චාරුමතී යනු උපබිසවකට දාව උපන් ඉන්දියානු අධිරාජ අශෝකගේ දියණියකි. එසේම ඇය අසන්ධිමිත්‍රා අධිරාජිනියගේ හදාගත් දියණිය ද වූවා ය. ඇය විසින් චාරුමතීහට හෙදකම් උගන්වන ලදී. ඇය කත්මන්ඩුහි නේපාල කුමරකු වූ දේවපාල ක්ෂත්‍රීය සමග විවාහ වූවා ය. නේපාලයේ පැරණිතම බෞද්ධ විහාරයන්ගෙන් එකක් වන චාබාහිල් ආශ්‍රමය (චාරුමතී විහාරය ලෙස හැඳින්වේ) ගොඩනංවන ලද්දේ ඇය විසින් යැයි සැලකේ. සිය පියාගේ අවසන් කාලයේ ඇය විසින් සිය පියාව රැකබලාගන්නට ඇතැයි සැලකෙන අතර, උපගුප්ත සමග බෞද්ධ වන්දනා ගමන්වල දී ඔහුට සහාය වන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඇය සහ අශෝක අධිරාජයා නේපාලය නැරඹීමට පැමිණි බවට ලිඛිත සාක්ෂි හමුවුවත්, 2003 තෙක්ම ඒ බවට කිසිදු පුරාවිද්‍යාත්මක සාක්ෂියක් හමුනොවිණි. 2003දී ධන්දෝ චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර දී, පුරාවිද්‍යාඥයනට ඇගේ නාමය කැටයම් කළ ගඩොල් කැබැල්ලක් හමු විය. එහි ඉහළ මුහුණතේ බ්‍රාහ්මී අක්ෂරවලින් චා රු ව ති යන්නත්, භූජිමොල් අක්ෂරවලින් චා රු ව ති ධන්දේ / හේ තු ප්‍ර භා යන්නත් සඳහන් වේ. මෙම ගඩොල 35.5 cm x 23 cm x 7 cm යන මිනුම්වලින් සහ 8.6 kg ක බරකින් යුතු ය.
| චාරුමතී | |
|---|---|
චාරුමතී විහාර (චාබාහිල්) ස්තූපය | |
| වල්ලභයා | දේවපාල |
| පියා | අශෝක |
ආශ්‍රේයයන්
- The book, Dhanavajra Vajracharya, Licchavikalin Abhilekha, Kathmandu : Nepal Asiali Adyayan Sansthan, 2030 B.S. p-392
- Thingsasian
- Kantipur[permanent dead link]
මේවාත් බලන්න
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, චාරුමතී පිළිබඳ තොරතුරු, චාරුමතී යනු කුමක්ද? චාරුමතී යනු කුමක් දර්ශනය කරන්නේ?