ජාතික වස්තුවක් (국보; 國寶 : ගුග්බෝ) යනුවෙන් හැඳුන්වනු ලබන්නේ සිය රට සඳහා විශේෂිත කලාත්මක, සංස්කෘතික සහ ඓතිහාසික වටිනාකමක් සහිත යැයි දකුණු කොරියානු රජය විසින් හඳුනාගෙන ඇති ස්පර්ශ වස්තුවක්, කලාකෘතියක්, අඩවියක්, හෝ ගොඩනැගිල්ලකි. මෙම නාමය, සංස්කෘතික උරුම කමිටුවේ විචාරණයකින් පසුව පනවන ලද සංස්කෘතික උරුම ආරක්ෂණ පනත යටතේ සංස්කෘතික උරුම පාලන මණ්ඩලයේ පරිපාලකයා (CHA) විසින් නියම කරන ලද රාජ්‍යය වෙනුවෙන් නම් කරන ලද උරුම ප්‍රභේද කාණ්ඩ අටෙන් එකක් ද වේ.
| ජාතික වස්තුව | |
දකුණු කොරියාවේ 24වන ජාතික වස්තුව වන සොක්ගුරාම් ගුහාවේ බුද්ධ ප්‍රතිමාව | |
| කොරියානු නම | |
|---|---|
| හංගුල් | 국보 |
| හන්ජා | 國寶 |
| ප්‍රතිශෝධිත රෝමානුකරණය | Gukbo |
| මැකූන්–රයිෂවර් | Kukpo |
බොහෝ ජාතික වස්තූන් ජනප්‍රිය සංචාරක ආකර්ෂණ ස්ථාන සහ ප්‍රදර්ශන අංග ද වේ. මෙයට උදාහරණ වශයෙන් ජොංමියෝ රාජකීය පාරම්පරික ආශ්‍රමය, බුල්ගුක්සා විහාරය, සොක්ගුරාම් ගුහාව, සහ හේඉන්සාහි ත්‍රිපිටක කොරියානා ග්‍රන්ථය වැනි වස්තූන් දැක්විය හැක. 2017 ජනවාරි වන විට, මෙම ලැයිස්තුවේ එකිනෙකට වෙනස් සංලේඛ 320ක් ඇතුළත් විය. ඉන් ඇතැම් ඒවා උප-සංලේඛ ගණනාවකින් ද සමන්විත විය.[1] මෙම වස්තූන් අංකනය කොට ඇත්තේ ඒවා නම් කළ අනුපිළිවෙලට මිස ඒවායේ තනි තනි වටිනාකම සලකා නොවන බව සලකන්න.
ජාතික වස්තූන් නම් කොට ඇත්තේ දකුණු කොරියාවේ උරුම සංරක්ෂණ ක්‍රමය යටතේ ය.
ඉතිහාසය
කොරියානු සංස්කෘතික වස්තූන් පිළිබඳ පළමු ලැයිස්තුව නිර්මාණය කරන ලද්දේ 1938 ජපන් යටත් විජිත පාලන සමයේ කොරියාවේ ආණ්ඩුකාර-ජනරාල්වරයා විසිනි. මෙය "ජොසොන් රාජවංශ වස්තූන් පනත" හා සමගාමීව නිර්මාණය කිරීම සිදු විය.
1955දී, දකුණු කොරියානු රජය විසින් මින් පෙර ජපන් යටත් විජිත සමයේ කොරියාව තුළ නිකුත් කෙරුණු කොරියානු වස්තූන් සංරක්ෂණ ආඥාව යටතේ පැවති අංග ජාතික වස්තූන් ලෙස නම් කරන ලදී. වත්මන් ලැයිස්තුව 1962 දෙසැම්බර් 20 දින ප්‍රකාශයට පත් කෙරුණේ යැයි සැලකෙන්නේ ජාතික ප්‍රතිසංස්කරණය සඳහා ශ්‍රේෂ්ඨ කවුන්සිලය විසින් සංස්කෘතික ආරක්ෂණ පනත ක්‍රියාත්මක කළ දිනය ආශ්‍රය කර ගනිමිනි. එකල "ජාතික වස්තූන්" ලැයිස්තුව යටතට අංග 116ක් ඇතුළත් වූ අතර, මීට අමතරව "වස්තූන්" ලෙස නම් කෙරුණු වෙනත් අංග රාශියක් ද විය.
එතැන් සිට මෙම ලැයිස්තුවෙහි සංශෝධන ගණනාවක්ම සිදු විය. වඩාත් මෑතක දී, එනම් 2004දී මෙම ලැයිස්තුවෙහි එවැනි සංශෝධන සිදු විය.
මේ හැරුණු විට දකුණු කොරියාවේ ජීවමාන ජාතික වස්තුව යනුවෙන් හඳුන්වන තවත් උරුම ප්රවර්ගයක් ඇති අතර, එමගින් අදහස් වන්නේ අස්පර්ශ සංස්කෘතික දේපළවල භාරකරුවන් හෝ පවත්වාගෙන යන්නන් ය.
ජාතික වස්තූන් ලැයිස්තුව
1962 දෙසැම්බර් 20 දින නම්කරන ලද
- නම්දේමුන් හෙවත් සුංන්යේමුන්, ජුං දිස්ත්‍රික්කය, සෝල්. 2008 පෙබරවාරි 10 දින නම්දේමුන් ගින්නෙන් මෙයට දැඩි හානි සිදුවූ අතර, 2013 මැයි 5 දින ප්‍රතිසංස්කරණය කරන ලදී.
- වොන්ගක්සා ස්තූපය, මහල් දහයේ ශෛලමය වොන්ගක්සා ස්තූපය, තප්ගොල් උද්‍යානය, ජොංනෝ දිස්ත්‍රික්කය, සෝල්
- බුක්හන්සන් ස්මාරකය; සිල්ලාහි ජින්හ්යුං රජුගේ බුක්හන්සන් දේශසීමා පරීක්ෂාව අනුස්මරණය කෙරේ; කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්.
