කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය

කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය යනු (පැරණි නාමය කොළඹ වරාය නගරය) ශ්‍රී ලංකාවේ, කොළඹ ගාලු මුවදොර පිටියට ආසන්න මුහුදේ හෙක්ට්යාර 269 ක ප්‍රමාණයක් ගොඩකරමින් ඉදිකිරීමට අපේක්ෂිත නව වරාය නගරයකි. මුහුද ගොඩකරමින් වරාය නගරයක් ශ්‍රී ලංකාව තුල ඉදිකෙරෙන ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක් වේ.

කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය
Colombo International Financial City

கொழும்பு சர்வதேச நிதி நகரம்
ඉදිකිරීම්හී මුල් අවධිය (2015)
රටශ්‍රී ලංකාව
නගරයකොළඹ
සරිය
 • මුළු2.33 කිමී2 (0.90 සතරැස් සැත)
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+05:30)

කොළඹ දකුණු වරායේ ඉදිකිරීම් නිරික්ෂණයට පැමිණි අවස්ථාවක, මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ඇතිවූ අදහසකට අනූව මෙම නව වරාය නගරයේ මූලික සංකල්පය බිහිවූ බව කියැවෙයි. කෙසේනමුදු 1998 වසරේදී සිංගප්පූරුවේ CESMA විසින් මීට සමාන යමක් ඉදිරිපත් කොට තිබූ අතර 2004 වසරේදී එම සංකල්පය බස්නාහිර පළාත් මහා නගර සංවර්ධන සැළැස්ම යටතේ එම ස්ථානයේම කුඩා සහ ආරක්ෂිත මුහුද ගොඩකිරීමේ ව්‍යාපෘතියක් ලෙස අමාත්‍ය පාඨලී චම්පික මහතා විසින් ගෙන එන ලදී.චීන ආධාර යටතේ මෙය ඉදිවෙමින් පවතින අතර භූමියෙහි ගොඩකිරීම් කටයුතු දැනට අවසන්ව පවතී.වර්තමානයේ ගොඩනැගිලි ඉදිකිරීම් ආරම්භ කිරීමට යෝජනාවී ඇති අතර රුක් රෝපණ කටයුතු පර්යේෂණ මට්ටමේ පවතී.වර්ෂ 2024දී ප්‍රථම අදියර නිමකිරීමට අපේක්ෂා කෙරේ.

ඉදිකිරීමට නියමිත කලාපය

නව කොළඹ දකුණු වරායේ දක්ෂිණ මායිම සහ කොටුව ප්‍රදීපාගාරය අතර කලාපයේ මෙම නව වරාය නගරය ඉදිකිරීමට අපේක්ෂිත වේ. ගොඩකිරීමට අපේක්ෂිත මුළු භූමි ප්‍රමාණය හෙක්ට්යාර 269 කි

ඉදිකිරීම

ගාලු මුවදොරට ආසන්න මුහුදේ අක්කර 500කට වැඩි ප්‍රමාණයක් ගොඩකරමින් ඉදි කරන මෙම නව වරාය නගරයේ පලමු අදියරේ ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ ප්‍රධානත්වයෙන් 2014 සැප්තැම්බර් 17 වන දිනදී ආරම්භ කෙරුණි.

වරාය නගරයේ ව්‍යාපෘති සැලසුම චීන මහජන සමූහාණ්ඩුවේ සීමාසහිත චයිනා කොමියුනිකේෂන් ක්‍රන්ස්ට්‍රක්ෂන් සමාගම විසින් ඉදිරිපත් කොට තිබේ. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු චයිනා හාබර් ඉංජිනියරින් සමාගම විසින් සිදු කරයි. ව්‍යාපෘතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ක්‍රියාවට නංවනු ලබන අතර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ආයෝජනය වෙනුවෙන් වූ බදු සහන ලබාදීම සිදුකෙරේ. අදියර දෙකක් යටතේ කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු සිදුවෙයි.

පළමු අදියර

වරාය නගරයේ පළමු අදියර යටතේ දියකඩනය ඉදිකිරීම, ඉඩම් ගොඩකිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කිරීම හා සංවර්ධනය කළ හැකි ඉඩම්වලින් හෙක්ටයාර් 75ක ප්‍රමාණයක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සිදු කරනු ලැබේ. මේ සඳහා වූ ඇමරිකානු ඩොලර් මිලියන 1337ක ආයෝජනය චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම විසින් සිදු කරයි. පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු මාස 39 ක් තුල අවසන් කිරීමට නියමිතය.

දෙවන අදියර

දෙවන අදියර යටතේ ඉතිරි සංවර්ධනය කළ හැකි ඉඩම් හෙක්ටයාර් 95ක ප්‍රමාණයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අපේක්ෂාව වී තිබේ. මෙම සමස්ථ ව්‍යාපෘතිය වසර අටකින් නිමා කිරීම සැලසුම කොට ඇත.

භූමි පරිහරණය

කොළඹ වරාය නගරය, කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය බවට පත්වීමට පෙරාතුව අළුතින් ගොඩකරනු ලබන භූමියෙන් හෙක්ටයාර් 125ක ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජයටද, ඉතිරි හෙක්ටයාර් 108ක ප්‍රමාණය චීන ආයෝජකයාට හිමිවීමට නියමිතව තිබිණි. ඉන් හෙක්ටයාර් 88ක් වසර 99ක බදු පදනම මතද, ඉතිරි හෙක්ටයාර් 20 ක ප්‍රමාණය නිදහසේ භුක්ති විඳීම සඳහා ලබා දීමට නියමිත විය.

මූලාශ්‍ර

  1. "ෆෝමියුලා වන් ට්‍රැක් ටු බී බිල්ට් ඔන් ප්ලෑන්ඩ් 'නිව් පෝට් සිටි' කළම්බු". ද සන්ඩේ ලීඩර්.එල්කේ. සම්ප්‍රවේශය 2014-05-02.
  2. "ද මෙගාපොලිසේෂන් ඔෆ් කලම්බු:ඉස් අ ප්‍රොමිස් ඔන් පෝට් සිටි ඇචීවබල්?". අයිලන්ඩ්.
  3. විජේරත්න, යුධංජය. "දිස් ඉස් ද කලම්බු පෝට් සිටි?". www.icaruswept.com.
  4. පෝට් සිටි ටු ඇට්‍රෑක්ට් ඇඩො 13 බිලියන් ඉන්වෙස්ට්මන්ට් ෆ්‍රොම් 2018.
  5. "කොළඹ නව වරාය නගර නිර්මාණ කටයුතු ඇරඹේ". නිව්ස්.එල්කේ. සම්ප්‍රවේශය 2014-9-18. {{cite web}}: Check date values in: |accessdate= (help)
  6. "ශ්‍රී ලංකා චීන ජනපතිවරු කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය අරඹති". රිවිර. සම්ප්‍රවේශය 2014-9-18. {{cite web}}: Check date values in: |accessdate= (help)
  7. "කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙන් සුපිරි ප‍්‍රතිලාභ රැසක්". ලක්හඬ නිව්ස්. සම්ප්‍රවේශය 2014-9-18. {{cite web}}: Check date values in: |accessdate= (help)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය පිළිබඳ තොරතුරු, කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය යනු කුමක්ද? කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය යනු කුමක් දර්ශනය කරන්නේ?