කුඹ සෛල

මානව දේහයේ පවතින ප්‍රධාන පටක වර්ගයක් ලෙස සම්බන්ධක පටක (connective tisue) හැදින්විය හැක.එම පටකයද අරීයල පටකය,තන්තුමය සම්බන්ධක පටකය,මේද පටකය,රුධිර පටකය ,කාටිලේජ පටකය හා අස්ති පටකය ලෙස වර්ගීකරණය කල හැක.එයින් අරීයල පටකයේ පූරකය තුල වෙනස් වර්ග වල සෛල දැකිය හැක.එනම් ,තන්තු සෛල ,මහා භක්ශානු,කුභ සෛල ,මේද සෛල හා සුදු රුධිරානු වෙයි.එයින් කුභ සෛල මගින් හෙපැරීන් සහ හිස්ටැමීන් ස්‍රාවය කරනු ලබයි.හෙපැරීන් යනු රුධිර ප්‍රතිකැටිකාරකයක් වන අතර එය රුධිර කැටි ගැසීම වළක්වයි.හිස්ටැමීන් ආසාත්මික ප්‍රතික්‍රියා වලට හේතුවන රසායනික ද්‍රව්‍යයකි.හිස්ටැමීන් මගින් ආසාත්මික ප්‍රතික්‍රියා ,සමේ අසංවේදී තත්ව,ආමාශයික යුශ ස්‍රාවය උත්ප්‍රේරණය කරයි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කුඹ සෛල පිළිබඳ තොරතුරු, කුඹ සෛල යනු කුමක්ද? කුඹ සෛල යනු කුමක් දර්ශනය කරන්නේ?