2006 වර්ෂයේදී දෙමළ කොටි ත්‍රස්ථවාදීන් පිරිසක්, ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල ගම්මානයේදී සිංහල සිවිල් වැසියන් 6 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කල අතර, එම ප්‍රහාරය ගෝමරන්කඩවල සමූලඝාතනය ලෙස හැඳින්වේ.
| ගෝමරන්කඩවල සමූලඝාතනය Gomarankadawala massacre | |
|---|---|
| ස්ථානය | ගෝමරන්කඩවල |
| දිනය | 2006 අප්‍රියෙල් 23 (UTC+5:30) |
| ප්‍රහාර මාදිලිය | වෙඩි තැබීම් |
| ආයුධය(න්) | තුවක්කු |
| මරණ | 6 |
| සැකකෙරෙන අපරාධකරුවා | දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) |
සිදුවීම
2006 අප්‍රියෙල් 23 වන දින, කල්‍යාණපුර, ගෝමරන්කඩවල කුඹුරක එරුණු ට්‍රැක්ටරයක්, සකසා ගනිමින් සිටි සිංහල සිවිල් වැසියන් 6 දෙනෙකු වෙතට කඩාවැදුණු දෙමළ කොටි ත්‍රස්ථවාදීන් පිරිසක්, ඔවුන් වෙත වෙඩි ප්‍රහාර එල්ල කර ඝාතනය කොට පලා යන ලදී.
මරණයට පත්වූවන්
මෙම ප්‍රහාරයෙන් පාසල් සිසුන් 4 දෙනෙකු ඇතුළුව, සිවිල් වැසියන් 6 දෙනෙකුට සිය ජීවිත අහිමි විය.
මිය ගිය පිරිස,
- එම්. ඩී. චමින්ද ප්‍රසන්න බණ්ඩාර (වයස 27, ග්‍රාමාරක්ෂකයෙක්)
- ඒ. අනුර ශාන්ත අබේසේන (වයස 19 , පාසල් සිසුවෙක්)
- ආර්. එරන්ද සඳරුවන් රූපසේන (වයස 15 , පාසල් සිසුවෙක් )
- ඩී. ලලිත් බණ්ඩාර දිසානායක (වයස 15 , පාසල් සිසුවෙක්)
- අජිත් කුමාර ආරියවංශ (වයස 19 , පාසල් සිසුවෙක්)
- ඩී. වසන්ත කුමාර ( වයස 24 , ගොවියෙක්)
මේවාද බලන්න
- දෙමළ ඊලාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් සිවිල් වැසියන්ට එල්ල කල ප්‍රහාර ලයිස්තුව
මූලාශ්‍ර
- Gunananda, A.T.M. "Gomarankadawala: “We need more security say villagers“ ", The Sunday Times, April 30, 2006.
වැඩිදුර කියවීම්
- "Kalyanapura, Gomarankadawala Massacre on 23 April 2006" සංරක්ෂණය කළ පිටපත 14 මාර්තු 2007 at the Wayback Machine
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගෝමරන්කඩවල සමූලඝාතනය පිළිබඳ තොරතුරු, ගෝමරන්කඩවල සමූලඝාතනය යනු කුමක්ද? ගෝමරන්කඩවල සමූලඝාතනය යනු කුමක් දර්ශනය කරන්නේ?