කුරුප්පු ආරච්චිගේ කරුණාරත්න (කේ. ඒ. කරුණාරත්න; 1960 අප්‍රියෙල් 29– 2008 අප්‍රියෙල් 6) ශ්‍රී ලංකාවේ හිටපු දිගු-දුර ධාවන ශූරයෙකි
1990 සිංගප්පූරුවේ පැවති සිංගප්පෝර් මැරතන් (Singapore Marathon) තරඟය, 2:21:10 ක ධාවන කාලයකින් නිම කරමින් එම වසරේ ජයග්‍රහණය ලබා ගැනීමට ඔහුට හැකිවිය. 1992 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සහ 1993 ලෝක මළල ක්‍රීඩා ශූරතාව උළෙලේ, ශ්‍රී ලංකා නියෝජනය වූවේද කරුණාරත්නයි.
2008 අප්‍රියෙල් 6 වන දින, වැලිවේරියේ අවුරුදු උත්සවයක මැරතන් තරඟ ආරම්භය සනිටුහන් කල අවස්ථාවේ පුපුරා ගිය මරාගෙන මැරෙන එල්ටීටීඊ බෝම්බ ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්විය. ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයෝ 14 දෙනෙකුට සිය ජීවිත අහිමි වූ අතර, තවත් 90 කට වැඩි පිරිසකට තුවාල සිදුවිය. මිය ගිය අය අතර ශ්‍රී ලංකාවේ ජාතික මළල ක්‍රීඩා පුහුණුකරු ලක්ෂ්මන් ද අල්විස්, දේශපාලඥ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, සහ හමුදා නිලදාරී කර්නල් උදයධීර යන අය වූහ.
සමත්කම්
- මැරතන් තරඟ විස්තර පිළිබඳව
| වර්ෂය | තරඟය | තැන | ස්ථානය | තරඟ නිමි කාලය |
|---|---|---|---|---|
| ශ්‍රී ලංකා නියෝජනය | ||||
| 1992 | ඔලිම්පික් ක්‍රීඩා | බාර්සිලෝනා, ස්පාඤ්ඤය | 71 | 2:32:26 |
| 1993 | ලෝක මළල ක්‍රීඩා ශූරතාවලිය | Stuttgart, ජර්මනිය | 40 | 2:34:47 |
මේවාද බලන්න
මූලාශ්‍ර
- "බ්ලාස්ට් කිල්ස් ශ්‍රී ලංකන් මිනිස්ටර්". BBC News. 6 අප්‍රියෙල් 2008. සම්ප්‍රවේශය 2008-04-10.
- "IAAF කන්ඩෙම්න්ස් බෝම්බිං ඔෆ් මැරතන් ඉන් ශ්‍රී ලංකා". IAAF.org. 6 April 2008. සම්ප්‍රවේශය 2008-04-06.
- "ට්‍රිබියුට්ස් පේඩ් ටු කරු ඇන්ඩ් අල්විස්". BBC News. 6 April 2008.
භාහිර සබැදි
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කුරුප්පු කරුණාරත්න පිළිබඳ තොරතුරු, කුරුප්පු කරුණාරත්න යනු කුමක්ද? කුරුප්පු කරුණාරත්න යනු කුමක් දර්ශනය කරන්නේ?