- ගෝදල්සා අඩවියේ ස්තූපය, යෝජු ප්‍රාන්තය
- සංසාජාසොක්ද්යුං, බොප්ජුසාහි ද්විත්ව සිංහ ශෛලමය ලන්තෑරුම, බෝඉයුන් ප්‍රාන්තය
- තප්-ප්යොං-රිහි සත් මහල් ශෛලමය ස්තූපය, චුංජු
- බොංසොන් හොංග්යොංසා ශිලාව, චොනාන්
- නංහ්යේහ්වාසං බෞද්ධ භික්ෂුවගේ ස්තූපය සමග ඇති ශිලා ස්තම්භය, සොංජුසා, බොර්යොං
- ජොංනිම්සා විහාර භූමියේ පංච මහල් ශෛලමය ස්තූපය, බුයෝ ප්‍රාන්තය
- බෙක්ජන්ගම් ආශ්‍රමය ඉදිරිපස පිහිටි තුන් මහල් ශෛලමය ස්තූපය, සිල්සංසා, නම්වොන්
- මිර්යුක්සාහි ශෛලමය ස්තූපය, ඉක්සන්
- ග්වාඉයොම්සාහි ගක්හ්වංජොන් ශාලාව ඉදිරිපිට ශෛලමය ලන්තෑරුම, ගුර්යේ ප්‍රාන්තය
- මුවිසාහි ග්යුංනක්ජොන් ශාලාව, ගංජින් ප්‍රාන්තය
- ගෝජෝඅම් ආශ්රමයේ යොංසන්ජොන් ශාලාව, යුන්හේසා, යොංචොන්
- බොංජොංසා විහාරයේ ග්යුංනක්ජොන් ශාලාව, අන්දොං
- සින්සේ-දොංහි සත් මහල් ගඩොලු ස්තූපය, අන්දොං
- බුසෝක්සාහි මුර්යංසුජොන් හාලාව ඉදිරිපිට පිහිටි ශෛලමය ලන්තෑරුම, යොංජු
- බුසෝක්සාහි මුර්යංසුජොන් ශාලාව, යොංජු
- බුසෝක්සාහි ජෝසාදං ශාලාව, යොංජු
- බුල්ගුක්සාහි දබෝතප් (වස්තු සම්භාර ස්තූපය), ග්යොංජු
- සොක්ගාතප් (ශාක්‍යමුණි ස්තූපය), බුල්ගුක්සාහි තුන් මහල් ස්තූපය, ග්යොංජු
- බුල්ගුක්සාහි යොන්හ්වාග්යෝ සහ චිල්බොග්යෝ පාලම්, ග්යොංජු
- චොන්ගුන්ග්යෝ සහ බේගුන්ග්යෝ පාලම්, බුල්ගුක්සාහි පිවිසුම වෙත දිවෙන ද්විත්ව-කාණ්ඩ ආරෝහණය සහ පාලම, ග්යොංජු
- සොක්ගුරාම් ගුහාව සහ බුද්ධ ප්‍රතිමාව, ග්යොංජු
- සිල්ලාහි තේජොං මුයොල් රජුගේ ස්මාරකය, ග්යොංජු
- බුල්ගුක්සාහි හිඳි රන්-ආලේපිත ලෝකඩ වෛරෝචන බුද්ධ ප්‍රතිමාව, ග්යොංජු
- බුල්ගුක්සාහි හිඳි රන්-ආලේපිත ලෝකඩ අමිතාභ බුද්ධ ප්‍රතිමාව, ග්යොංජු
- බේංන්යුල්සාහි සිටගත් අන්-ආලේපිත භෛසජ්‍යගුරු බුද්ධ ප්‍රතිමාව, ග්යොංජු
- සොංදොක් රජුගේ ඝණ්ඨාරය; මහා සොංදොක් රජුගේ පූජනීය ඝණ්ඨාරය, ග්යොංජු ජාතික කෞතුකාගාරය, ග්යොංජු
- බුන්හ්වංසාහි ශෛලමය ස්තූපය, ග්යොංජු
- චොම්සොංදේ, ග්යොංජු
- හේඉන්සාහි ත්‍රිපිටක කොරියානා, හප්චොන් ප්‍රාන්තය
- ජින්හ්යුං රජුගේ දේශසීමා පරීක්ෂාව අනුස්මරණය කෙරෙන චංන්යොංහි ස්මාරකය, චංන්යොං ප්‍රාන්තය
- සුල්ජොං-රිහි තුන් මහල් ශෛලමය නැගෙනහිර ස්තූපය, චංන්යොං ප්‍රාන්තය
- හ්වාඉයොම්සාහි සිංහ රූ සතරකින් ආධාර වන තුන් මහල් ශෛලමය ස්තූපය, ගුර්යේ ප්‍රාන්තය
- සංවොන්සාහි ලෝකඩ ඝණ්ඨාරය, ප්යොංචං ප්‍රාන්තය
- ගුහ්වං-දොංහි තුන් මහ්ල ශෛලමය ස්තූපය, ග්යොංජු
- ගෝසොන්සාහි තුන් මහල් ශෛලමය ස්තූපය, ග්යොංජු
- නාවොන්-රිහි පංච මහල් ශෛලමය ස්තූපය, වොල්සොං, ග්යොංජු
- ජොංහ්යේසාහි මහල් දහතුනේ ශෛලමය ස්තූපය, ග්යොංජු
- යොංදුසා භූමියේ යකඩ බෞද්ධ කොඩිගස, චොංජු
- සොංග්වංසාහි දැවමය ත්රිරූපක බෞද්ධ ප්‍රතිමාව, සුන්චොන්
- ගොර්යෝහි ගෝජොංගේ ආඥාව, සොංග්වංසා, සුන්චොන්
- බොරිම්සාහි තුන් මහල් ස්තූපය සහ ශෛලමය ලන්තෑරුම, ජංහ්යුං ප්‍රාන්තය
- බුසොක්සාහි හිඳි මැටි බුද්ධ ප්‍රතිමාව, යොංජු
- බුසොක්සාහි ජෝසාදං ශාලාවේ බිතු සිතුවම, යොංජු
- සංග්යේසාහි ජින්ගම්සොන්සා බෞද්ධ භික්ෂුව සඳහා වූ ශිලාව, හාදොං ප්‍රාන්තය
- වොල්ජොංසාහි අෂ්ටාස්රාකාර නව මහල් ස්තූපය, ප්යොංචං ප්‍රාන්තය
- සුදොක්සාහි දේයුංජොන් ශාලාව, යේසන් ප්‍රාන්තය
- දොගප්සාහි හේතල්මුන් දොරටුව, යොංනම් ප්‍රාන්තය
- ගංන්යුංහි නිල තානායමකට පිවිසෙන දොරටුව
- හේඉන්සාහි ජංක්යොංපන්ජොන්, ත්‍රිපිටක කොරියානා තැනැපත් කොට ඇති ගොඩනැගිල්ල
- යොන්ගොක්සාහි නැගෙනහිර ස්තූපය, ජිරිසන් බෑවුමේ පිහිටි සිල්ලා-යුගයේ විහායරකි.; ගුර්යේ ප්‍රාන්තය
- යොන්ගොක්සාහි උතුරු ස්තූපය, ගුර්යේ ප්‍රාන්තය
- බොප්ජුසාහි පල්සංජොන් ශාලාව, බෝයුන් ප්‍රාන්තය
- සොංග්වංසාහි ගුක්සාජොන් ශාලාව, සුන්චොන්
- සංබොංසාහි බෞද්ධ භික්ෂු චොල්ගම්සොන්සාගේ ස්තූපයක්, හ්වාසුන් ප්‍රාන්තය
- ජංගොක්සාහි හිඳි භෛසජ්‍යගුරු බුද්ධ ප්‍රතිමාව, චොන්ග්යොං ප්‍රාන්තය
- බොප්චොන්සාහි ජාතික ආචාර්ය ජිග්වංගුක්සාගේ ස්තූපය සමග ඇති ශිලාව, වොන්ජු
- සිංහ හැඩැති පියන සහිත සෙලඩන් සුවඳ දාහකය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- මකර හැඩැති සෙලඩන් වයින් බඳුන, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- ග්යුම්සන්සාවේ මිර්යුක්ජොන් ශාලාව, ගිම්ජේ
- දොපියන්සාහි හිඳි යකඩ වෛරරෝචන බුද්ධ ප්‍රතිමාව, චොල්වොන් ප්‍රාන්තය
- බොප්ජුන්සාහි නෙළුම් හැඩැති ශෛලමය පාත්‍රය, බෝයුන් ප්‍රාන්තය
- කඟවේන-හැඩැති පියන සහිත සෙලඩන් සුවඳ දාහකය, ගන්සොං කලා කෞතුකාගාරය, සෝල්
- එබ්බවූ විලෝ, උණ, නෙළුම්, පන් සහ මැන්ඩරින් තාරා මෝස්තර සහිත සෙලඩන් කුණ්ඩිකාව, ගන්සොං කලා කෞතුකාගාරය, සෝල්
- හ්වේඔම්සාහි ගක්හ්වංජොන් ශාලාව, ගුර්යේ ප්‍රාන්තය
- එබ්බවූ කොකුන්ගේ සහ වලාකුළු මෝස්තර සහිත සෙලඩන් බඳුන, ගන්සොං කලා කෞතුකාගාරය, සෝල්
- ජොසොන් රාජවංශය ස්ථාපනයට සිදුකළ විශිෂ්ට සේවාව වෙනුවෙන් සිම් ජිබෙක් හට පිරිනැමූ ප්රශංසාත්මක සහතිකය, දොං-ආ විශ්වවිද්‍යාලය, බුසන්
- හුන්මින් ජොන්ග්යුම්
- දොංගුක් ජොන්ගුන්, නිවැරදි කොරියානු උච්චාරණය පිළිබඳ ශබ්දකෝෂය
- ග්යේමි වක්‍රීය වර්ෂය (ක්‍රි.ව. 563) සඳහන් අභිලේඛනයක් සහිත රන් ආලේපිත ලෝකඩ බුද්ධ ප්‍රතිමා ත්‍රිත්වය
- කුඩා පිළිමගෙයි අන් ආලේපිත ලෝකඩ බුද්ධ ප්‍රතිමා ත්‍රිත්වය
