කෛකසි

කෛකසි (දේවනාගරි දී: कैकसी) කුමරිය යනු රාවණා රජුගේ මෑණියෝය. මැය නිකාෂා (දේවනාගරි දී : निकषा) හා කේෂිණී (දේවනාගරි දී : केशिनी) යන නම් වලින් ද හදුන්වයි.

ඇය දෙයිත්‍ය යක්ෂ ගෝත්‍රික රජු සුමාලි සහ ඔහුගේ බිරිඳ කේතුමතී ගේ දියණියයි. දෙමාපියන් ගේ බලපෑම මත කෛකසි, පුලස්ති ඍශිවරයා ගේ වැඩිමහල පුත් වෛශ්‍රව ඍශිවරයා සමඟ විවාහ වෙයි. මෙහිදී වෛශ්‍රව ඍශි ගේ බිරිඳ ඉල්ලාවිඩා කුමරිය හා ඔහුගේ පුත් කුවේර අත්හැරීමට සිදුවේ. කෛකසි හා වෛශ්‍රව දාව රාවණ, කුම්භකර්ණ යන පුත්‍රයන් හා සුපර්ණකා නම් දියණිය උත්පත්තිය ලබයි.

පසු කාලයේදී රාවණා විසින් එවක ලංකාපුර රජු වූ කුවේර බලයෙන් පහ කර ලංකාපුර රජු ලෙස කිරුළු පැළදීම නිසා කළකිරීමට පත්වන වෛශ්‍රව ඍශිවරයා, කෛකසි හා ඇගේ දරුවන් අතහැර, තම පෙර බිරිඳ වූ ඉල්ලාවිඩා සමඟ නැවත එක්වන ලදී.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කෛකසි පිළිබඳ තොරතුරු, කෛකසි යනු කුමක්ද? කෛකසි යනු කුමක් දර්ශනය කරන්නේ?