ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ, යටිනුවර වීදිය හා කොළඹ වීදිය යන වීදි වලට සම්බන්ධකර ඉදිකොට ඇති ගිරාගම වලව්ව මහනුවර ඇති පැරණි ගොඩනැගිල්ලක් සේ සැළකේ. වර්ථමානයේ මෙම වලව්ව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ සංස්‌කෘතික ත්‍රිකෝණ වැඩ පිළිවෙල තුල, මහනුවර යුනෙස්‌කෝ ලෝක උරුම නගරයේ සංරක්‌ෂිත ගොඩනැඟිල්ලක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ.
| ගිරාගම වලව්ව | |
|---|---|
වලව්ව ප්‍රතිසංස්කරණයෙන් අනතුරුව | |
| සාමාන්‍ය තොරතුරු | |
| පිහිටීම | මහනුවර, ශ්‍රී ලංකාව |
ඉතිහාසය
1814 වසරේ ඉදිකරනු ලැබූ ගිරාගම වලව්ව, වර්ෂ 1882 - 1897 අතර සමය තුල දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුර හෙබවූ කුඩා මුදියන්සේ ගිරාගම නිලමේතුමන්ගේ නිලනිවස ලෙස හැඳින්වේ. කෙසේ නමුදු පසුකාලීනව මෙම ගිරාගම වලව්ව ව්‍යාපාරයෙකුට විකුණා දමා තිබෙන අතර එම හේතුවෙන් 1915 වසරේ තැනූ නගර සැලැස්මෙහි මෙම වලව්ව එයි.ඒ.එම් හබිබු ලෙබ්බේ ලෙස නම් කර කොට තිබූ බව සඳහන්ය.
නවීකරණය
බෙහෝ කාලයක් මුළුල්ලේ අබලන් තත්වයේ පැවති මෙම ගොඩනැගිල්ල යලි ප්‍රතිසංස්කරණය කිරීමට මහනුවර මහනගර සභාව, මධ්‍යම සංස්කෘතික අරමුදල හා නාගරික සංවර්ධන අධිකාරිය එක්ව පියවර ගන්නා ලදී.
මේවාද බලන්න
මූලාශ්‍ර
- "ගිරාගම වලව්ව". මධ්‍යම පළාත් සභා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 16 දෙසැම්බර් 2015.
- "වෙළෙඳපොළක් වූ ගිරාගම වලව්ව". දිවයින. 17 ජුනි 2015. සම්ප්‍රවේශය 16 දෙසැම්බර් 2015.
- "මහනුවර ලෝක උරුම ගොඩනැගිලි සංරකෂණය". ද කැන්ඩි නිව්ස්. 9 නොවැම්බර් 2015. සම්ප්‍රවේශය 16 දෙසැම්බර් 2015.
- "ෆේස්ලිෆ්ට් ෆෝර් ගිරාගම වලව්ව ඇන්ඩ් ඕල්ඩ් කැන්ඩි බිල්ඩිංග්ස්". සන්ඩේ ටයිම්ස්. සම්ප්‍රවේශය 16 දෙසැම්බර් 2015.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගිරාගම වලව්ව පිළිබඳ තොරතුරු, ගිරාගම වලව්ව යනු කුමක්ද? ගිරාගම වලව්ව යනු කුමක් දර්ශනය කරන්නේ?