- තාරා හැඩැති සෙලඩන් ජල විසුරුවනය
- ප්යෝචුංසාහි එබ්බවූ රිදී මෝස්තර සහිත ලෝකඩ සුවඳ දාහකය, මිර්යැං
- යුධ දිනපොත, යි සුන්සින් සෙන්පතියාගේ ලිපි ගොනුව සහ යුධ වාර්තාවේ සටහන්, හ්යොන්චුංසා, ආසන්
- තම්නිහි පස් මහල් ශෛලමය ස්තූපය, උයිසොං ප්‍රාන්තය
- රන් ආලේපිත ලෝකඩ භාවනානුයෝගී මෛත්‍රෙය ප්‍රතිමාව, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- ග්යොංජුහි, ගුහ්වං-රිහි හිඳි රන් ආලේපිත ලෝකඩ බුද්ධ ප්‍රතිමාව, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- ග්යොංජුහි, ගුහ්වං-රිහි සිටගත් රන් ආලේපිත ලෝකඩ බුද්ධ ප්‍රතිමාව, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- ගම්සන්සාහි සිටගත් ශෛලමය මෛත්රෙව බෝධිසත්ත්ව ප්‍රතිමාව, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- ගම්සන්සාහි හිටගත් ශෛලමය අමිතාභ බුද්ධ ප්‍රතිමාව, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- රන් ආලේපිත ලෝකඩ භාවනානුයෝගී මෛත්‍රෙය ප්‍රතිමාව, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- සෝසන්හි ගලින් නෙළූ ත්‍රිත්ව බුද්ධ ප්‍රතිමා
- සින්ම්යෝ චක්‍රීය වර්ෂය (ක්‍රි.ව. 571) අභිලේඛනය කොට ඇති රන් ආලේපිත ලෝකඩ ත්‍රිත්ව බුද්ධ ප්‍රතිමා, යොන්ගින්
- ග්යොංචොන්සාහි ග්යොංචොන්සා ස්තූපය, මහල් 10කින් යුත් ශෛලමය ස්තූපය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- රන් කිරුළු සොහොන්ගැබෙන් හමුවූ සිල්ලාවේ කිරුළ; ග්යොංජු ජාතික කෞතුකාගාරය, ග්යොංජු
- රන් කිරුළු සොහොන්ගැබෙන් හමුවූ කොරියාවේ රත්රන් බඳපටිය, ග්යොංජු ජාතික කෞතුකාගාරය, ග්යොංජු
- රන් ගාංචුව, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- රත්රන් කර්ණාභරණ යුගළක්, පැරණි සිල්ලා යුගය (ක්‍රි.ව. 500-600). පුබුදොං සොහොන්ගැබෙන් හමු විය; පෝමුන්-දොං, ග්යොංජු, උතුරු ග්යොංසං පළාත.
- පැරණි සිල්ලා යුගයට (ක්‍රි.ව. 500-600) අයත් අසුපිට නැගි සෙබලකුගේ හැඩය සහිත කාශ්ම බඳුනක්; උතුරු ග්යොංසං පළාතේ, ග්යොංජු නගරයේ, නෝසෝ-දොංහි ග්යුම්න්යොං-චොංවලින් හමු විය.
- රිදියෙන් විලෝ සහ දිය සැවුල් මෝස්තර සහිත සෙලඉන් කුණ්ඩිකාවක්, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- මිදි මෝස්තර හා යකඩ යටිඔපය සහිත සුදු පෝසිලේන් බුජම, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- කොමඩු හැඩැති සෙලඩන් බෝතලයක්, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- සෙලඩන් හිදැස් සහිත සුවඳ දාහකය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- ඉබ්බකුගේ හැඩැති සෙලඩන් කුණ්ඩිකාවක්, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- නෙළුම් සහ ලියවැල් කැටයම් කළ සෙලඩන් බඳුනක්, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- පියෝනි ශාක කැටයම් සහිත සෙලඩන් බුජමක්, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- ගල්හංසා තෙමහල් ශෛලමය ස්තූපය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- නම්ග්යේවොන් සත් මහල් දැවමය ස්තූපය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- බොප්චොන්සාහි අතිපූජ්‍ය ජිග්වං අනුස්මරණ ස්තූපය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- ජොංතෝසාහි අතිපූජ්‍ය හොංබොප් අනුස්මරණ ස්තූපය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- ජුංහ්යුංසන්සොංහි ද්විත්ව සිංහ ශෛලමය පහන් කණුව, බුක් දිස්ත්‍රික්කය, ග්වංජු
- හ්යුංබොප්සාවලින් හමුවූ යෝම්ගෝ භික්ෂුවගේ ස්තූපය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- සන්චොංහි, බොම්හන්-රිහි තෙමහල් ශෛලමය ස්තූපය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- ග්යේයු චක්‍රීය වර්ෂයේ අභිලේඛනය සහිත ත්‍රිත්ව අමිතාභ බුද්ධ ප්‍රතිමාව සහ පිරිවර ඇතුළු බෞද්ධ රූ 28, චොංජු
- මිදි පොකුරු මෝස්තර යකඩ යටිඔපය සහිත සුදු පෝසිලේන් බුජම, එව්හා කාන්තා විශ්වවිද්‍යාලය, සෝල්
- ග්යේයු අභිලේඛනය සහිත දහසක් බුදුන් ශිලාව, ගොංජු
- ගුන්වි ත්‍රිත්ව බුද්ධ ප්‍රතිමාව සහ ගුහාව, ගුන්වි ප්‍රාන්තය
- යි ජේ-හ්යොන්ගේ ආලේඛය සිතුවම, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- අන් හ්යංගේ ආලේඛය සිතුවම, යොංජු
- ගම්යුන්සාහි තෙමහල් ශෛලමය ස්තූපය, ග්යොංජු
- යකඩ යටිඔපයෙන් යුතුව විලෝ මෝස්තර සහිත සෙලඩන් බෝතලය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- කොමඩු හැඩයෙන් යුතුව පියෝනි සහ කපුරු ගිල්ලවූ මෝස්තර සහිත සෙපඩන් බෝතලය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- ගිල්ලවූ ලියවැල් මෝස්තර සහිත සෙලඩන් පාත්‍රය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- ගිල්ලවූ පියෝනි මෝස්තර සහිත වට්ටක්කා හැඩැති සෙලඩන් කොතලය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
1964 මාර්තු 3 දින නම්කරන ලද
- 117. බොරිම්සා විහාරයේ හිඳි යකඩ වෛරෝචන බුද්ධ ප්‍රතිමාව, ජංහ්යුං ප්‍රාන්තය
- 118. රන් ආලේපිත ලෝකඩ කල්පනාවෙහි නියුතු මෛත්‍රෙය බෝධිසත්ත්ව ප්‍රතිමාව, සම්සුං කලා කෞතුකාගාරය, සෝල්
- 119. යොංගා යුගයේ සත්වන වර්ෂයේ අභිලේඛනයක් සහිත සිටි රන් ආලේපිත ලෝකඩ බුද්ධ ප්‍රතිමාව, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- 120. යොංජුසා ඝණ්ඨාරය, යොංජුසා විහාරය, හ්වාසොං
