ටැම්පිට විහාර

මුල් පිටුව | ටැම්පිට විහාර

ටැම් හෙවත් කුළුණු මත ඉදිකළ විහාර ගෙවල් ටැම්පිට විහාර ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාව තුල මෙම විහාර සම්ප්‍රදාය 17 වැනි සියවසේ ආරම්භව 19 වැනි සියවසේ අවසාන භාගය දක්‌වා ප්‍රචලිතව පැවතිණි. 20 වැනි සියවසේ හෝ ඊට පසු කාලයේ තුලදී ටැම්පිට විහාර තැනීම පිළිබඳව සාධක හමුවී නොමැත.

සම්භවය

ලක්දිව තුල ටැම්පිට විහාර ඉදිකිරීම ආරම්භ වීම සම්බන්ධව මත කිහිපයක් පවතී.

  • මහල් පූජස්ථාන ඉදිකිරීමේ අංගයක් ලෙස ටැම්පිට විහාර ඉදිකිරීම ආරම්භ වීම.
  • ස්වභාවික උවදුරු හේතුවෙන් සිතුවම් සහ පිළිම වලට සිදුවන හානිවලින් ගෘහය ආරක්ෂා කරගැනීම සඳහා ටැම්පිට විහාර ඉදිකිරීම ආරම්භ වීම.
  • ගෞරවෝත්පාදනය උදෙසා ටැම්පිට විහාර ඉදිකිරීම ආරම්භ වීම.

දිවයිනෙහි ටැම්පිට විහාර ව්‍යාප්තිය

වර්තමාන ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර 137 ක් පමණ හඳුනාගෙන තිබේ. ඉන් එක් එක් දිස්ත්‍රික්කයන්හී ටැම්පිට විහාර ව්‍යාප්ත වී ගොස් ඇති ආකාරය.

දිස්ත්‍රික්කය ටැම්පිට විහාර සංඛ්‍යාව
අනුරාධපුරය 5
කළුතර 1
කෑගල්ල 48
කුරුණෑගල 28
මහනුවර 15
මාතලේ 11
ගම්පහ 10
රත්නපුර 8
ගාල්ල 2
මාතර 4
හම්බන්තොට 2
නුවරඑළිය 3

මූලාශ්‍ර

  1. තෙන්නකෝන්, චාන්දනී. "මැදවල ටැම්පිට විහාරය". අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකාව. සම්ප්‍රවේශය 9 ජූලි 2017.
  2. "ජනප්‍රිය කලාවෙන් උපන් ටැම්පිට විහාර". දිවයින (පුවත්පත). 21 ඔක්තෝම්බර් 2009. සම්ප්‍රවේශය 8 ජූලි 2017.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ටැම්පිට විහාර පිළිබඳ තොරතුරු, ටැම්පිට විහාර යනු කුමක්ද? ටැම්පිට විහාර යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.