මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
ක්‍රි.ව. 1950 දී ආරම්භ කරන ලද තර්ස්ටන් විද්‍යාලය කොළඹ නගරය තුළ පිහිටි ප්‍රධාන පෙලේ ජාතික පාසලකි. මෙහි සිසුන් 5000 කට වැඩි පිරිසක් ඉගෙනුම ලබයි
| තර්ස්ටන් විද්‍යාලය | |
|---|---|
| ස්ථානය | |
| තොරතුරු | |
| වර්ගය | Public |
| ආදර්ශ පාඨය | තමෙසො මා ජ්‍යෙතීර්ගමය (අදුරෙන් මා ආලෝකයට රැගෙන යන්න) |
| ආරම්භ කලේ | 1950 College Day - 11th January |
| ආදිකර්තෘ | E.A නුගවෙල මහාතා |
| විදුහල්පති | ඊ.එම්.එස් ඵ්කනායක |
| බාලක/බාලිකා | පිරිමි |
| වර්ණ(ය) | නිල්,රන් හා රතු |
| වෙබ් අඩවිය | www.thurstancollege.net |
පිහිටීම
කුරැදුවත්තේ ( කොළඹ07 ) එක් පසෙකින් කොළඹ විශ්ව විද්‍යාලයටත්, අනෙක් පසින් කොළඹ රාජකීය විද්‍යාලයටත් මායිම්ව ශාස්ත්‍රීය කලාපයක් තුළ පිහිටා ඇත.
පාලනය
මෙම අධ්‍යනායතනය, අධ්‍යාපන අමාත්‍යංශය යටතේ මෙහෙයවනු ලබන අතර පරිපාලනය විදුහල්පති විසින් සිදුවේ. විදුහල්පතිවරයාගේ පරිපාලන සහය සඳහා උප විදුහල්පතිවරයෙක් දායකත්වය සපයනු ලබන අතර. පාසල මූලික වශයෙන් ප්‍රාථමික අංශය, කනිෂ්ට අංශය සහ ජ්‍යේෂ්ඨ අංශය ලෙසින් අධ්‍යයන අංශ තුනකට බෙදා ඇත. ඒ ඒ අධ්‍යයන අංශ සඳහා නියෝජ්‍ය විදුහල්පතිවරුන් පත් කර ඇත.
විදුහල්පතිවරුන්
ඩී.ඊ.එ. ෂොක්මන් මහතා: 1950.01.11-1955.12.31
එම්.ඩී. ගුණවර්ධන මහතා: 1956.01.01-1967.01.17
පී.එම්. ජයතිලක මහතා: 1967.02.01-1969.10.09
එස්. පණ්ඩිතසේකර මහතා: 1970.03.16-1974.04.30
ඒ.කේ. විද්‍යාසේකර මහතා: 1974.05.02-1978.01.20
පී.එස්. ගුණසේකර මහතා: 1978.01.24-1987.12.31
එච්.ඩී.එච්. පෙරේරා මහතා:1988.01.01-1992.10.20
එච්.ඩී.එම්.පී වීරතුංග මහතා:1992-2006
යයි.ඒ.එන්.ඩී යාපා මහතා:2006-2013
නිවාස
- සැන්ඩිමන්
- මැක්රේ
- ඩෙනම්
- රොබිසන්
පහසුකම්
අංග සම්පූර්ණ පිහිනුම්තටාකාංගනයක්,අංග සම්පූර්ණ ක්‍රීඩාංගන 02,අංග සම්පූර්ණ රගර් ක්‍රීඩාංගනයක්,ගෘහස්ථ ක්‍රිකට් ක්‍රිීඩාංගනයක්,අංග සම්පූර්ණ ටෙනිස් පිටියක්,අංග සම්පූර්ණ බාස්කට් බෝල් පිටියක්,නවීන විද්‍යාගාර,දේශන ශාලාවක්,රංග ශාලාවක්
ක්‍රීඩා සංගම්
ක්‍රිකට්
තර්ස්ටන් වයස අවුරුදු 16න් පහළ ක්‍රිකට් කණ්ඩායම පිහිටුවන ලද්දේ 1953දීය. තර්ස්ටන් පාසල් ක්‍රිකට් වාරය ආරම්භයේදී බිග් මැච් හෝ බැට්ල් ඔෆ් ද බ්‍රදර්ස් ලෙසින් හැඳින්වෙන වාර්ෂික ක්‍රිකට් හමුවකදී ඉසිපතන විද්‍යාලයට එරෙහිව ක්‍රීඩා කරයි. තරඟය 1963 සිට පවත්වා ඇති අතර ක්‍රීඩා කළ තරඟ 52 න් 41 ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත. තර්ස්ටන් විද්‍යාලය 6 වතාවක් සහ ඉසිපතන විද්‍යාලය 4 වතාවක් ජයග්‍රහණය කළේය.