- 121. හහෝයිතල් සහ බ්යොංසන්තල් වෙස්මුහුණු, අන්දොං
- 122. ජින්ජොන්සා විහාර භූමියේ තෙමහල් ශෛලමය ස්තූපය, යංන්‍යොං ප්‍රාන්තය
1966 පෙබරවාරි 28 දින නම්කරන ලද
- 123. ඉක්සන්හි වංගුං-රි පස් මහල් ශෛලමය ස්තූපයෙන් හමුවූ පුරාවස්තු, ජොන්ජු ජාතික කෞතුකාගාරය, ජොන්ජු
- 124. හන්සොංසා විහාරයෙන් හමුවූ හිඳි කිරිගරුඬ බෝධිසත්ත්ව ප්‍රතිමාව, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- 125. ශෙලමය ආවරණය හා කොළ පැහැ ඔපය සහිත අවමංගල බඳුන, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
1967 සැප්තැම්බර් 16 දින නම්කරන ලද
- 126. බුල්ගුක්සා විහාරයේ තෙමහල් සොක්ගාතප් ස්තූපයේ ඇතුළතින් සොයාගැනුණු පුරාවස්තු, ග්යොංජු (උප-සංලේඛ 28කි)
1968 දෙසැම්බර් 19 දින නම්කරන ලද
- 127. සම්යං-දොංහි රන් ආලේපිත ලෝකඩ සිටි අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව ප්‍රතිමාව, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- 128. සිටගත් රන් ආලේපිත ලෝකඩ අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව ප්‍රතිමාව, හොආම් කලා කෞතුකාගාරය, යොංගින්
- 129. සිටි රන් ආලේපිත ලෝකඩ බෝධිසත්ත්ව ප්‍රතිමාව, ලීඋම් කලා කෞතුකාගාරය, යොංගින්
- 130. ජුක්ජං-දොංහි පස් මහල් ශෛලමය ස්තූපය, සොන්සන්, ගුමි
1969 නොවැම්බර් 7 දින නම්කරන ලද
- 131. ජොසොන් රාජධානියේ ආදිකර්තෘ වන තේජෝ රජුගේ පවුල් නාම ලේඛනය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- 132. ජිංබිරොක්, යු සොංර්යොංගේ යුධ මතක සටහන්, අන්දොං
- 133. නෙළුම් පොහොට්ටුවක හැඩැති පෝසිලේන් කේතලය, හොආම් කලා කෞතුකාගාරය, යොංගින්
- 134. රන් ආලේපිත බෝධිසත්ත්ව ත්‍රිත්වය, හොආම් කලා කෞතුකාගාරය, යොංගින්
1970 දෙසැම්බර් 30 දින නම්කරන ලද
- 135. හ්යේවොන් පුංසොක්දෝ, සින් යුන්බොක් විසින් සිතුවම් කරන ලද ප්‍රභේදයේ පත්‍ර තිහකින් යුත් ඇල්බමය, ගන්සොං කලා කෞතුකාගාරය, සෝල්
- 136. මකර හිසැති පූජාසන කුළුණ, හොඅම් කලා කෞතුකාගාරය, යොංගින්
1971 දෙසැම්බර් 21 දින නම්කරන ලද
- 137. දේගුහි බිසන්-දොංවලින් හමුවූ ලෝකඩ පුරාවස්තු, හෝආම් කලා කෞතුකාගාරය, යොංගින් (උප-සංලේඛ 2)
- 138. රන් කිරුළ සහ අතිරේක ආභරණ, හෝඅම් කලා කෞතුකාගාරය, යොංගින්
- 139. දන්වොන්ගේ අමරණීයයන් රැස්වන අයුරු නිරූපිත සිතුවම, හෝඅම් කලා කෞතුකාගාරය, යොංගින්
- 140. සිප්පිකටු කැඩපත, හෝඅම් කලා කෞතුකාගාරය, යොංගින්
- 141. අනර්ඝ රේඛා මෝස්තර සහ කුඩුම්බි යුගලක් සහිත ලෝකඩ කැඩපත, සූංසිල් විශ්වවිද්‍යාලය, සෝල්
- 142. දොංගුක් ජොංගුන් සම්පූර්ණ වෙළුම් 6 එකතුව, කොන්කුක් විශ්වවිද්‍යාලය, සෝල්
1972 මාර්තු 2 දින නම්කරන ලද
- 143. ක්‍රි.පූ. 200-100 අතර කාලයට අයත් යැයි ඇස්තමේන්තු කොට ඇති ලෝකඩ පුරාවස්තු; සීනු අටක් සහිත ලෝකඩ ගිගිරියක් සහ 14.5cm විෂ්කම්භය සහිත ලෝකඩ කැඩපතක්. ජොල්ලානම්-දෝහි හ්වාසුන් ප්‍රාන්තයේ තේගොං-රිවලින් හමු විය. වර්තමානයේ ග්වංජුහි ග්වංජු ජාතික කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත. (උප-සංලේඛ 6)
- 144. වොල්චුල්සන් කන්දේ ගලින් නෙළූ හිඳි බුද්ධ ප්‍රතිමාව, යොන්ගම් ප්‍රාන්තය
1972 ජූනි 24 දින නම්කරන ලද
- 145. යක්ෂ වෙස්මුහුණු මෝස්තර සහිත ලෝකඩ අඟුරු කබල, යොංසන්-ගු, සෝල්
- 146. ගංවොන්-දෝහි කැනීම්වලින් හමුවූ පුරාවස්තු, හෝඅම් කලා කෞතුකාගාරය, යොන්ගින් (උප-සංලේඛ 4)
1973 මැයි 4 දින නම්කරන ලද
- 147. චොන්ජොන්-රිහි ශිලා කැටයම්, උල්ජු-ගුන්, උල්සන්
1973 ජූලි 10 දින නම්කරන ලද
- 148. සිප්චිල්සචන්ගොග්යුම්තොන්ග්යෝ (චීනයේ ඉතිහාසය වෙළුම් 16,17) (ග්‍රන්ථය), සෝල් ජාතික විශ්වවිද්‍යාලය, සෝල් (උප-සංලේඛ 2)
- 149. ලු ෂුක්වියෑන් විසින් ලියන ලද චීන සම්භාව්‍ය ග්රන්ථ පිළිබඳ විවරණය, වෙළුම් 4-6, සොංබුක්-ගු, සෝල් (උප-සංලේඛ 2)
- 150. ග්යේමි චලන ලෝහ මුද්‍රණ ක්‍රමය ආධාර කරගනිමින් මුද්‍රිත සොංජෝප්යෝජොන්චොංන්යු, සෝල් ජාතික විශ්වවිද්‍යාලය, සෝල්
1973 දෙසැම්බර් 31 දින නම්කරන ලද
- 151. ජොසොන් රාජවංශයේ අනුවාර්ෂික වාර්තා (උප-සංලේඛ 4)
- 152. බිබ්යොන්සා ද්යුංනොක් (දේශසීමා ආරක්ෂක මණ්ඩලයේ වාර්තා), සෝල් ජාතික විශ්වවිද්‍යාලය, සෝල්
- 153. ඉල්සොංනොක් (රාජ මාලිගයේ සහ වැදගත් නිලධාරීන්ගේ දෛනික වාර්තා), සෝල් ජාතික විශ්වවිද්‍යාලය, සෝල්
1974 ජූලි 9 දින නම්කරන ලද
- 154. බෙක්ජේහි කිරුළ. සෙන්ටිමීටර 30.7 උසැති ශීර්ෂ පළඳනා ආභරණ යුගලක්, මුල්කාලීන 6වන සියවස (බෙක්ජේ). මුර්යොං රජුගේ සොහොන්ගැබෙන් හමු විය. ගොංජු-සි, චුංචොංනම්-දෝ.
- 155. බෙක්ජේහි කිරුළ. මුර්යොං රජුගේ බිසවගේ රන් ශීර්ෂ පළඳනා ආභරණ, 22.6cm.
- 156. රජකුගේ කර්ණාභරණ යුගළක්, රන් සහ ජේඩ්වලින් නිමකොට ඇත. මුල්කාලීන 6වන සියවස (බෙක්ජේ). මුර්යොං රජුගේ සොහොන්ගැබෙනි.
- 157. රැජිනගේ කර්ණාභරණ යුගළක්, රනින් නිමකොට ඇත. මුර්යොං රජුගේ සොහොන්ගැබෙනි.
- 158. මුර්යොං රජුගේ රැජිනගේ රන් මාල යුගළක්, ගොංජු ජාතික කෞතුකාගාරය, ගොංජු
- 159. සෙන්ටිමීටර 18.4 දිගැති රජුගේ රන් කොණ්ඩා කටුව, මුල්කාලීන 6වන සියවස (බෙක්ජේ රාජවංශය). මුර්යොං රජුගේ සොහොන්ගැබෙන් හමු විය.
