ඩබ්ලිව්.ඒ. සිල්වා

සිංහල සාහිත්‍ය වංශ කථාවේ අගග්‍රණ්‍ය ස්ථානීය අගයක් හිමිකරගනු ලබන ඩබ්ල්යූ.ඒ. සිල්වා සූරීන්ගේ සම්පූර්ණ නාමය වැල්ලෙවත්තආරච්ච්ගේ ඒබ්‍රහම් සිල්වා ‍වේ. 1890 වර්ෂයේ ජනවාරි මස 16වෙනි දින කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ උපත ලද මෙතුමා සිය 17වැනි වියේදී තම ප්‍රථම නවකතාව වන "සිරියලතා" රචනා කරන ලදී. ඩබ්ලිව්.ඒ.සිල්වා මහතා පාඨකයන් අතර වඩාත් ප්ර කට ව සිටිනුයේ නවකතාකරුවකු වශයෙනි.එහෙත් සිංහල කෙටිකතාව ජනප්රිාය කර‍වීමෙහිලා මෙතුමාගෙන් ලැබුණු දායකත්වය අගය කළ යුතු ය. ලේඛකයකු වීමට අමතරව,සිල්වා මහතා පුවත්පත් කතුවරයෙක් හා සගරා සංස්කාරකවරයෙක් ද විය.

ඩබ්ල්යු.ඒ. සිල්වා
වැල්ලෙවත්ත ආරච්ච්ගේ ඒබ්‍රහම් සිල්වා
උපතජනවාරි 16, 1890(1890-01-16)
මියගිය දිනයMay 3, 1957(1957-05-03) (aged 67)

අධ්‍යාපනය සහ සාහිත්‍යමය කර්තව්‍යයන්

1890 ජනවාරි මස 16 වන දින කොළඹ වැල්ලවත්තේ දී උපත ලද ඩබ්ල්යු.ඒ.සිල්වා මහතා සිප්සතර හැදෑරුවේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලෙනි. එතුමාගේ පියා ඩබ්ල්යුු.ඒ හරමානිස් සිල්වා වූ අතර මව මොරෝ නෝනා නම් වූවාය. විධිමත් සිංහල අධ්‍යාපනයක් ලබාගැනීමෙන් අනතුරුව වයස අවුරුදු 17 දී ඔහු ප්‍රථම නව කතාව වන ‘සිරියලතා’රචනා කලේය. ලිපිකරුවකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹූ මෙතුමා රැකියාවේ නිරත වන අතරවාරයේ ම ප්‍රාචීන භාෂා ශාස්ත්‍්‍ර අධ්ය යනයෙහි ද නිරත විය. ඔහු පැලෑනේ ශ්‍රී වජිරඤාන තෙරණුවන් යටතේ සංස්කෘත හා සිංහල ඉගෙන ගැනීමෙන් අනතුරුව ලිපිකරුවෙකු ලෙස සේවය කලේය.මෙතුමා විජයබා කොල්ලය නම් නවකතාව ද,පාඨකයන්ට සජීවී අයුරින් විදහා දැක්වීමට හැකි විය.

මේ අතරතුර සිය විවේක කාලයේදී ලෝක සාහිත්‍යය පිළිබඳ කියවූ ඔහු 1922 දී සිය දෙවන නව කතාව වන ‘ලක්ෂ්මී’ රචනා කළේය. එසේම ඔහු ජනප්‍රිය නවකතා හා කෙටිකතා එකතුවක් රචනා කරගෙන ගියේය. ‘කැලෑහඳ’ (සිනමාවට නැගුණු ප්‍රථම සිංහල නවකතාව) සහ ‘හිඟන කොල්ලා’ වැනි ඔහුගේ බොහෝ නවකතා ඔස්සේ චිත්‍රපට නිෂ්පාදනය විය.ඩබ්ල්යු.ඒ. සිල්වා විසින් ‘සිරිසාර’ (1919 – 1923) සහ ‘නුවණ’ (1940 – 1946) යන සඳරා මෙන්ම සතිපතා පුවත්පතක් වන ‘ලංකා සමය’ (1933) හිද කතෘත්වය ඉසිලීය. ඔහුගේ අභාවයෙන් පසුව ඔහුට ගෞරවයක් ලෙස වැල්ලවත්තේ මහ වීදිය ‘W.A සිල්වා මාවත' ලෙස නම් කරන ලදී. මුද්‍රිත පත පොතෙහි ඔහුගේ නම සඳහන් කර ඇත්තේ "ඩබ්ල්යු. ඒ. සිල්වා" ලෙසයි.

