ජනාධිපති ලේකම් කාර්යාලය

ජනාධිපති ලේකම් කාර්යාලය (ඉංග්‍රීසි උච්චාරණය: /The Presidential Secretariat/) යනු ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ කාර්යාලය යි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති යුතුකම්, වගකීම් සහ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා පරිපාලනමය සහ ආයතනික රාමුව එය සපයයි. ජනාධිපති ලේකම් කාර්යාලය කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පිහිටා ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධානියා ජනාධිපති ලේකම්වරයා (ජනාධිපති ලේකම් ලෙස ද හැඳින්වේ), ඔහු නිල වශයෙන් ජ්‍යෙෂ්ඨතම සිවිල් සේවකයා සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ප්‍රධානියා වේ. වත්මන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වේ. මෙම තනතුර ලංකාවේ ආණ්ඩුකාරවරුන්ගේ ලේකම් තනතුරෙන් සහ ඉන් පසුව ලංකාවේ ආණ්ඩුකාරවරයාගේ ලේකම් තනතුරෙන් එහි මූලයන් ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය
ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ල
Agency overview
Formed1978
Jurisdictionශ්‍රී ලංකා රජය
Headquartersපැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, කොළඹ
Agency executive
  • ඊ.එම්.එස්.බී. ඒකනායක, ජනාධිපති ලේකම්
වෙබ් අඩවියනිල වෙබ් අඩවිය

රාජකාරි

ජනාධිපති ලේකම් කාර්යාලයය සැළකිල්ලක් දැක්විය යුත්තේ රාජ්‍ය පාලනයෙහි පහත පාර්ශව කෙරෙහිය:-

  • සියළු අංශයන්හි රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම අරභයා සම්බන්ධීකරණ හා සමාලෝචන කටයුතු;
  • සුවිශේෂිත ව්‍යාපෘති හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රගතිය අධීක්‍ෂනය කිරීම;
  • ප්‍රත්‍යක්ෂ ලෙස දැකිය හැකි මහජන අභිලාෂයන් හා දුක්ගැනිවිලි පිළිබඳ කටයුතු කිරීම, සහ
  • ජාතියෙහි විදේශ සම්බන්ධතා පිළිබඳ විමසිල්ලෙන් පසුවීම.

අංශ

ජනාධිපති කාර්යාලයය පහත දැක්වෙන අංශ වලින් සමන්විත වේ:

  • ලේකම් කාර්‍යාංශය (SB)
  • කාර්ය මණ්ඩල ප්‍රධානී අංශය
  • ආයතන හා මෙහෙයුම් අංශය
  • ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සහ ව්‍යවස්ථාපිත කටයුතු අංශය (CA)
  • පුරවැසි සේවා අංශය (CSD)
  • ප‍්‍රතිපත්ති සම්බන්ධීකරණ හා මෙභෙයුම් අංශය (PCMD)
  • මූල්‍ය හා ගිණුම් අංශය
  • ජනාධිපති අරමුදල (PF)
  • පෞද්ගලික ලේකම් අංශය
  • ජනාධිපති මාධ්‍ය අංශය (PMD)

ව්‍යවස්ථාපිත ආයතන

පහත සඳහන් ආයතනයන් ජනාධිපති ලේකම්ගේ විෂයපාත්‍රයට හසුවෙයි;

  • රාජ්‍ය සේවා කොමිසම
  • අධිකරණ සේවා කොමිසම
  • පරිපාලනය පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්
  • උපරිමාධිකරණ සංකීර්ණය සඳහා කළමනාකාරිත්ව මණ්ඩලය
  • න්‍යාය පත්‍රයෙහි සඳහන් කැබිනට් සන්දේශ හා කැබිනට් තීරණ
  • අල්ලස්/දූෂණ පිළිබඳ විමර්ශන කොමිසම
  • වත්කම් හා හිමිකම් ප්‍රකාශයට පත් කිරීම

ජනාධිපති ලේකම්වරු

  • W. M. P. B. මැණික්දිවෙල, SLAS (1979–1988)
  • ප්‍රේමතිලක මාපිටිගම, SLAS (1988–1989)
  • K. H. J. විජේදාස SLAS (1989–1994)
  • කේ. බාලපටබැඳි, පළාත් සභා (1994–2003)
  • W. J. S. කරුණාරත්න, SLAS (2003–2005)
  • ලලිත් වීරතුංග, SLAS (2005–2015)
  • පී.බී. අබේකෝන්, SLAS (2015–2017)
  • ඔස්ටින් ප්‍රනාන්දු, SLAS (2017–2018)
  • උදය රංජිත් සෙනෙවිරත්න, SLAS (2018–2019)
  • ගාමිණී සේදර සෙනරත් (2021-2022)
  • ඊ.එම්.එස්.බී. ඒකනායක (2022-වර්තමාන)

2022 ශ්‍රී ලංකාවේ විරෝධතා

2022 ජූලි 9 වන දින, 2022 ශ්‍රී ලංකාවේ විරෝධතා අතරතුර, දහස් ගණන් විරෝධතාකරුවන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම වහාම ඉල්ලා අස්විය යුතු යැයි බල කරමින් ජනාධිපති මන්දිරයට සහ ජනාධිපති ලේකම් කාර්යාලයට, අරලියගහ මන්දිරයට (අගමැති නිවස) කඩා වැදී වාඩිලා ගත්හ.

මෙයද බලන්න

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජනාධිපති ලේකම් කාර්යාලය පිළිබඳ තොරතුරු, ජනාධිපති ලේකම් කාර්යාලය යනු කුමක්ද? ජනාධිපති ලේකම් කාර්යාලය යනු කුමක් දර්ශනය කරන්නේ?