කුරුඳු වත්ත

කුරුඳු වත්ත යනු ශ්‍රී ලංකාවේ කොළඹ නගරයට අයත් නාගරික කොටසකි. එය කොළඹ නගර මධ්‍යයේ සිට කිලෝ මීටර 3 ක් පමණ අග්නිදිග දිශාවෙන් පිහිටයි. අතීතයේ මෙම ප්‍රදේශය තුල කුරුඳු වගාකර තිබීම හේතුවෙන් කුරුඳු වත්ත යන නාමය මීට ලැබී තිබේ. වර්ෂ 1789 වන විට මෙහි අක්කර 289 ක පමණ ප්‍රමාණයක කුරුඳු වගා කර තිබූ බව පැවසෙයි.

වර්ථමානයේ අග්‍රාමාත්‍ය කාර්යාලය, කොළඹ නගර ශාලාව, සහ බොහොමයක් විදෙස් තානාපති කාර්යාල හා මහ කොමසාරිස් කාර්යාල රැසක්ද මෙම ප්‍රදේශයේ පිහිටුවා තිබේ.

කොළඹ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවා තිබෙන්නේද කුරුඳු වත්ත තුල වෙයි.

සංචාරක ආකර්ෂණ

  • නිදහස් අනුස්මරණ ශාලාව - නිදහස් අනුස්මරණ ශාලාව ශ්‍රී ලංකාවේ ජාතික ස්මාරකයක් වේ. එය කුරුඳුවත්ත, කොළඹ නිදහස් චතුරශ්‍රයේ පිහිටා ඇත
  • කොළඹ ජාතික කෞතුකාගාරය - පැරණි නාමය අනුව යමින් තවමත් කට වහරේ කොළඹ කෞතුකාගාරය ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාරය, ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධානතම සහ විශාලතම කෞතුකාගාරය වෙයි.

ප්‍රදේශයේ පිහිටි පාසල්

විශ්වවිද්‍යාල

පින්තූර ගැලරිය


ආශ්‍රිත

  1. සංරක්ෂිත පිටපත, https://mohanjith.net/postal_codes/western/colombo/00700-cinnamon-gardens.html, ප්‍රතිෂ්ඨාපනය 2014-11-12 
  2. සංරක්ෂිත පිටපත, http://www.worldportsource.com/ports/LKA_Port_of_Colombo_44.php, ප්‍රතිෂ්ඨාපනය 2014-11-12 
  3. http://www.lankainfo.com/travelinformation/cinnamongarden.htm
  4. සංරක්ෂිත පිටපත, http://www.imagesofasia.com/html/srilanka/cinnamon-gardens.html, ප්‍රතිෂ්ඨාපනය 2014-11-12 
  5. http://wikimapia.org/1606260/Colombo-Meteorological-Observatory
  6. Buddhist Ladies' College 56th Founder's Day

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කුරුඳු වත්ත පිළිබඳ තොරතුරු, කුරුඳු වත්ත යනු කුමක්ද? කුරුඳු වත්ත යනු කුමක් දර්ශනය කරන්නේ?