ගම්පහ දුම්රිය ස්ථානය

ගම්පහ දුම්රිය ස්ථානය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ පිහිටි ගම්පහ නගරයේ ඇති දුම්රිය ස්ථානයකි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් පරිපාලනය වන මෙය, දුම්රිය ස්ථාන අංක 15 දරයි.

ගම්පහ දුම්රිය ස්ථානය
සාමාන්‍ය තොරතුරු
පිහිටි ස්ථානයගම්පහ
ශ්‍රී ලංකාව
භූගෝලීය ඛණ්ඩාංක07°05′36.8″N 79°59′37.3″E / 7.093556°N 79.993694°E / 7.093556; 79.993694
හිමිකාරීත්වයශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
දුම්රිය මාර්ග(ය)ප්‍රධාන දුම්රිය මාර්ගය
වේදිකා ගණන02
ඉතිහාසය
විද්‍යුතනයනැත
පිහිටි ස්ථානය
ගම්පහ දුම්රිය ස්ථානය
ශ්‍රී ලංකාව තුළ පිහිටීම

ස්ථානය

ගම්පහ දුම්රිය ස්ථානය ගම්පහ නගරයේ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය ට යාබදව පිහිටා ඇත. මුහුදු මට්ටමේ සිට උස මීටර් 10.97ක් ඉහලින් පිහිටා ඇති මෙය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට කිලෝමීටර් 15ක් හා කොළඹ කොටුව දුම්රිය ස්ථානයට කිලෝමීටර් 28ක් පමණ දුරින් පිහිටා තිබේ.

මෙම දුම්රිය ස්ථානයට වේදිකා තුනක් හා වෙදිකවන්ට මාරුවිම සදහා මාගී ගුවන් පාලමක් තිබේ.

ඉතිහාසය

1864 වර්ශයේදී, එවක බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් "හෙනරත්ගොඩ දුම්රිය ස්ථානය" යන නමින් තේ හා කෝපි මධ්‍යම කඳුකරයේ සිට කොළඹ ට ගෙන ඒම සඳහා දුම්රිය ස්ථානයක් තනන ලදී. 1926 දී මෙම දුම්රිය ස්ථානය රේල් පීලි දෙකේ මාර්ගයක් දමා ප්‍රධාන දුම්රිය මාර්ගය හා සම්බන්ධ කරන ලදී.

පසුව මුල් හෙනරත්ගොඩ දුම්රිය ස්ථානය අතහැර දමා "ගම්පහ දුම්රිය ස්ථානය" යනුවෙන් නම් කොට එය වත්මන පිහිටි ස්ථානයට ගෙන එන ලදී. තවමත් පැරණි හෙනරත්ගොඩ දුම්රිය ස්ථානය වත්මන් දුම්රිය ස්ථානයෙන් මීටර් 100ක් පමණ දුරින් දැකබලාගත හැකිය.​‍ වර්තමානයේ මෙම පැරණි හෙනරත්ගොඩ දුම්රිය ස්ථාන ගොඩනැගිල්ල ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගම්පහ ප්‍රාදේශීය කාර්යාලය ලෙස භාවිතා කෙරේ.

යාබදව පිහිටා ඇති දුම්රිය ස්ථාන

පෙර නැවතුම්පොළ   ශ්‍රී ලංකා ප්‍රධාන දුම්රිය මාර්ගය   පසු නැවතුම්පොළ
දරලුව   ශ්‍රී ලංකා ප්‍රධාන දුම්රිය මාර්ගය   යාගොඩ

මූලාශ්‍ර

  1. "Gampaha Railway Station". podimenike. සම්ප්‍රවේශය 28 March 2015.
  2. "Henarathgoda Old Railway Station". The Sunday Times (Sri Lanka). Wijeya Newspapers. 22 May 2016. සම්ප්‍රවේශය 3 September 2017.
  3. "Henarathgoda old railway station". Daily news. 5 June 2009. සම්ප්‍රවේශය 28 March 2015.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගම්පහ දුම්රිය ස්ථානය පිළිබඳ තොරතුරු, ගම්පහ දුම්රිය ස්ථානය යනු කුමක්ද? ගම්පහ දුම්රිය ස්ථානය යනු කුමක් දර්ශනය කරන්නේ?