සහෝදරයන්ගේ මහා ක්‍රිකට් තරගය
අඩ සියවසකටත් වඩා වැඩි කාලයක් මුලුල්ලේ වසරක් පසා බ්ලැක්හැම් විජේවර්ධන කුසලානය උදෙසා තර්ස්ටන් - ඉසිපතන මහා ක්‍රිකට් තරගාවලිය පවත්වනු ලබේ .එදා සිට මේ දක්වා ශ්‍රී ලංකාව තුල බාලක පාසල් ද්විත්වයක් අතර පවත්වන ලබන සාමකාමීම ක්‍රිකට් තරගාවලියයි. මීට සමගාමීව එක් දින ක්‍රිකට් තරගාට වලිය,විවාද තරග,බැඩ්මින්ටන් තරගාවලි,අාදි ශිෂ්‍ය ක්‍රිකට් තරඟ,රථ පෙලපාලි,පා පැදි පෙලපාලි පවත්වනු
රග්බි
තර්ස්ටන් රග්බි ක්‍රීඩාවට පිවිසි දෙවන රජයේ පාසල වන අතර එහි රග්බි සංගම් කණ්ඩායම 1957 දී පිහිටුවන ලදී. ඉසිපතන විද්‍යාලයේ සාම්ප්‍රදායික ප්‍රතිවාදීන් සමඟ ක්‍රීඩා කරන 'අබ්දුල් ජබාර් කුසලානයට' අමතරව, 'දියනේෂ් රාජරත්නම් අනුස්මරණ කුසලානය සඳහා වාර්ෂික හමුවීම් තිබේ. ', 1998 දී වෙස්ලි විද්‍යාලයට එරෙහිව ආරම්භ වූ අතර, 2001 දී ඩී.එස්.සේනානායක විද්‍යාලය සමඟින් 'ග්‍රේෂන් ගුණවර්ධන අභියෝග කුසලානය'.
සමිති සහ සංගම්
- බෞද්ධ සංගමය
- සාමාන්‍ය දැනීම සංගමය
- කෘෂිකර්ම සංගමය
- සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය
- සිංහල කථික හා විවාද සංසඳය
- නව නිපැයුම්කරුවන්ගේ සංගමය
- චෙස් සංගමය
- මාධ්‍ය ඒකකය
- ගුවන් විදුලි සංගමය
- පරිගණක සංගමය
- තාරකා විද්‍යා සංගමය
- රසායන විද්‍යා සංගමය
- වාණිජ සංගමය
- කථික සමාජය
- ඉංග්‍රීසි නාට්‍ය සංගමය
- ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය
- පරිසර සංගමය
- ගණිත සංගමය
- සංගීත කවය
- ඡායාරූප සංගමය
- ශාන්ත ජෝන් ගිලන් හමුදාව
- රතු කුරුස සංගමය
- තාරකා විද්‍යාත්මක සංගමය
පාසල් ගීතය
නැණ ආලෝකය දෙන විදුහල් මව
අප සුමගය සෙවනය සැමදා //
එහි අපි උගනිමු-නැණයෙන් පිබිදෙමු
විනයෙන් සැරසෙමු-අප මව්බිම සනහා
බස රස කැරුමට-රැස එහි වැඩුමට
දෙස ඔසවනුවට-කැපවී හැම විට
ලක් දිව නම් දැරු තර්ස්ටන් විදුහල
සිසුවන් අප නිති දිරි වඩමු......//
දිරි වඩමු......//
- පද රචනය :දයානන්ද ගුණවර්ධන
- සංගීතය :ලයනල් අල්ගම
කීර්තිමත් ආදි සිසුන්
- Thurstan College Official Web site
- "Isipathana and Thurstan play out big match draw". The Nation. 1 March 2015. 4 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 June 2017.
- 54th Battle of the Brothers: Charana and Navod rescue Thurstan, https://archives1.dailynews.lk/2017/02/25/sports/108710/54th-battle-brothers-charana-and-navod-rescue-thurstan?page=1, ප්‍රතිෂ්ඨාපනය 2024-10-03
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තර්ස්ටන් විද්‍යාලය පිළිබඳ තොරතුරු, තර්ස්ටන් විද්‍යාලය යනු කුමක්ද? තර්ස්ටන් විද්‍යාලය යනු කුමක් දර්ශනය කරන්නේ?