ගල් පොත සෙල් ලිපිය

ශ්‍රී ලංකාවේ පුරාණ පොළොන්නරුව නගරයේ දළදා මළුවෙහි පිහිටි ගල් පොත ශිලා ලේඛනය මෙරට විශාලතම සෙල් ලිපිය සේ සැළකේ. එය නිශ්ශංක මල්ල රජු (1187-1196) විසින් කරවන ලද්දකි.මෙය පොළොන්නරු යුගයට අයත් වේ.

ශිලා ලිපිය දිගින් මීටර 8.2 ක් පමණ වන අතර මීටර 1.4 ක පමණ පළලකින් සමන්විත වේ. මීට අමතරව එය අඩි 2 ක පමණ ඝණකමකින්ද යුක්තය. පේලි 72 කින් සමන්විත වන එහි අක්ෂර 4300ක් පමණ වන බව ප්‍රකාශ වේ. සෙල්ලිපියේ ආරක්ෂාවට පියස්සක් තිබී ඇත. පසෙකින් කැටයම් කොට ඇති ඇතුන් දෙදෙනෙකු පිරිවරාගත් ස්ත්‍රී රූපයෙන් ගජ ලක්ෂ්මී දෙවඟන නිරූපණය කොට තිබේ.

අන්තර්ගතය

නිශ්ශංක මල්ල රජුගේ පරපුර, වීරක්‍රියා හා පිං කටයුතු අදිය පිළිබඳව මෙම ගල් පොත ලිපියේ විස්තර කොට තිබේ. මෙය නිර්මාණය කිරීමට යොදා ගත් විශාල ගල් කුට්ටිය, කිලෝ මීටර සිය ගණනක් දුරින් පිහිටි සෑගිරිය හෙවත් මිහින්තලේ සිට මෙහි රැගෙන ආවක් බැව් මෙම ලිපියේම සඳහන් කොට තිබේ. මීට අමතරව මෙහි වූ අකුරු සඳහා ලෝහමය දියරයක් පුරවා තිබූ බවටද සාධක වේ.

මූලාශ්‍ර

  1. ඩී.එම්.ඩී.ඉසෙඩ්, වික්‍රමසිංහ (1928). එපිග්‍රැෆියා සෙලනිකා (1 ed.). p. 98-123.
  2. "ගල් පොත". ලංකා ප්‍රදීප. 17 සැප්තැම්බර් 2018. සම්ප්‍රවේශය 18 දෙසැම්බර් 2021.
  3. "ගල් පොත". ඒන්ජල්ෆයර්. සම්ප්‍රවේශය 28 දෙසැම්බර් 2015.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගල් පොත සෙල් ලිපිය පිළිබඳ තොරතුරු, ගල් පොත සෙල් ලිපිය යනු කුමක්ද? ගල් පොත සෙල් ලිපිය යනු කුමක් දර්ශනය කරන්නේ?