මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරකොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුර (ඉංග්‍රීසි: St. Lucia's Cathedral), ශ්‍රී ලංකාවේ කොළඹ ප්‍රදේශයේ පිහිටි දෙව්මැදුරකි.
| ශාන්ත ලුසියා ආසන දෙව්මැදුර | |
|---|---|
Colombo Municipality තුල පිහිටීම | |
| මූලික තොරතුරු | |
| පිහිටීම | කොටහේන, කොළඹ, ශ්‍රී ලංකාව |
| භූගෝලීය ඛණ්ඩාංක | 06°56′53″N 79°51′52″E / 6.94806°N 79.86444°E |
| අනුබැඳියාව | රෝමානු කතෝලික |
| පුද කළ වර්ෂය | 1881 |
| තත්ත්වය | ක්‍රියාත්මකයි |
| ගෘහනිර්මාණ විස්තර | |
| ගෘහනිර්මාණ ශිල්පී(න්) | බිශොප් හිලරියන් සිල්ලනි ගරු. Stanislaus Tabarrani |
| ගෘහනිර්මාණ ශෛලිය | පුනරුද ගෘහ නිර්මාණ ශිල්පය සහ බැරොක් |
| ඉදිකිරීම ඇරඹුම | 1782 |
| සම්පූර්ණ කෙරුණේ | 1902 |
| සම්පූර්ණ විස්තර | |
| ප්‍රසාද මුඛයේ පිහිටුම | නැගෙනහිර |
| ධාරිතාව | 6000 |
| උස (උපරිම) | මීටර් 46 (අඩි 151) |
වර්තමානයේ කොලඹ පුරවරයේ දක්නට ලැබෙන විශාලතම දෙව්මැදුර මෙය වේ.1760 වර්ෂයේ මෙය ආරම්භ කරන විට පෝල්අතු සෙවිලි කරන ලද මඩුවකි. අද අපට දක්නට ලැබෙන ආකාරයෙන් වෙනස් වන්නට පටන්ගෙන ඇත්තේ 1937 වර්ෂයේ සිටය. පැරණි රෝම වාස්තු විද්‍යා ලක්ෂණ වලින් හෙබි මෙම පුජනිය භුමිය කතෝලික බැති මතුන්ගේ ආශීර්වාද භූමියයි. මෙම දෙවු මැදුරට අනුබද්ධිතව ඉදිකරන ලද කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයත්, බම්බලපිටියේ යහපත් එඩේරා කන්‍යාරාමයත් අද කොලඹ පිහිටි ප්‍රධාන පාසැල් දෙකක් බවට පත්ව ඇත.
ගෘහ නිර්මාණ ශිල්පය
කන්‍යාවක් සහ ප්‍රාණ පරිත්‍යාගික ශාන්ත ලුසීගේ නමින් නම් කර කැප කර ඇති මෙම ආසන දෙව්මැදුර ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම ආසන දෙව්මැදුර ලෙස සැලකේ. මුහුණත දැවැන්ත අයන කුලුනු මත රැඳෙන අතර ප්‍රතිමා හතකින් සරසා ඇත.
කොටහේනේ අප ස්වාමිදූ
1938 දී මැඩෝනා සහ ජේසු බිලිඳාගේ ප්‍රතිමාවක් දේවස්ථානයට ගෙනැවිත් ‘කොටහේන අප ස්වාමිදූ’ යනුවෙන් නම් කරන ලදී. මෙම ප්‍රතිමාව සෑම වසරකම මැයි මාසයේ දී පෙරහැරකින් කොටහේන වීදි පුරා ගෙන යනු ලැබේ.
ආශ්රිත
- කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලය
- යහපත් එඬේරාගේ කන්‍යාරාමය, බම්බලපිටිය
මූලාශ්‍ර
- "කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුර, මාර්ගෝපදේශ". සම්ප්‍රවේශය 2015-11-16.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුර පිළිබඳ තොරතුරු, කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුර යනු කුමක්ද? කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුර යනු කුමක් දර්ශනය කරන්නේ?