ජනක කුඹුකගේ

ජනක කුඹුකගේ, යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි. ප්‍රධාන වශයෙන්ම රූපවාහිනියේ නියැලී සිටින බහුවිධ රංගන ශිල්පියෙකු වන කුඹුකගේ "සරෝජා", "දරුවනේ" සහ "උදුම්බරා" චිත්‍රපට චරිත සඳහා කැපී පෙනේ.

ජනක කුඹුකගේ
Janaka Kumbukage
උපත
වාද්දුව, ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
රැකියාවනළුවා, නාට්‍යකරුවා, අධ්‍යක්ෂක
සක්‍රීය වසර1984–වර්තමාන
සම්මානජනාධිපති හොඳම නළුවා

පෞද්ගලික ජීවිතය

ඔහුට එක් බාල සහෝදරයෙක් සිටී. ඔහුගේ පියා සහ මව විශ්‍රාමික ගුරුවරුන් වේ. දෙමාපිය මාරුවීම් නිසා පාසල් පහකට වැඩි ගණනකින් ඔහු ඉගෙන ගත්තේය. නාට්‍ය කෙරෙහි ඇති උනන්දුව වැඩි වූ වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයෙන් ඔහු ඉගෙනුම ලැබීය. ඔහු උසස් පෙළ අධ්‍යාපනය නිම කළේ වාණිජ විෂය ධාරාවෙන්. නාට්‍ය කලාවට පිවිසීමට පෙර ඔහු මරදාන කාර්මික විද්‍යාලයට ඇතුළත් වී වසර හතරක් ව්‍යාපාර අධ්‍යයනය හැදෑරුවා. නාට්‍යවලට සම්බන්ධ වෙලා කිරි මණ්ඩලයෙත් වැඩ කළා.

1994 වසරේ ඔහු අනුෂා සමඟ විවාහ වූ අතර මෙම යුවළට එක් පුතෙක් සිටී.

වෘත්තීය ජීවිතය

1984 දී, කුඹුකගේ ගාමිණී හත්තොටුවේගමගේ නාට්‍ය වැඩමුළුවල මගපෙන්වීම යටතේ සිය නාට්‍ය ජීවිතය ආරම්භ කළ අතර පසුව ඔහුගේ වීදි නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකු විය. ඔහු වීදි නාට්‍යවල සිටියදී ධර්මසිරි බණ්ඩාරනායක, සෝමලතා සුබසිංහ, අශෝක හඳගම සහ ජර්මානු නාට්‍ය රචක ක්ලවුස් කූසෙම්බර්ග් සමඟ වේදිකා නාට්‍ය රැසක ද කටයුතු කළේය. 2000 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ බීහම බුහුමි නාට්‍ය වෙනුවෙන් හොඳම වේදිකා නළුවාට හිමි සම්මානය හිමි වුණා. ඔහුගේ මංගල රූපවාහිනී රංගනය විමලරන්ත අදිකාරි විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘‘සිව රහස පුරා’’ හරහා සිදු විය.

2009 දී ඔහු සිය මංගල වේදිකා නාට්‍යය වන සුළඟ මත කතා කරයි අධ්‍යක්ෂණය කළේය. එය ජූලි 25 සහ 26 දෙදින කොළඹ ලුම්බිණි රඟහලේදී වේදිකාගත විය. කුඹුකගේ සිය සිනමා ජීවිතය ආරම්භ කළේ 1996 දී බූඩී කීර්තිසේන විසින් අධ්‍යක්ෂණය කරන ලද සිහින දේශයෙන් චිත්‍රපටියෙනි.

කැපී පෙනෙන රංග කෘති

  • පාදඩ අසපුව
  • හෙල් ටැඹ
  • සුවිශාලපුර'
  • සයනයේ සිහිනය
  • මම කැමතිම චොකලට් – මෙයා ආස බිස්කට්'
  • ආශාවේ විදි රිය
  • කෑම ලෑස්තියි
  • ඒකා-අදිපති
  • මමයි ආණ්ඩුව
  • මකරඅක්ශය
  • ධවල භීශන
  • ආදරනීය සංවාදයක්
  • හඳ එලියට වෙඩි තියන්න
  • පුත්‍ර සමාගම
  • නෝනාවරු සමග මහත්වරු
  • ජන මිතුරා
  • කොළඹ පාර
  • බැංකු වීරයා
  • ජයසිරිට පිස්සු
  • සුදර්ශී
  • දෙබිඩි බ්‍රෝ

කැපී පෙනෙන රූපවාහිනී වැඩ

චිත්‍රපටකරණය

වසර චිත්‍රපටය භූමිකාව Ref.
1996 සිහින දේශයෙන්
1997 බව කර්ම
1999 මන්දාකිනි
2000 සරෝජා වරුණිගේ තාත්තා
2002 පුංචි සුරංගනාවි සුරේන්
2003 පුර සක්මන
2008 පිටසක්වල කුමාරයයි පංචෝ හතයි පිටසක්වල
2012 දරුවනේ සමරසේකර
2018 උදුම්බරා ආනන්දගේ මිතුරෙකි
2019 ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර් ISIS නායකයා
TBD හොරා අන්කල්
TBD තානාපතිලගේ ගෙදර