- 160. මුර්යොං රජුගේ රැජිනගේ රිදී වළලු යුගළක්, ගොංජු ජාතික කෞතුකාගාරය, ගොංජු
- 161. මුර්යොං රජුගේ සොහොන්ගැබෙන් හමුවූ ලෝකඩ කැඩපත්, ගොංජු ජාතික කෞතුකාගාරය, ගොංජු (උප-සංලේඛ 3)
- 162. සොක්සු, යකඩ අඟක් සහිත ආරක්ෂක ආත්මයක ප්රතිමාවකි. මුර්යොං රජුගේ සොහොන්ගැබේ පිවිසුමෙනි.
- 163. මුර්යොං රජුගේ සොහොන්ගැබෙන් හමුවූ රජු සහ රැජින වෙනුවෙන් නිමකළ ග්‍රැනයිට් අනුස්මරණ ඵලක යුගල
- 164. හිස රැඳවුම, ගොංජු ජාතික කෞතුකාගාරය, ගොංජු
- 165. රජුගේ පාද ඵලකය, ගොංජු ජාතික කෞතුකාගාරය, ගොංජු
- 166. ප්ලම් සහ උණ මෝස්තර සහිත යකඩ යටිඔපයෙන් යුත් සුදු පෝසිලේන් බුජම, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- 167. මිනිස් රුවක හැඩයෙන් යුතු සෙලඩන් වයින් බඳුන, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- 168. ප්ලම් සහ කපුරු මෝස්තර සහිත යකඩ යටිඔපයෙන් යුත් සුදු පෝසිලේන් බෝතලය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- 169. ගොර්යෝ යුගයට අයත් උණ මෝස්තර සහිත පෝසිලේන් බෝතලය, හෝඅම් කලා කෞතුකාගාරය
- 170. ප්ලම්, පක්ෂි සහ උණ මෝස්තර සහිත නිල් සහ සුදු පෝසිලේන් බුජම, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- 171. ලෝකඩ පාද සහිත පාත්‍රය, හෝඅම් කලා කෞතුකාගාරය, යොන්ගින්
- 172. ජින්යැං ජොං පවුලේ සොහොන්ගැබෙන් හමුවූ පුරාවස්තු, හෝඅම් කලා කෞතුකාගාරය, යොන්ගින්
- 173. තිත් මෝස්තර යකඩ යටිඔපය සහිත හිඳි සෙලඩන් අරහත් රුවක්, ගංනම්-ගු, සෝල්
- 174. සිල්ලා යුගයට අයත් රන් ආලේපිත ලෝකඩ ඉටිපන්දම් රඳවන යුගළක්, හෝඅම් කලා කෞතුකාගාරය, යොන්ගින්
- 175. ගිල්ලවූ නෙළුම් ලියවැල් මෝස්තර සහිත සුදු පෝසිලේන් පාත්‍රය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- 176. හොංචි අභිලේඛනය සහිත පයින් හා උණ මෝස්තරවලින් යුත් නිල් සහ සුදු පෝසිලේන් බුජම, දොංගක් විශ්වවිද්‍යාලය, සෝල්
- 177. මුද්‍ර මෝස්තර සහිත බුන්චොං බුජමක්, කොරියා විශ්වවිද්‍යාලය, සෝල්
- 178. කැටයම් කළ මත්ස්‍ය රූ සහිත බුන්චොං පැතලි බෝතලයක්, සෝදේමුන්-ගු, සෝල්
- 179. කැටයම් කළ මත්ස්‍ය සහ නෙළුම් මෝස්තර සහිත බුන්චොං පැතලි බෝතලයක්, හෝරිම් කෞතුකාගාරය, සෝල්
1974 දෙසැම්බර් 31 දින නම්කරන ලද
- 180. ශිශිරයෙහි භූමිදර්ශනය, කිම් ජොං-හුයිගේ සිතුවමකි, ජොංනෝ-ගු, සෝල්
1975 නොවැම්බර් 13 දින නම්කරන ලද
- 181. රාජ්‍ය විභාගය සමත්වීම වෙනුවෙන් ජං ර්යංසු හට පිරිනමන ලද සහතික පත්‍රය, උල්ජින් ප්‍රාන්තය
1976 අප්‍රේල් 23 දින නම්කරන ලද
- 182. සිටගත් රන් ආලේපිත ලෝකඩ බුද්ධ ප්‍රතිමාව, දේගු ජාතික කෞතුකාගාරය, දේගු
- 183. සිටගත් රන් ආලේපිත ලෝකඩ බෝධිසත්ත්ව ප්‍රතිමාව, දේගු ජාතික කෞතුකාගාරය, දේගු
- 184. සිටගත් රන් ආලේපිත ලෝකඩ බෝධිසත්ත්ව ප්‍රතිමාව, දේගු ජාතික කෞතුකාගාරය, දේගු
- 185. සද්ධර්මපුණ්ඩරික සූත්‍රය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
1976 දෙසැම්බර් 14 දින නම්කරන ලද
- 186. යැංප්යොංහි සිටගත් රන් ආලේපිත ලෝකඩ බෝධිසත්ත්ව ප්‍රතිමාව, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
1977 අගෝස්තු 22 දින නම්කරන ලද
- 187. සන්හේ-රිහි ව්‍යාජ-ගඩොලු පස් මහල් ස්තූපය, යොන්ග්යැං ප්‍රාන්තය
1978 දෙසැම්බර් 7 දින නම්කරන ලද
- 188. අවලම්බ සහිත රත්රන් සහ ජේඩ් කිරුළ, පැරණි සිල්ලා යුගය, දිව්‍යමය අශ්ව සොහොන්ගැබ (චොන්මා-චොං), හ්වංනම්-දොං, ග්යොංජු නගරය, ග්යොංසංබුක්-දෝ
- 189. සෙන්ටිමීටර 19ක් උසැති රන් හිස්වැස්මක්, පැරණි සිල්ලා යුගය, දිව්‍යමය අශ්ව සොහොන්ගැබෙනි.
- 190. අවලම්බ සහිත රන් බඳපටිය, දිව්‍යමය අශ්ව සොහොන්ගැබෙනි, ග්යොංජු ජාතික කෞතුකාගාරය, ග්යොංජු
- 191. අවලම්බ සහිත රන් සහ ජේඩ් කිරුළ, පැරණි සිල්ලා යුගය, හ්වංනම්තේචොං සොහොන්ගැබෙන් හමු විය. මෙම කිරුළ 2005 සිට කොරියාවේ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. නමුත් එහි හිමිකාරීත්වය ග්යොංජු ජාතික කෞතුකාගාරය සතුව පවතියි.
- 192. සෙන්ටිමීටර 120ක් දිගැති අවලම්බ සහිත රත්රන් සහ ජේඩ් බඳපටිය, පැරණි සිල්ලා යුගය; හ්වංනම්තේචොං සොහොන්ගැබේ උතුරු ගොඩැල්ලෙන් හමු විය. ග්යොංජු නගරය, ග්යොංසංබුක්-දෝ.
- 193. කොළ-නිල් වීදුරු කොතලය, සෙන්ටිමීටර 25ක් උසැති ය. (ප්‍රතිසංස්කරණය කළ), පැරණි සිල්ලා යුගයට (ක්‍රි.ව. 500-600 පමණ) අයත් ය. හ්වංනම්දේචොං සොහොන්ගැබේ දකුණු ගොඩැල්ලෙන් හමු විය. ග්යොංජු, ග්යොංසංබුක්-දෝ.
- 194. පැරණි සිල්ලා යුගයට අයත් රන් ගෙල පළඳනාවක්; හ්වංනම්දේචොං සොහොන්ගැබේ දකුණු ගොඩැල්ලෙන් හමු විය.
