ජුඩෝ ක්‍රීඩාව ජු-ජිට්සු සටන් කලාවෙන් බිඳී ආ පොරබැදීමේ ආරට අයත් නූතන ජපන් ආත්මාරක්ෂක ක්‍රිඩා සටන් කලාවක් වන අතර එහි ආරම්භය 19 වන සියවසේ අගභාගයේදී ජපානයේදි සිදු විය. ජුඩෝ යන වදනෙහි අරුත වන්නේ මෘදු යන්නයි. මෙම ක්‍රීඩාවෙහි වඩාත් වැදගත් කොටස වන්නේ එයට අයත්වන තරගකාරී කොටසයි. එහිදි ක්‍රීඩකයෙකුගේ ඉලක්කය වන්නේ තම ප්‍රතිවාදියා බිම හෙලීම, ඔහුට චලනය විය නොහැකි වන පරිදි ක්‍රියාත්මක වීම හෝ වෙනත් පොර බැදීම් ක්‍රම වේදයකින් ප්‍රතිවාදියා මෙල්ල කිරීමයි. මේ සදහා ප්‍රතිවාදියාගේ දෑත් හෝ දෙපා හිරවන පරිදි දැඩිව අල්ලා ගැනීම ආදි ක්‍රම වේදයන් භාවිතා කළ හැකිය. දෑත් හා දෙපා භාවිතයෙන් සිදු කරන සුළු පහරදීම් සහ තල්ලු කිරීම් මෙන්ම ආයුධවලින් එල්ල වන ප්‍රහාරයන්ට මුහුණ දීමේ යම්යම් ක්‍රම වේදයන් ද ජුඩෝ ක්‍රීඩාවට ඇතුළත් වන නමුත් ඒවා පෙර සකස් කළ ක්‍රීයාදාමයන් ලෙස පමණක් සිදු කෙරෙන අතර ජුඩෝ තරඟ සහ නිදහස් ජුඩෝ පුහුණු වීම් තුළ ඒවා භාවිත කිරීමට ඉඩ දෙනු නොලැබේ.
ආවසාන වශයෙන් ජුඩෝ ක්‍රීඩාව සදහා නිර්මාණය කෙරුණු දර්ශනය සහ ශික්ෂණ ශාස්ත්‍රය සාම්ප්‍රදායික ආත්මාරක්ෂක සටන් පාසැල් (කොරූයු) ඔස්සේ වැඩි දියුණු වු සියලු ජපන් ආත්මාරක්ෂක සටන් කලාවන් සදහා ආකෘතියක් බවට පත් විය.
ජුඩෝ ක්‍රීඩාවේ නිරත වන්නන් 'ජුඩෝකා' ලෙස හැදින්වේ.
== සටහන් ==ජුඩො ක්‍රිඩාව ආත්මාරක්ශක සටන් කලාවක්ලෙස වැදගත්වේ. ජුඩො හි නිර්මාතෘ වනුයෙ ආචාර්ය ජිගාරො කානො මහතාය.තව එහි සටන්ක්‍රම ආදිය බෙහෙවින් සරලවෙ. නමුත් ප්‍රහාරත්මකය
| Judo |
- Inman (2005) p10
- The first Olympic competition to award medals to women judoka was in 1992; in 1988, women competed as a demonstration sport. Inman (2005) p11
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජූඩෝ පිළිබඳ තොරතුරු, ජූඩෝ යනු කුමක්ද? ජූඩෝ යනු කුමක් දර්ශනය කරන්නේ?