ජීව විද්‍යාව යනු ජීවීන් පිළිබඳ අධ්‍යනය සඳහා විශේෂ අවධානයක් සහිත විද්‍යාව යි. ජීව විද්‍යාව නම්, biology ය. Biology යන වචනය සෑදී ඇත්තේ bios (ජීවය) හා logos (අධ්‍යනය) යන වචන දෙක මඟින් ය. 'ජීවය' යන සංකල්පය අර්ථ දැක්වීම දුෂ්කර ය. විද්‍යාඥයන් ජීවය පිළිබඳ පිළිගත් නිර්වඡනයක් ලබාදීමට අපොහොසත් වී ඇත. 'ජීවය' යනු විශේෂ හා අද්විතීය දෙයකි. එය රසායන විද්‍යා හා භෞතික විද්‍යා නියම භාවිත කර පැහැදිලි කළ නොහැකි ය. ජීව විද්‍යාව ප්‍රධාන ශාඛා තුනක් යටතේ සැකසී ඇත. එනම් සත්ත්ව විද්‍යාව (සතුන් පිළිබඳ අධ්‍යනය), උද්භිද විද්‍යාව (ශාක පිළිබඳ අධ්‍යනය), ක්ෂුද්රජීව විද්‍යාව (ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ අධ්‍යනය) වේ.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජීව විද්‍යාව පිළිබඳ තොරතුරු, ජීව විද්‍යාව යනු කුමක්ද? ජීව විද්‍යාව යනු කුමක් දර්ශනය කරන්නේ?