- 195. මිචු රජුගේ සොහොන්ගැබෙන් හමුවූ රූප සහිත හිස්වැස්ම, ග්යොංජු ජාතික කෞතුකාගායර, ග්යොංජු
1979 පෙබරවාරි 8 දින නම්කරන ලද
- 196. සිල්ලා යුගයට අයත් සුදු කඩදාසි මත රචිත අවතාංසක සූත්‍රය, හෝඅම් කලා කෞතුකාගාරය, යොන්ගින්
1979 මැයි 22 දින නම්කරන ලද
- 197. චොංන්යොංසා විහාරයේ බෝගක් භික්ෂුව වෙනුවෙන් ඉදිකළ ස්තූපය
- 198. සිල්ලා යුගයට අයත් ජින්හ්යුං රජුගේ ශිලා ස්තම්භයක්, දන්යං ප්‍රාන්තය
- 199. දන්සොක්සන් කන්දේ සින්සොන්සා විහාර ගුහාවේ ඇති බෞද්ධ රූ, ග්යොංජු
1979 අප්‍රේල් 30 දින නම්කරන ලද
- 200. සිටගත් රන් ආලේපිත ලෝකඩ බෝධිසත්ත්ව ප්‍රතිමාව, බුසන් කෞතුකාගාරය, බුසන්
1980 සැප්තැම්බර් 16 දින නම්කරන ලද
- 201. බුක්ජි-රිහි ගනික් නෙළූ හිඳි බුද්ධ ප්‍රතිමාව, බොංහ්වා
1981 මාර්තු 18 දින නම්කරන ලද
- 202. අවතාංසක සූත්‍රය, ජුං-ගු, සෝල්
- 203. අවතාංසක සූත්‍රය, ජුං-ගු, සෝල්
- 204. අවතාංසක සූත්‍රය, ජුං-ගු, සෝල්
- 205. ජුංවොන්හි ගොගුර්යෝ ස්මාරකය, චුංජු
1982 මැයි 22 දින නම්කරන ලද
- 206. හේඉන්සා විහාරයේ ගොර්යෝ බෞද්ධ මුද්‍රණ තහඩු, හප්චොන් ප්‍රාන්තය (උප-සංලේඛ 28)
1982 නොවැම්බර් 16 දින නම්කරන ලද
- 207. 'දිව්‍යමය අශ්ව' සිතුවමක් සහිත සෑදල පියනක්, දිව්‍යමය අශ්ව සොහොන්ගැබ තුළිනි, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
1982 දෙසැම්බර් 7 දින නම්කරන ලද
- 208. ෂඩාස්රාකාර රන් ආලේපිත ලෝකඩ “ශරීර” ආවරකය, ජික්ජිසා විහාරය, ගිම්චොන්
- 209. ‘බොහ්යොප්’ අභිලේඛනය සහිත පස් මහල් ශෛලමය ස්තූපය, දොංගුක් විශ්වවිද්‍යාලය, සෝල්
1984 මැයි 30 දින නම්කරන ලද
- 210. ගොර්යෝ යුගයට අයත් රිදී තීන්තෙන් ලියන ලද සූත්‍රය (වෙළු. 30), යොන්ගින්
- 211. සුදු කඩදාසි මත තීන්තෙන් ලියන ලද සද්ධර්මපුණ්ඩරික සූත්‍රය, සොංබෝ සංස්කෘතික මධ්‍යස්ථානය, සෝල්
- 212. සුරමාග්ම සූත්‍රය, දොංගුක් විශ්වවිද්‍යාලය, සෝල්
1984 අගෝස්තු 6 දින නම්කරන ලද
- 213. කුඩා රන් ආලේපිත ස්තූපය, හෝඅම් කලා විශ්වවිද්‍යාලය, යොන්ගින්
- 214. කේසොංහි හ්යුංවංසා විහාරයෙන් හමුවූ ලෝකඩ සුවඳ දාහකය, හෝඅම් කලා කෞතුකාගාරය, යොන්ගින්
- 215. රිදී තීන්තෙන් කළ ගොර්යෝ යුගයේ සූත්‍රයක් (වෙළු. 31), යොන්ගින්
- 216. ඉන්වංජේසෙක්දෝ, ඉන්වංසන් කන්දේ වර්ෂාවකින් පසු පිරිසිදු කිරීම, ජොං සොන්ගේ සිතුවමකි, හෝඅම් කලා කෞතුකාගාරය, යොන්ගින්
- 217. ග්යුම්ගංජොන්දෝ, කුම්ගංසන්හි සිතුවම, ජොං සොන් විසිනි, හෝඅම් කලා කෞතුකාගාරය, යොන්ගින්
- 218. පරිවාර බෝධිසත්ත්වයින් දෙදෙනකු සමග වැඩ හිඳින අමිතාභ සිතුවම, හෝඅම් කලා කෞතුකාගාරය, යොන්ගින්
- 219. මුල්කාලීන ජොසොන් රාජවංශ යුගයට අයත් පෝසිලේන් බුජම, හෝඅම් කලා කෞතුකාගාරය, යොන්ගින්
- 220. පෝසිලේන් බුජම, හෝඅම් කලා කෞතුකාගාරය, යොන්ගින්
1984 නොවැම්බර් 15 දින නම්කරන ලද
- 221. හිඳි දැවමය මංජුශ්‍රී ප්‍රතිමාව, සං-වොන්සා විහාරය, ප්යොංචං ප්‍රාන්තය
1984 දෙසැම්බර් 7 දින නම්කරන ලද
- 222. ප්ලම් සහ උණ මෝස්තර සහිත නිල් හා සුදු පෝසිලේන් බුජම, හෝරිම් කෞතුකාගාරය, සෝල්
1985 ජනවාරි 8 දින නම්කරන ලද
- 223. ග්යොංබොක්ගුං මාලිගයේ ග්යුන්ජොංජොන් ශාලාව, සෝල්
- 224. ග්යොංබොක්ගුං මාලිගයේ ග්යොංහොයිරු මණ්ඩපය, සෝල්
- 225. චංදොක්ගුං මාලිගයේ ඉන්ජොංජොන් ශාලාව, සෝල්
- 226. චංග්යොංගුං මාලිගයේ මියොංජොංජොන් ශාලාව, සෝල්
- 227. ජොංමියෝ රාකීය පාරම්පරික ආශ්රමයේ ප්‍රධාන ශාලාව, ජොංජොන්, සෝල්
1985 මාර්තු 3 දින නම්කරන ලද
- 228. චොන්සං යොල්චා බුන්යාජිදෝ, ශෛලමය කැටයම් සහිත තල ගෝලයක්. කොරියානු රාජකීය කෞතුකාගාරය, සෝල්
- 229. බොරුගක් මණ්ඩපයේ දිය ඔරලෝසුව, කොරියානු රාජකීය කෞතුකාගාරය, සෝල්
- 230. තාරකා විද්‍යාත්මක උපකරණයක් සහ ඔරලෝසුවක්, කොරියා විශ්වවිද්‍යාලය, සෝල්
1986 මාර්තු 14 දින නම්කරන ලද
- 231. ලෝකඩ ආයුධ සහ ආම්පන්න සඳහා භාවිතා වූ අච්චු දහතුනක්, සූංසිල් විශ්වවිද්‍යාලය, සෝල්
1986 ඔක්තෝබර් 15 දින නම්කරන ලද
- 232. ජොසොන් රාජධානිය ස්ථාපනයට ඉටුකළ විශිෂ්ට මෙහෙය වෙනුවෙන් යි හ්වා හට පිරිනැමූ ප්රශංසාත්මක සහිතක පත්‍රය, ජොන්ග්යුප්
- 233. යොංතේ යුගයේ දෙවන වර්ෂය පිළිබඳ අභිලේඛනයක් ඇතුළත් ඇගල්මැටොලයිට් බුජම, බුසන් කෞතුකාගාරය, බුසන්
1986 නොවැම්බර් 29 දින නම්කරන ලද
- 234. රිදියෙන් ඉන්ඩිගෝ පත්‍ර මත ලියන ලද සද්ධර්මපුණ්ඩරික සූත්‍රය, හෝඅම් කලා කෞතුකාගාරය, යොන්ගින්
- 235. රනින් ඉන්ඩිගෝ පත්‍ර මත ලියන ලද අවතාංසක සූත්‍රය, හෝඅම් කලා කෞතුකාගාරය, යොන්ගින්
1987 මාර්තු 9 දින නම්කරන ලද
- 236. ජංහං-රි විහාර භූමියක බටහිර පස් මහල් ස්තූපය, වොල්සොං, ග්යොංජු.
