ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ යනු ශ්‍රී ලාංකීය සිනමා අධ්‍යක්වරයෙකි. ඔහු 1939, මැයි, 27දා උපත ලැබුවේය. ආදි ආනන්දයෙකු මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකු වන නිහාල්සිංහ මහතා ජාතික චිත්‍රපට සංස්ථාවේ සමාරම්භක සාමාන්‍යාධිකාරීවරයා ද වේ.වැලිකතර නමින් පුළුල් තිරයේ මුල්ම සිනමා ස්කෝප් චිත්‍රපටය හා ශ්‍රී ලංකාවේ පළමු ටෙලි නාට්‍ය වන දිමුතු මුතු නාට්‍ය ද ඔහුගේ නිර්මාණ අතරින් වැඩි ජන ප්‍රසාධයක් ලැබූ නිර්මාණ අතර වේ.දිමුතු මුතු ටෙලි නාට්‍ය ශ්‍රී ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේද ප්‍රථම වර්ණ ටෙලි නාටීය වේ. එමෙන්ම, විප්ලවවාදී සිනමාරූපී බවක් ඉදිරිපත් කරමින් සිංහල සිනමාවට හස්‌ත ගත කැමරා කරණය' (HAND HELD CAMERA OPERATING) වෘත්තිය මට්‌ටමින් නිර්මාණාත්මකව - හඳුන්වා දෙනු ලබන්නේද - වැලිකතරෙනි.ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ මහතා මිය යනවිට 77 වන වියේ පසුවූ අතර හෙතේම ශ්‍රී ලාංකීය සිනමාවේ විප්ලවීය සලකුණ වශයෙන් හැඳින්විය හැක.හෙතේම 2016-04-21 වැනි දින කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප්‍රිප්ත විය.
සිනමා ගතවීම
| වසර | චිත්‍රපට | ක්‍රියාන්විතය |
|---|---|---|
| 1967 | සත් සමුදුර | සංස්කරණය |
| 1971 | වැලිකතර | අධ්‍යක්ෂණය / නිෂ්පාදනය |
| 1981 | සාගරයක් මැද | සංස්කරණය |
| 1986 | මල්දෙණියෙ සිමියොං | අධ්‍යක්ෂණය / කැමරාකරණය |
| 1991 | කෙළිමඬල | අධ්‍යක්ෂණය |
සම්මාන
සරසවිය සම්මාන
- 1968 - හොඳම අධ්‍යක්ෂණය - සත් සමුදුර
- 1982 - හොඳම සංස්කරණය - සත් සමුදුර
- 1987 - හොඳම අධ්‍යක්ෂණය - මල්දෙණියෙ සිමියොං
- 1987 - හොඳම කැමරාකරණය - මල්දෙණියෙ සිමියොං
- 1992 - හොඳම අධ්‍යක්ෂණය - කෙළිමඬල
සිග්නිස් සම්මාන
- 1987 - හොඳම කැමරාකරණය - මල්දෙණියෙ සිමියොං
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඩී බී නිහාල්සිංහ පිළිබඳ තොරතුරු, ඩී බී නිහාල්සිංහ යනු කුමක්ද? ඩී බී නිහාල්සිංහ යනු කුමක් දර්ශනය කරන්නේ?