ජුබිලි අම්බලම

ජුබිලි අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි ඓතිහාසික වශයෙන් වැදගත් අම්බලම් අතුරින් එකකි. එය කෑගල්ල නගර සීමාව තුළ ඉදිකොට තිබෙයි.

ඉදිකිරීම

1887 වර්ෂයේ යෙදී තුබූ එංගලන්තයේ වික්ටෝරියා මහ රැජිණගේ රාජ්‍යප‍්‍රාප්තියේ 50 වන සංවත්සරය සැමරීම උදෙසා මෙම අම්බලම ඉදිකරන ලදී.

එකලදී මෙම අම්බලම, කෑගල්ල ඒජන්තවරයා බැහැදැකීමට පැමිණි රටේ මහත්වරු, කෝරාළවරු, ගම්මුලාදෑනිවරු ආදී නිලධාරීන්ට සිය නිලඇඳුමින් සැරසීම සඳහා ස්ථානයක් වශයෙන් ප්‍රයෝජනවත් වූ බව සඳහන් වෙයි.

භාවිතය

කෑගල්ල නගර සභාව යටතේ පාලනය වන කෑගල්ල ජුබිලි අම්බලම වර්තමානයේදී ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යනු ලැබේ.[තහවුරු කර නොමැත]

මේවාද බලන්න

මූලාශ්‍ර

  1. "රජ කාලේ අම්බලම්". ලංකාදීප. 15 ජනවාරි 2012. 2014-03-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 මැයි 2014.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජුබිලි අම්බලම පිළිබඳ තොරතුරු, ජුබිලි අම්බලම යනු කුමක්ද? ජුබිලි අම්බලම යනු කුමක් දර්ශනය කරන්නේ?