1987 ජූලි 16 දින නම්කරන ලද
- 237. ගෝසන් ගුගොක්සි හ්වාබ්යොං, චාරුලේඛන සහ සිතුවම් සහිත හැකිලුම් තිරය, ගෝයැං
- 238. යි යොං කුමරුගේ ලිපි ඇලවුම් පොත, මැදි-15වන සියවස, ගෝයැං
1987 දෙසැම්බර් 26 දින නම්කරන ලද
- 239. සොං සියොල්ගේ ආලේඛය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- 240. යුන් දුසෝගේ ආලේඛය, හේනම් ප්‍රාන්තය
1988 ජූනි 16 දින නම්කරන ලද
- 241. මහාප්රඥාපාරමිතා සූත්‍රය, හෝඅම් කලා විශ්වවිද්‍යාලය, යොන්ගින්
1988 නොවැම්බර් 14 දින නම්කරන ලද
- 242. බොංප්යොංහි සිල්ලා ස්මාරකය, උල්ජින් ප්‍රාන්තය
1988 දෙසැම්බර් 28 දින නම්කරන ලද
- 243. යෝගාචාර්යභූමි සූත්‍රයේ වෙළුම 11හි විවරණය, හෝඅම් කලා කෞතුකාගාරය, යොන්ගින්
- 244. යෝගාචාර්යභූමි සූත්‍රය වෙළුම 17, මියොංජි විශ්වවිද්‍යාලීය කෞතුකාගාරය, යොන්ගින්
- 245. ත්‍රිපිටකයේ සුචිය වෙළුම 20, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- 246. දේබෝජොක්ග්යොං සූත්‍රය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
1989 අප්‍රේල් 10 දින නම්කරන ලද
- 247. උයිදංහි රන් ආලේපිත ලෝකඩ සිටි බෝධිසත්ත්ව ප්‍රතිමාව, ගොංජු
1989 අගෝස්තු 1 හෝ ඉන් පසුව නම්කරන ලද
- 248. ජොසොන් යුගයේ ඇඳි කොරියාවේ සිතියම, ග්වාචොන්
- 249. දොංග්වොල්දෝ, චංදොක්ගුං සහ චංග්යොංගුං මාලිගාවල හාත්පස පෙන්වන සිතුවම, සෝල්
- 250. ජොසොන් රාජධානිය ස්ථාපනයට සිදුකළ විශිෂ්ට සේවාව වෙනුවෙන් යි වොන්ගිල් හට පිරිනැමුණු ප්‍රශංසනීය සහතික පත්‍රය, ජුං-ගු, සෝල්
- 251. දේස්යුං අභිධර්ම සූත්‍රය, ජුං-ගු, සෝල්
- 252. නෙළුම් මෝස්තර සහිත පෝසිලේන් බෝතලය, යොන්ගින්
- 253. ගිල්ලවූ පියෝනි මෝස්තර සමග උන්නත නෙළුම් සහ ලියවැල් මෝස්තර සහිත සෙලඩන් පාත්‍රය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- 254. නෙළුම් සහ ශාඛා මෝස්තර ගිල්ලවූ සෙලඩන් බඳුන, ජුං-ගු, සෝල්
- 255. චුංචොංනම්-දෝවලින් ලැබෙන්නට ඇතැයි සිතිය හැකි ලෝකඩ සීනු, හෝඅම් කලා කෞතුකාගාරය, යොන්ගින් (උප-සංලේඛ 4)
- 256. අවතාංසක සූත්‍රය, 1 කොටස, ග්යොංගි පළාත් කෞතුකාගාරය, යොන්ගින්
- 257. අවතංසක සූත්‍රය, 29 කොටස, ගුඉන්සා විහාරය, දන්යැං ප්‍රාන්තය
- 258. උණ මෝස්තර සහි. සුදු පෝසිලේන් බෝතලය, යොන්ගින්
- 259. මකර මෝස්තර සහිත බුන්චොං බුජම, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- 260. යකඩ යටිඔපයෙන් යුත් පියෝනි මෝස්තර සහිත බුන්චොං ජරබ්යොං බඳුන, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- 261. සුදු පෝසිලේන් බුජම් දෙක, හෝඅම් කලා කෞතුකාගාරය, යොන්ගින්
- 262. විශාල සුදු පෝසිලේන් බුජම, උහක් සංස්කෘතික පදනම, සෝල්
- 263. භූමි දර්ශන, මල් සහ පක්ෂි මෝස්තර සහිත නිල් සහ සුදු පෝසිලේන් බුජම, උහක් සංස්කෘතික පදනම, සෝල්
- 264. නේංසු-රිහි ශිලාව, යොන්ගිල, පෝහං
- 265. අවතාංසක සූත්‍රය 13 කොටස, ජොංනෝ-ගු, සෝල්
- 266. අවතාංසක සූත්‍රය 2 සහ 75 කොටස්, හෝරිම් කෞතුකාගාරය, සෝල්
- 267. අභිධර්ම සූත්‍රය 12 කොටස, හෝරිම් කෞතුකාගාරය, සෝල්
- 268. අභිදම්බිපාස සූත්‍රය 11,17; හෝරිම් කෞතුකාගාරය, සෝල්
- 269. මහා සූත්‍රය 6 කොටස, හෝරිම් කෞතුකාගාරය, සෝල්
- 270. වඳුරකුගේ හැඩය ගත් සෙලඩන් වයින් බඳුන, ගන්සොං කලා කෞතුකාගාරය, සෝල්
- 271. යෝගාචාර්යභූමි සූත්‍රය පිළිබඳ විවරණය වෙළුම 12, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- 272. යෝගාචාර්යභූමි සූත්‍රය වෙළුම 32, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- 273. යෝගාචාර්යභූමි සූත්‍රය වෙළුම 15, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- 274. මකා දමන ලදී (මුලින් මේ යටතේ නම්කොට තිබූ කැස්බෑ නැවකින් හමුවූ ලෝකඩ කාලතුවක්කුව ව්‍යාජ එකක් බව සොයාගැනිණි)
- 275. අසු පිට නැගි මිනිසකුගේ හැඩය ගත් මැටි බඳුන, ග්යොංජු ජාතික කෞතුකාගාරය, ග්යොංජු
- 276. යෝගාචාර්යභූමි සූත්‍රය වෙළුම 53, ගාචොන් කෞතුකාගාරය, ඉන්චොන්
- 277. අවතාංසක සූත්‍රය 36 කොටස, හන්සොල් සංස්කෘතික පදනම, ජොන්ජු
- 278. මකා දමන ලදී (මුලින්: ජොසොන්හි තේජොං රජුගේ එකොළොස්වන වර්ෂයේ යි හ්යොං හට පිරිනමන ලද ප්රශංසාත්මක සහතික පත්‍රය, යොංදොං ප්‍රාන්තය; මෙය 1657වන වස්තුව ලෙස යළි නම්කරන ලදී)
- 279. අවතාංසක සූත්‍රය 74 කොටස, ගුයින්සා, දන්යං ප්‍රාන්තය
- 280. සොංගෝසන් කන්දේ චොන්හ්යුංසා විහාරයේ ලෝකඩ ඝණ්ඨාරය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- 281. සුදු පෝසිලේන් වයින් බඳුන, හොරිම් කෞතුකාගාරය, සෝල්
- 282. හ්යුක්සොක්සා විහාරයේ හිඳි දැවමය අමිතාභ බුද්ධ ප්‍රතිමාව සහ සෙසු පුරාවස්තු, යොංජු (උප-සංලේඛ 4)
- 283. තොංගම්හි දෙවන සංස්කරණය, ග්යොංජු
- 284. මහාප්රඥාපාරමිතා සූත්‍රය 162,170,463 කොටස්, ගංනම්-ගු, සෝල්
- 285. දේගොක්-රිහි බන්ගුදේ ශිලා කැටයම්, උල්සන්