යොමු කිරීම්

  1. "Janaka Kumbukage bio". Rate your music. සම්ප්‍රවේශය September 2, 2019.
  2. "Sri Lankan Actors – Janaka Kumbukge". National Film Corporation Of Sri Lanka. සම්ප්‍රවේශය September 2, 2019.
  3. "Chat With Janaka Kumbukage". Daily News. සම්ප්‍රවේශය September 2, 2019.
  4. "Act of the wise". Daily News. සම්ප්‍රවේශය September 2, 2019.
  5. "Face2Face with JANAKA KUMBUKAGE". Info Lanka. සම්ප්‍රවේශය September 2, 2019.
  6. "Janaka blows winds of courage". Sunday Times. සම්ප්‍රවේශය September 2, 2019.
  7. "Sulanga Mata Katha Karai goes to Australia". Daily News. සම්ප්‍රවේශය September 2, 2019.
  8. "Janaka Kumbukge – ජනක කුඹුකගේ". Sinhala Cinema Database. සම්ප්‍රවේශය September 2, 2019.
  9. "Janaka Kumbukage filmography". IMDb. සම්ප්‍රවේශය April 25, 2019.
  10. "A drama for children". Sunday Observer. සම්ප්‍රවේශය September 2, 2019.
  11. "Ashawe Vidi Riya". Rangahala. සම්ප්‍රවේශය September 2, 2019.
  12. "Kema Lasthi". Rangahala. සම්ප්‍රවේශය September 2, 2019.
  13. "Kaema Lasthie – Theatre, Comedy". Time Out. සම්ප්‍රවේශය September 2, 2019.
  14. "'THE DRAGON' goes to India". The Nation. සම්ප්‍රවේශය September 2, 2019.
  15. "'Mamai Aanduwa' in two cities". Sunday Times. සම්ප්‍රවේශය September 2, 2019.
  16. "A Loving Dialogue at Lumbini". The Nation. සම්ප්‍රවේශය September 2, 2019.
  17. "Handa Eliyata Wedi Thiyanna stops short of firing". Daily Mirror. සම්ප්‍රවේශය September 2, 2019.
  18. "Nonawaru samaga mahathwaru". Time Out. සම්ප්‍රවේශය September 2, 2019.
  19. "Life is short, make the best use of it – Janaka Kumbukage". Hiru FM. සම්ප්‍රවේශය September 2, 2019.
  20. "Banku Weeraya in aid of Mahanama OBU". Daily News. සම්ප්‍රවේශය September 2, 2019.
  21. "A play on madness". Sunday Times. සම්ප්‍රවේශය September 2, 2019.
  22. "New drama coming". Ada. සම්ප්‍රවේශය September 2, 2019.
  23. "Debidi Bro by Sudantha". Silumina. සම්ප්‍රවේශය September 2, 2019.
  24. "Sihina Deshayen – සිහින දේශයෙන්". Sinhala Cinema Database. සම්ප්‍රවේශය September 2, 2019.
  25. "Dharmasiri Bandaranayake: From Stage to Screen (PART II)". Daily News. සම්ප්‍රවේශය June 29, 2016.
  26. "Mandakini – මන්දාකිනි". Sinhala Cinema Database. සම්ප්‍රවේශය September 2, 2019.
  27. "'Saroja': tale of two small girls". Sunday Times. සම්ප්‍රවේශය 21 October 2018.
  28. "'Little Angel' – will capture your heart". Sunday Observer. සම්ප්‍රවේශය September 2, 2019.
  29. "එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට". Sarasaviya. සම්ප්‍රවේශය March 11, 2017.
  30. "Extraterrestrial experience Aliens invade the wide screen from July 24". Daily News. සම්ප්‍රවේශය March 11, 2017.
  31. "Daruwane". National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය February 24, 2017.
  32. "Will Ananda's dream comes true through Udumbara?". Sarasaviya. සම්ප්‍රවේශය October 21, 2018.
  33. "The presidential stage where four people are competing". Sarasaviya. සම්ප්‍රවේශය 10 August 2019.
  34. "Hora Uncle soon on the wide screen". Daily News. සම්ප්‍රවේශය April 3, 2018.
  35. "Plot of Thanapathilage Gedara". Sarasaviya. සම්ප්‍රවේශය 29 October 2019.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජනක කුඹුකගේ පිළිබඳ තොරතුරු, ජනක කුඹුකගේ යනු කුමක්ද? ජනක කුඹුකගේ යනු කුමක් දර්ශනය කරන්නේ?