ගස් ග්‍රිසම්

වර්ජල් අයිවන් "ගස්" ග්‍රිසම් (1926 අප්‍රේල් 3 - 1967 ජනවාරි 27) යනු එක්සත් ජනපද ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙක් සහ නාසා ආයතනයෙන් තෝරාගත් මර්කරි 7 ගගනගාමී කණ්ඩායමේ සාමාජිකයෙකි. ඔහු ජෙමිනි ව්‍යාපෘතියේ සහ ඇපලෝ වැඩසටහනේ අභ්‍යාවකාශගාමියෙක් විය. අභ්‍යාවකාශයට ගමන් ගත් දෙවැනි ඇමරිකානුවා මෙන්ම දෙවරක් අභ්‍යාවකාශයට ගමන් කිරීමට ලැබුණු දෙවැනි ඇමරිකානුවාද ඔහුය.

වර්ජල් "ගස්" ග්‍රිසම්
ග්‍රිසම්, 1964 දී
උපත
වර්ජල් අයිවන් ග්‍රිසම්

1926 අප්‍රේල් 3
මිචෙල්, ඉන්දියානා ප්‍රාන්තය, එක්සත් ජනපදය
මියගිය දිනය1967 ජනවාරි 27
කෙනඩි තුඩුව, ෆ්ලොරීඩාව, එක්සත් ජනපදය
සතපවන ලද තැනආර්ලින්ටන් ජාතික සුසානභූමිය, එක්සත් ජනපදය
ජාතිකත්වය එක්සත් ජනපද
රැකියාවපරීක්ෂණ ගුවන් නියමු සහ අභ්‍යවකාශගාමී
සම්මාන
  • Distinguished Flying Cross
  • Congressional Space Medal of Honor
  • NASA Distinguished Service Medal
Space career
නාසා අභ්‍යවකාශගාමී
නිලය ලුතිනන් කර්නල්,
එක්සත් ජනපද ගුවන් හමුදාව
අභ්‍යවකාශගත කාලය
පැය 5 යි මිනිත්තු 7 යි
තෝරාගැනීම1959 නාසා පළමුවැනි කණ්ඩායම
මෙහෙයුම්
  • මර්කරි-රෙඩ්ස්ටෝන් 4
  • ජෙමිනි 3
  • ඇපලෝ 1
මෙහෙයුම් ලාංචනය

ග්‍රිසම් දෙවන ලෝක යුද්ධයේ සහ කොරියානු යුද්ධයේ සටන් කළ සොල්දාදුවෙක් මෙන්ම යාන්ත්‍රික ඉංජිනේරුවෙක් සහ ගුවන් හමුදා පරීක්ෂන නියමුවෙක්ද වෙයි. දෙවන ලෝක යුධ සමයේ දී ග්‍රිසම් එක්සත් ජනපද හමුදාවේ ගුවන් බලකායට ආධුනික භටයෙක් ලෙස බැඳුනි. හමුදා සේවයෙන් ඉවත් වූ පසු ඔහු පර්ඩූ විශ්වවිද්‍යාලයට ඇතුල් වී 1950 දී යාන්ත්‍රික ඉංජිනේරු උපාධියක් ලබාගත්තේය. ඉන් පසු නැවත ගුවන් හමුදාවට බැඳුනු ඔහු කොරියානු යුද්ධයේදී යුධ මෙහෙයුම් සියයකට පමණ සහභාගී වී ඇත. නැවත එක්සත් ජනපදයට පැමිණි ග්‍රිසම් ට ටෙක්සාස් හී බ්‍රයන් ගුවන් හමුදා මූලස්ථානයේ පියාසැරි උපදේශක තනතුරක් ලැබුණි. ඉන් පසු ඔහු එක්සත් ජනපද ගුවන් හමුදාවේ තාක්ෂනික ආයතනයෙන් වසරක් තුළ ගගනයාන්ත්‍රික උපාධියක් ලබා ගත්තේය. කැලිෆෝනියාවේ එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා මූලස්ථානයෙන් පරීක්ෂණ ගුවන් නියමු පුහුණුවක් ලැබූ ඔහු ඔහියෝ හී රයිට්-පැටර්සන් ගුවන් හමුදා මූලස්ථානයේ පරීක්ෂන නියමුවෙක් ලෙස ක්‍රියා කළේය.

මර්කරි 7 ගගනගාමින් අතරට තෝරාගන්නා ලද ග්‍රිසම්, ඇමරිකාව විසින් 1961 ජුලි 21 දා දියත් කරන ලද දෙවන උප-කක්ෂීය අභ්‍යවකාශ පියාසැරිය වූ මර්කරි-රෙඩ්ස්ටෝන් 4 මෙහෙයුමේ නියමුවා විය. පියාසැරියෙන් අනතුරුව පොළොවට පැමිනීමේදී ඔහු සිටි කැප්සූලයේ දොර නියමිත වේලාවට පෙර පුපුරා විවර විය. අත්ලාන්තික් සාගරයට පතිත වූ කැප්සූලයට ජලය පිරුණු නමුදු ගළවාගැනීමේ හෙලිකොප්ටර් මගින් ඔහුව බේරා ගන්නා ලදී. ඔහුගේ ඊලඟ මෙහෙයුම වූයේ ජෙමිනි ව්‍යාපෘතිය යටතේ වූ ජෙමිනි 3 මෙහෙයුමයි. පෘථිවිය වටා කක්ෂයක තුන් වරක් ගමන් කළ ජෙමිනි 3, 1965 මාර්තු 23 සාර්ථකව නැවත පොළොවට පැමිණෙන ලදි. AS-204 නොහොත් ඇපලෝ 1 මෙහෙයුමේ අණ දෙන නිළධාරියා ලෙස පත්වූ ග්‍රිසම්, 1967 ජනවාරි 28 වැනිදා ෆ්ලොරීඩාවේ කෙනඩි තුඩුවේ දී පූර්ව-පියාසැරි පරීක්ෂනයක් අතරදී සිදුවූ අනතුරකින් ඔහුගේ අනෙක් සගයන් දෙදෙනාත් (එඩ්වර්ඩ් වයිට් සහ රොජර් චැෆී) සමග මරණයට පත් විය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගස් ග්‍රිසම් පිළිබඳ තොරතුරු, ගස් ග්‍රිසම් යනු කුමක්ද? ගස් ග්‍රිසම් යනු කුමක් දර්ශනය කරන්නේ?