චින් ෂි හුවාං (චීන: 秦始皇; සාහිත්‍යමය: 'චින් හි පළමු අධිරාජයා'; ක්‍රි.පූ. 259 පෙබරවාරි 18 – ක්‍රි.පූ. 210 සැප්තැම්බර් 10) යනු චින් රාජවංශයේ ආදිකර්තෘ මෙන්ම එක්ස්ත චීනයේ පළමු අධිරාජයායි. ඔහු උපත ලැබූයේ යිං චෙං (嬴政) හෝ චාඕ චෙං (趙政) යන නාමයෙන් චින් රාජ්‍යයේ කුමරකු ලෙසිනි. දහතුන්වන වියේ දී චින්හි චෙං රජ (秦王政) ලෙස රජ වූ මොහු 38වන වියේ දී, එනම් ක්‍රි.පූ. 221දී සියලු අන්‍යෝන්‍ය සතුරු රාජ්‍ය සියල්ල යටත් කොට සමස්ත චීනයම එක්සත් කොට චීනයේ පළමු අධිරාජයා බවට පත් විය. පෙර ෂෑං සහ චෞ පාලකයන් භාවිතා කළ "රජ" පදවි නාමය භාවිතා කරනු වෙනුවට ඔහු, ක්‍රි.පූ. 220 සිට 210 දක්වා චින් රාජවංශයේ පළමු අධිරාජයා (始皇帝) ලෙස රාජ්‍ය පාලනය ගෙනගියේ ය. ඔහු විසින් නිර්මාණය කළ "අධිරාජයා" (皇帝, ) යන පදවි නාමයේ "පළමු" යන්න සඳහන් කිරීමෙන් එය ඔහුගේ නිමැවුමක් බව දක්වයි. මෙය ඉදිරි සහස්‍රක දෙකක කාලය තුළ චීන පාලකයන් විසින් භාවිතයට ගෙන තිබේ.
| චින් ෂි හුවාං 秦始皇 | |||||
|---|---|---|---|---|---|
| චින් හි රජ | |||||
| රාජ්‍ය සමය | ක්‍රි.පූ. 247 මැයි 7 – ක්‍රි.පූ. 220 | ||||
| පූර්වප්‍රාප්තිකයා | චුවාංෂියෑං රජු | ||||
| චීනයේ අධිරාජයා | |||||
| රාජ්‍ය සමය | ක්‍රි.පූ. 220 – ක්‍රි.පූ. 210 සැප්තැම්බර් 10 | ||||
| අනුප්‍රාප්තිකයා | චින් එර් ෂි | ||||
| උපත | ක්‍රි.පූ. 259 පෙබරවාරි 18 | ||||
| මරණය | ක්‍රි.පූ. 210 සැප්තැම්බර් 10 (49 වියැති) | ||||
| දරුවන් | කිරුළහිමි ෆුසු කුමරු චින් එර් ෂි ගඕ කුමරු ජියාංලූ කුමරු | ||||
| |||||
| වංශය | චින් රාජවංශය | ||||
| පියා | චුවාංෂියෑං රජු | ||||
| මව | චාඕ වැන්දඹු රැජින | ||||
| චින් ෂි හුවාං |
|---|
ඔහුගේ රාජ්‍ය සමයේ සෙන්පතීන් විසින් චීන රාජ්‍යය විශාල ලෙස ව්‍යාප්ත කරන ලදී: චූ ප්‍රදේශයට දකුණින් සිදුකළ ආක්‍රමණ මගින් ස්ථිර ලෙසම හුනාන් සහ ගුවාංදොංවරුන්ගේ යුඒ භූමි චීන සංස්කෘතික කක්ෂයට ඇතුළත් විය; මධ්‍ය ආසියාවේ ආක්‍රමණ මගින් සංචාරක ෂියොංනුවරුන්ගේ ඕර්ඩොස් ලූපය යටත් කරගැනිණි. නමුත් මෙය ක්‍රමිකව මෝඩු චන්යු යටතේ රාජ්‍ය සන්ධානයකට හේතු විය. පැරණි චීන ජනපදවල විවිධාකාර සම්ප්‍රදායයන් සම්මතකරණය සඳහා ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට චින් ෂි හුවාංට ඔහුගේ අමාත්‍යවරයකු වූ ලි සි උපකාර විය. සම්ප්‍රදායිකව ඔහු විසින් බොහෝ පොත් තහනම් සහ ගිනිබත් කොට විද්වතුනට දඬුවම් පැමිණවූයේ යැයි පැවසේ. ඔහුගේ මහජන ව්‍යාපෘති අතරට විවිධාකාර ජනපද ප්‍රාකාර වෙනුවට තනි චීන මහා ප්‍රාකාරයක් ඉදිකිරීම සහ දැවැන්ත ජාතික මාර්ග පද්ධතියක් සැකසීම අයත් වේ. එසේම ඔහු විසින් ඉදිකළ නගරයක් තරම් විශාල සොහොන්ගැබේ ආරක්ෂාවට ජීව ප්‍රමාණයේ ටෙරාකොටා හමුදාවක් ද තනවා තිබේ. ක්‍රි.පූ. 210දී සිය මරණය තෙක්ම රාජ්‍ය පාලනය කළ ඔහු අමරණීයත්වයේ පානයක් සෙවීමට නිරර්ථක වෑයමක යෙදී තිබේ.
මේවාත් බලන්න
- ග්‍රන්ථ ගිනිතැබීම සහ විද්වතුන් වැළලීම
- යිං (චීන පෙළපත් නාමය)
- යැන්හි චින් වුයැං
- චින් (පෙළපත් නම)
- ජින් (කොරියානු නම)
- හටා වංශය
- හේ ෂි බි
- මෙං ජියෑං ආර්යාව
ආශ්‍රේයයන්
- Wood, Frances. (2008). China's First Emperor and His Terracotta Warriors, pp. 2–33. Macmillan Publishing, 2008. ISBN 0-312-38112-3.
- Duiker, William J. & al. World History: Volume I: To 1800, 5th ed., p. 78. Thomson Higher Education Publishing, 2006. ISBN 0-495-05053-9.
- Ren Changhong & al. Rise and Fall of the Qin Dynasty. Asiapac Books PTE Ltd., 2000. ISBN 981-229-172-5.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, චින් ෂි හුවාං පිළිබඳ තොරතුරු, චින් ෂි හුවාං යනු කුමක්ද? චින් ෂි හුවාං යනු කුමක් දර්ශනය කරන්නේ?