ටිබෙට් සානුව

මුල් පිටුව | ටිබෙට් සානුව

'ලෝකයේ පියස්ස' හෙවත් ටිබෙට් සානුව (Qinghai-Tibet plateau හෝ Qing-Zang plateau) යනු මධ්‍යම, දකුණු හා නැගෙනහිර ආසියාවේ මංසන්ධියෙහි පිහිටා ඇති විශාල උස් සානුවකි. එය භූගෝලීය වශයෙන් ඉන්දියානු උප මහද්වීපයට සහ හිමාලයානු කඳු පන්තියට උතුරින් ද, තාරිම් ද්‍රෝණියට සහ මොංගෝලියානු සානුවට දකුණින්ද පිහිටා ඇත. මෙම සානුව චීනය, ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, නේපාලය, භූතානය, ටජිකිස්තානය, කසකස්තානය ආදී රටවලට මායිම් වේ. මෙය ආසන්න වශයෙන් කිලෝමීටර් 1,000 (සැතපුම් 620)ක් උතුරේ සිට දකුණට සහ කිලෝමීටර් 2,500 (සැතපුම් 1,600)ක් නැගෙනහිර සිට බටහිරට විහිදේ. මෙමගින් වර්ග කිලෝමීටර 2,500,000 (වර්ග සැතපුම් 970,000)ක භූමි භාගයක් ආවරණය කරනු ලබයි. මෙය මුහුදු මට්ටමේ සිට ලොව උසම හා විශාලතම සානුවද වේ. සාමාන්‍ය උන්නතාන්ශය මීටර 4,500 (අඩි 14,800) ඉක්මවාලයි.

මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ටිබෙට් සානුව පිළිබඳ තොරතුරු, ටිබෙට් සානුව යනු කුමක්ද? ටිබෙට් සානුව යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.