නමින් හදුන්වා දී තිබේ.
විශාලත්වය
කුමාර පොකුණ දිගින් අඩි 44 ක් පමණ සහ පළලින් අඩි 38 පමණ වේ. පොකුණට බැසීම සදහා ශිලාමය පඩි පෙලක් නිර්මාණය කොට තිබෙන අතර පොකුණ මධ්‍යයේ කුඩා වෘත්තාකාර ගල් වේදිකාවක් දැකගත හැකි වේ. දෙපස වූ කැටයම් සහිත ගල් පිලී දෙකක් මගින් පොකුණට ජලය සැපයෙන අතර පොකුණේ වූ අපිරිසිදු ජලය ඉවත් කිරීම වෙනුවෙන් නිර්මාණය කෙරූ හතරැස් විවරයක්ද ඇත.
පොකුණට ආසන්නයෙන් සළු මණ්ඩපය නමින් හඳුන්වන කුඩා ගොඩනැගිල්ලක නෂ්ඨාවශේෂ දැකගත හැකි වේ.
මේවාද බලන්න
මූලාශ්‍ර
- "කුමාර පොකුණ". අමේසිං ලංකා. සම්ප්‍රවේශය 28 දෙසැම්බර් 2015.
- "කුමාර පොකුණ". ට්‍රිප් ශ්‍රී ලංකා. සම්ප්‍රවේශය 28 දෙසැම්බර් 2015.
- "කුමාර පොකුණ". ශ්‍රී ලංකා හෙරිටේජ්. සම්ප්‍රවේශය 28 දෙසැම්බර් 2015.
- "කුමාර පොකුණ". vvip.lk. සම්ප්‍රවේශය 28 දෙසැම්බර් 2015.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කුමාර පොකුණ පිළිබඳ තොරතුරු, කුමාර පොකුණ යනු කුමක්ද? කුමාර පොකුණ යනු කුමක් දර්ශනය කරන්නේ?