කුරුඳු ඔය ඇල්ල

කුරුඳු ඔය ඇල්ල යනු ශ්‍රී ලංකාවේ 3 වන උසම දිය ඇල්ලයි. මෙය සම්පූර්ණ උස 189 m (620 ft) වන ද්විත්ව දිය ඇල්ලකි. ප්‍රධාන දිය ඇලි දෙක අතර දුර 20 m (66 ft) වේ. මෙය නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇත.

කුරුඳු ඔය ඇල්ල
පිහිටීමවලපනේ, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක7°4′43″N 80°51′0″E / 7.07861°N 80.85000°E / 7.07861; 80.85000
උන්නතාංශය1,524 m (5,000 ft)
සමස්ථ උස189 m (620 ft)
පතන සංඛ්‍යාව2
ජල මූලාශ්‍රයකුරුඳු ඔය

ආරම්භ හා අවසානය

කුරුඳු ඔය පිදුරුතලාගල කන්දේ උතුරු බෑවුමෙන් ආරම්භ වී රන්දෙණිගල ජලාශය හරහා මහවැලි ගඟට එක් වීමෙන් අවසන් වේ.

මාර්ගය

කුරුඳු ඔය ඇල්ල නැරඹීමට යායුතු මාර්ගය ඉතා දුෂ්කර බැවින් ළඟාවීම අපහසුය. ලඟාවීම අපහසු නිසා ජනතාව අතර වඩාත් ජනප්‍රිය වී නොමැත. තේ වතු අතරින් යන මේ මාර්ගයේම ජපන් සාම චෙෙත්‍යද පිහිටා තිබේ.

යොමු

  1. Fabrizi 2014, පිටු අංකය: 60.
  2. Georgiou 2009, පිටු අංකය: 202.
  3. ශවර්ස් 1973, පිටු අංකය: 104.
  4. "Kurundu Oya Waterfall". මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 2025-08-11.
  5. "කුරුඳු ඔය දියඇලි". Sri Lanka Travel Pages. සම්ප්‍රවේශය 2025-08-11.
  6. "පතුලේ සිට මුදුන නොපෙනෙන කුරුඳු ඔය ඇල්ල". Amazing Lanka. සම්ප්‍රවේශය 2025-08-11.

මූලාශ්‍ර

  • Georgiou, Alexia (2009). Sri Lanka (ඉංග්‍රීසි බසින්). ISBN 9789812820723.
  • Fabrizi, Ahrens; Ahrens, Dirk (2014). A Monograph of the Sericini of Sri Lanka (Coleoptera: Scarabaeidae) (ඉංග්‍රීසි බසින්).
  • ශවර්ස්, වික්ටර් (1973). The world in figures (ඉංග්‍රීසි බසින්). ISBN 9780471788591.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කුරුඳු ඔය ඇල්ල පිළිබඳ තොරතුරු, කුරුඳු ඔය ඇල්ල යනු කුමක්ද? කුරුඳු ඔය ඇල්ල යනු කුමක් දර්ශනය කරන්නේ?