ප්‍රකාශන

  • ලක්ෂ්මී (1922)
  • හිඟන කොල්ලා (1923)
  • පාසල් ගුරුවරී (1924)
  • දෙයියන්ගේ රටේ (1926)
  • කැලෑ හඳ (1933)
  • දෛව‍යෝගය (1936)
  • සුනේත්‍රා හෙවත් අවිචාර සමය (1936)
  • විජයබා කොල්ලය (නවකතාව​) (1938)
  • හඳපාන
  • ජූලි හත
  • රිදී හවඩිය
  • ලේන්සුව
  • සක්විති රජ
  • අමෘත හස්තය
  • දළකුමාර
  • මායා යෝගය (නාට්‍ය)
  • රාමායනය (පරිවර්තන)
  • රදළ පිළිරුව
  • එක් දහස් එක් රැය (පරිවර්තන)

කෙටිකතාකරුවකු ලෙස සිල්වා මහතා අතින් බිහි වුණු ප්‍රථම කෘතිය ‘දෙයියන්ගෙ රටේ සහ තවත් කථා’ නම් විය. ‘කථාරත්නාකර’ නම් සංග්‍රහනාමය යටතේ ආ ජෙනීගේ කථාව සහ තවත් කථා,ලේන්සුව සහ තවත් කථා, යන කෙටිකතා සංග්රකහයෙන් පසු ඹහු විසින් ‘සක්විතිරජ සහ තවත් කෙටිකතා’ කෘතිය පළ කෙරිණ.ඉනික්බිති කථාරත්නාකරයෙනි තෙවන කාණ්ඩ ලෙස ‘අමෘත හස්තය හා තවත් කථා’ එළිදැක්විණ. ‘දළකුමාරි සහ තවත් කෙ‍ටිකථා’ සිල්වා සූරීන්ගේ අවසන් කෙටිකතා සංග්‍රහයයි.

ග්‍රන්ථ පරිවර්තකයකු වශයෙන් මෙතුමා ‘අරාබි නිසොල්ලාසයේ’ කොටසක් ‘එක්දහස් එක්රැය’ නමින් ද සංස්කෘත කාව්‍යයක් වු ‘රමායණය’- ‘ වාල්මීකි රාමායණය’ නමින් ද සිංහලට නගා ඇත. පුවත්පත් කතුවරයකු වශයෙන් ‘ලංකා සමය’ ත් සගරා සංස්කාරකවරයකු වශයෙන් ‘සිරිසර’, ‘නුවණ’ හා තිලක’ත් එතුමා අතින් පළ විය. ‘ඉෂ්ටාර්ථ සිද්ධියේ රහස’ , ‘ඉංග්රිණසි සවාධ්යනයනය’ , ‘සිල්වාගේ ඉංග්රීඩසි හොඩිය’ මෙතුමාගේ වෙනත් කෘති අතර වේ.

අභිධාන සහ අභාවය

සාහිත්‍යකීර්ති නාමයෙන් පිදුම් ලද ඩබ්ලිව්.ඒ.සිල්වා මහතා 1957 දී මෙලොවින් සමු ගත්තේය.

මූලාශ්‍ර

  • W. A. Silva and Valmiki Ramayana by Premil Ratnayake

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඩබ්ලිව්.ඒ. සිල්වා පිළිබඳ තොරතුරු, ඩබ්ලිව්.ඒ. සිල්වා යනු කුමක්ද? ඩබ්ලිව්.ඒ. සිල්වා යනු කුමක් දර්ශනය කරන්නේ?