- 286. සුදු පෝසිලේන් පාත්‍රය, ලීයුම්, සම්සුං කලා කෞතුකාගාරය, සෝල්
- 287. න්යුංසන්-රි වලින් හමුවූ බෙක්ජේහි රන් ආලේපිත ලෝකඩ සුවඳ දාහකය, බුයෝ ජාතික කෞතුකාගාරය, බුයෝ ප්‍රාන්තය
- 288. විදොක් රජු විසින් කරවන ලද ශෛලමය බෞද්ධ පූජාවස්තු මංජුසාව, බුයෝ ප්‍රාන්තය
- 289. වංගුං-රිහි පස් මහල් ශෛලමය ස්තූපය, ඉක්සන්
- 290. තොංදෝසා විහාරයේ දේඋංජොන් ශාලාව සහ පියගැට පෙළ, යැංසන්
- 291. යොංගම්සුග්යොං, කොරියා විශ්වවිද්‍යාලය, සෝල්
- 292. ඔදේ කන්දේ සංවොන් විහාරය පිළිසකර කිරීම සිහිපත් කෙරෙන සංදේශය, ප්යොංචං ප්‍රාන්තය, ගංවොන්
- 293. රන් ආලේපිත සිටගත් ලෝකඩ අවලෝකිතේශ්වර බෝදිසත්ත්ව ප්‍රතිමාව, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- 294. යකඩ, තඹ සහ කොබොල්ට් නිල් යටිඔපය සහිත තෘණ සහ කෘමි රූ ඇතුළත් සුදු පෝසිලේන් බෝතලය, කන්සොං කලා කෞතුකාගාරය, සොංබුක්-ගු, සෝල්
- 295. බෙක්ජේහි කිරුළක්, සින්චොන්-රි, නාජු, නාජු ජාතික කෞතුකාගාරය
- 296. විල්ජංසා විහාරයේ බෞද්ධ සිතුවම් පහ, අන්සොං
- 297. අන්සිම්සා විහාරයේ බෞද්ධ සිතුවම, චොංවොන් ප්‍රාන්තය
- 298. ගප්සා විහාරයේ බෞද්ධ සිතුවම, ගොංජු
- 299. සින්වොන්සා විහාරයේ බෞද්ධ සිතුවම, ගොංජු
- 300. ජංගොක්සා විහාරයේ බෞද්ධ සිතුවම, චොන්ග්යැං ප්‍රාන්තය
- 301. හ්වේඔම්සා විහාරයේ බෞද්ධ සිතුවම, ගුර්යේ ප්‍රාන්තය
- 302. චොංගොක්සා විහාරයේ බෞද්ධ සිතුවම, ජින්ජු
- 303. ස්යුංජොංවොන්හි දිනපොත් වාර්තාව, සෝල් ජාතික විශ්වවිද්‍යාලය, සෝල්
- 304. ජින්නම්ග්වන් ශාලාව, යෝසු
- 305. සේබ්යොංග්වන්, තොංග්යොං
- 306. සම්ගුංන්‍යුසා 3, 4, 5 කොටස්
- 307. තෙයාන් ප්‍රාන්තයේ ගින් නෙළූ ත්‍රිත්ව බුද්ධ ප්‍රතිමා
- 308. දේහ්යුංසා විහාරයේ උතුරු ගලින් නෙළූ හිඳි මෛත්‍රෙය බුද්ධ ප්‍රතිමාව, හේනම්
- 309. විශාල පෝසිලේන් බුජම, සෝල්
- 310. විශාල පෝසිලේන් බුජම, සෝල්
- 311. බොංජොංසාහි දේයුංජොන් ශාලාව, අන්දොං
- 312. චිල්බුරාම් ආශ්රමයේ ශෛලමය කුළුණක කැටයම් කරන ලද හිඳි බුද්ධ රූපය, නම්සන්, ග්යොංජු
- 313. මුවිසාහි ග්යුංනක්ජොන් ශාලාවේ ඇති අමිතාභ බිතු සිතුවම, ගංජින් ප්‍රාන්තය
- 314. සොංග්වංසා විහාරයේ හ්වේඔම්ජොන් ශාලාවේ හ්වේඔම්තෙං සිතුවම, සුන්චොන්
- 315. බොන්ගම්සාහි ජිජ්යුංදේසා බෞද්ධ භික්ෂුවගේ ස්තූපය අසල ඇති ශිලා ස්තම්භය, මුන්ග්යොං
- 316. හ්වාඅම්සාහි ග්යුංනක්ජොන් ශාලාව, වන්ජු ප්‍රාන්තය, උතුරු ජොල්ලා පළාත
- 317. ජොසොන්හි තේජෝ රජුගේ රාජකීය ආලේඛය, ජොන්ජු, උතුරු ජොල්ලා ප්‍රදේශය
- 318. ජුංසොං-රිහි සිල්ලා ස්මාරකය, පෝහං
- 319. දොංගුයි බෝගම් (පිටපත් 3; කොරියාවේ ජාතික පුස්තකාලය, කොරියානු අධ්‍යයන ඇකඩමිය, සෝල් ජාතික විශ්වවිද්‍යාලය)
- 320. වොරින්චොංගංජිගොක් (ගංගා දහසක් මත සඳෙහි පිළිබිඹුව පිළිබඳ ගීත), කොරියානු අධ්‍යයන ඇකඩමිය
මේවාත් බලන්න
- දකුණු කොරියාවේ ඓතිහාසික අඩවි
- ජාතික වස්තුව (උතුරු කොරියාව)
- කොරියාවේ සංස්කෘතිය
- කොරියාවේ ඉතිහාසය
සටහන්
^ මෙම ලැයිස්තුව ප්‍රධාන වශයෙන්ම ගොඩනගා ඇත්තේ පහත මූලාශ්‍ර ඇසුරෙනි: "සංස්කෘතික දේපළ සෙවුම් ප්‍රතිඵල". සංස්කෘතික උරුම පරිපාලන වෙබ්අඩවිය. සම්ප්‍රවේශය 2017-01-03. සහ "문화재검색" (කොරියානු බසින්). සංස්කෘතික උරුම පරිපාලනය.
- "National Treasure (국보 國寶)" (Korean බසින්). Empas/EncyKorea. සම්ප්‍රවේශය 2008-04-14.
{{cite web}}: CS1 maint: unrecognized language (link) - "Heritage classification". Cultural Heritage Administration.
- 監査院「国宝1号を変更すべき」 (Japanese බසින්). Chosun Ilbo Japan. 2005-11-08. සම්ප්‍රවේශය 2008-01-07.
監査院は「日帝は1938年の『朝鮮宝物令』で文化財を指定した際、南大門を宝物1号に、現在の東大門(現在の宝物1号)を宝物2号に指定したが、光復 (独立)後も1962年にようやく国宝と宝物を指定した際、そのほとんどが日帝の宝物令にそのまま従って指定された」と明らかにした。
{{cite web}}: CS1 maint: unrecognized language (link) - "국보 (國寶 national treasure)" (Korean බසින්). Yahoo! Korea Encyclopedia.
{{cite web}}: CS1 maint: unrecognized language (link) - "국보 제278호" (Korean බසින්). CHA. සම්ප්‍රවේශය 2017-01-02.
{{cite web}}: CS1 maint: unrecognized language (link) - kdaq.empas.com
ආශ්‍රේයයන්
- National Museum of Korea, The (1985). Selected Treasures of National Museums of Korea. Seoul: Samhwa Publishing.
- "Cultural Heritage General Search (database)". Cultural Heritage Administration, Republic of Korea. සම්ප්‍රවේශය 2017-01-02.
- "문화재검색" (Korean බසින්). Cultural Heritage Administration, Republic of Korea. සම්ප්‍රවේශය 2017-01-02.
{{cite web}}: CS1 maint: unrecognized language (link)
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජාතික වස්තුව (දකුණු කොරියාව) පිළිබඳ තොරතුරු, ජාතික වස්තුව (දකුණු කොරියාව) යනු කුමක්ද? ජාතික වස්තුව (දකුණු කොරියාව) යනු කුමක් දර්ශනය කරන්නේ?