ඩී. එස්. ගුණසේකර

දොන් සැමුවෙල් ගුණසේකර (1896 නොවැම්බර් 13 – 1983 අගෝස්තු 7) හිටපු දේශපාලනඥයෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

D. S. Goonesekera
Minister of Labour and Social Services
තනතුර දරමින්
28 May 1963 – 1964
අග්‍රාමාත්‍යවරයාSirimavo Bandaranaike
පූර්වප්‍රාප්තිකයාM. P. de Z. Sriwardene
අනුප්‍රාප්තිකයාM. H. Mohamed
Member of the Ceylon Parliament
Habaraduwa සඳහා
තනතුර දරමින්
1960–1964
පූර්වප්‍රාප්තිකයාPrins Gunasekera
Member of the Ceylon Parliament
Udugama සඳහා
තනතුර දරමින්
1956–1960
පූර්වප්‍රාප්තිකයාNeal de Alwis
තනතුර දරමින්
1947–1952
අනුප්‍රාප්තිකයාNeal de Alwis
පුද්ගලික තොරතුරු
උපත13 නොවැම්බර් 1896(1896-11-13)
Habaraduwa, British Ceylon
විපත7 August 1983(1983-08-07) (aged 86)
ජාතිකත්වයSri Lankan
දේශපාලන පක්ෂයSri Lanka Freedom Party
කලත්‍රයාNandawathie Victoria Wickremasinghe
ළමයිTilak
උගත් ශාස්ත්‍රාලයDharmika School, Katukurunda
Mahinda College, Galle
රැකියාවland surveyor, politician

දොන් සැමුවෙල් ගුණසේකර 1896 නොවැම්බර් 13 දින හබරාදුවේදී දොන් මාර්තේලිස් ගුණසේකර සහ දෝන ක්ලෙයාර් අබේගුණවර්ධන යන අයගේ එකම පුත්‍රයා ලෙස උපත ලැබීය. ඔහු හබරාදුව කටුකුරුන්ද ධාර්මික පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය ලබා ඇත. ඔහු දේශපාලනයට පැමිණීමට පෙර ඉඩම් මිනින්දෝරුවරයකු ලෙස කටයුතු කළේය. 1927 දී ඔහු කෝදාගොඩ ගම් සභාවේ සභාපති විය. 1939 දී ඔහු ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස (ප්‍රධාන වීදියේ වාට්ටුව නියෝජනය කරමින්) තේරී පත් වූ අතර 1944 දී ගාල්ලේ නගරාධිපති ලෙස තේරී පත් විය. 1947 පළමු පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් උඩුගම මැතිවරණ කොට්ඨාසයට තරඟ කර එහි පළමු මන්ත්‍රීවරයා බවට පත්විය. පසුව පැවති 1952 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මාරුවීමෙන් පසු ආසනය අහිමි විය. 1956 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔහු නැවත ආසනය ලබා ගැනීමට සමත් විය. 1959 දී අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක විසින් වෙළඳ හා වාණිජ කටයුතු අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ලේකම්වරයා ලෙස පත් කරන ලදී.

යොමු කිරීම්

  1. Jayawardane, Ishara (17 July 2012). "A Politician and a Gentleman". Daily News. සම්ප්‍රවේශය 6 February 2017.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඩී. එස්. ගුණසේකර පිළිබඳ තොරතුරු, ඩී. එස්. ගුණසේකර යනු කුමක්ද? ඩී. එස්. ගුණසේකර යනු කුමක් දර්ශනය කරන්නේ?