කුෂ්මාණ්ඩා යනුවෙන් හැඳින්වෙන්නේ සිය දිව්‍යමය සිනහව මඟින් ලොව නිර්මාණය කරන්නේ යැයි පැවසෙන හින්දු දෙවඟනයි. කාලිකුල සම්ප්‍රදායයෙහි අනුගාමිකයන් විශ්වාස කරන්නේ ඇය හින්දු දෙවඟනක වන දුර්ගාගේ සිව්වන ස්වරූපය ලෙසයි. ඇගේ නාමය මඟින් ඇගේ කර්තව්‍යය හැඟවේ: කු යනු "මඳ" යන්නයි, ඌෂ්ම යනු "උණුසුම්" හෝ "ශක්තිය" යන්නයි. අණ්ඩ යන්නෙන් "විශ්වීය බිජුව" යන්න හඟවේ.
| කුෂ්මාණ්ඩා | |
|---|---|
| විශ්වීය අණ්ඩයට අධිපති දෙවඟන | |
කුෂ්මාණ්ඩා දෙවඟන, දුර්ගාගේ සිව්වන ස්වරූපය | |
| අනුබැඳිය | ශක්තිගේ අවතාරය |
| ග්‍රහලොව | සූර්ය |
| මන්ත්‍රය | सुरासम्पूर्णकलशं रुधिराप्लुतमेव च। दधाना हस्तपद्माभ्यां कूष्माण्डा शुभदास्तु मे॥ |
| ආයුධය | පද්මය, චක්‍රය, කාමණ්ඩලු, දුන්න, ඊතලය, ගධා, අක්ෂමාලාව, මී පැණි කෙණ්ඩිය |
| වාහනය | ව්‍යාඝ්‍රයා |
නවරාත්‍රී (නවදුර්ගාවන්ගේ රාත්‍රී නවය) උත්සවයේ සිව්වන දිනයේ දී කුෂ්මාණ්ඩා වන්දනා කිරීම සිදුවේ. ඇය සෞඛ්‍යය රකින්නේ යැයිද, ධනය සහ බලය පුදන්නේ යැයිද විශ්වාස කෙරේ.
මේවාත් බලන්න
- ශක්ති ආගම
- ආදි පරාශක්ති
ආශ්‍රේයයන්
- "Worship Maa Kushmanda on the fourth day of Navaratri". www.ganeshaspeaks.com. සම්ප්‍රවේශය 2015-10-06.
- "Story Of Devi Kushmanda: The Smiling Goddess". සම්ප්‍රවේශය 2015-10-06.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කුෂ්මාණ්ඩා පිළිබඳ තොරතුරු, කුෂ්මාණ්ඩා යනු කුමක්ද? කුෂ්මාණ්ඩා යනු කුමක් දර්ශනය කරන්නේ?