ගුරුත්වාකර්ෂණ තරංග

මහා විද්‍යාඥ ඇල්බට්‍ අයින්ස්ටයින් 1916 දී ගුරුත්වාකර්ෂණ තරංගයන්හි පැවැත්ම පිලිබඳව සෛද්ධ‍ාන්තිකව කරුණු ඉදිරිපත් කලේය. නමුත් ඒවා එකල හදුනාගැනීමට නොහැකි විය.

දශක හයකට පසු ගුරුත්වාකර්ෂණ තරංගවල පැවැත්ම තහවුරු කල පළමු 'වක්‍ර සාක්ෂිය' 1974 දී රසල් ඇලන් හල්ස් සහ ජෝසප් හූටන් ටේලර් ජූනියර් සොයාගත්හ. 'හල්ස්-ටේලර් බයිනරි පල්සරයෙහි' කක්ෂීය ක්ෂය වීම අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදයෙන් පුරෝකථනය කරන ලද ගුරුත්වාකර්ෂණ විකිරණ නිසා අහිමිවූ ශක්තියට සමාන විය. 1993 දී මෙම සොයා ගැනීම සඳහා ඔවුන් හට භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය පිරිනැමුනි.

තවත් දශක හතරකට පසු ගුරුත්වාකර්ෂණ තරංගවල පැවැත්ම තහවුරු කල පළමු 'සෘජු සාක්ෂිය' 2015 සැප්තැම්බර් මාසයේදී සිදු කරන ලද පරීක්ෂණයක් මගින් සනාථ විය. කළු කුහර දෙකක් ඒකාබද්ධ වීමෙන් ජනනය වන සංඥාවක් ලුසියානාවේ ලිවිංස්ටන් සහ වොෂින්ටනයේ හැන්ෆර්ඩ් හි ස්ථානගතකොට ඇති ලිගෝ ගුරුත්වාකර්ෂණ තරංග අනාවරක මගින් ලබා ගන්නා ලදී. ගුරුත්වාකර්ෂණ තරංග සෘජුව අනාවරණය කිරීම වෙනුවෙන් 2017 භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය එම පරීක්ෂණයක සිදුකල රේනර් වයිස්, කිප් තෝර්න් සහ බැරී බැරිෂ් වෙත පිරිනැමුනි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගුරුත්වාකර්ෂණ තරංග පිළිබඳ තොරතුරු, ගුරුත්වාකර්ෂණ තරංග යනු කුමක්ද? ගුරුත්වාකර්ෂණ තරංග යනු කුමක් දර්ශනය කරන්නේ?