තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමි (1893-1913)
ක්‍රි.ව. 1821 වසරේ මාතලේ කොහොන්සිය පත්තුවේ තිබ්බටුවාවේ උපත ලැබූ මුන් වහන්සේ ගේ ගිහි පෙළපත වූයේ විජේසුන්දර දිසානායක පණ්ඩිත වාසලමුදලි පෙළපත යි.
වයස අවුරුදු 9 දී පැවිදි බිමට පත්වූ උන් වහන්සේගේ පැවිදි ආචාර්යයන් වහන්සේ වූයේ තිබ්බටුවාවේ මේධංකර හිමියන්ය. මූලික බණ දහම් උගෙනැ නිසි කල එළඹ ස්වකීය ආචාර්යයන් වහන්සේ හා ඇඹෝගම රේවත නාහිමියන් ගේ ආචාර්යත්වයෙන් එවක මල්වතු මහ නා හිමියන් වූ ගල්ගිරියාව ශ්‍රී සුමංගල මහ නා හිමියන් ගේ උපාධ්‍යායත්වයෙන් මල්වතු මහා විහාරයේ දී 1841 වසරේ දී උපසම්පදාව ලැබූ හ.
උපසම්පදාව ලැබූ උන්වහන්සේ 1843 දී ස්වකීය ආචාර්යයන් වහන්සේ ගේ අපවත්වීමෙන් පසු ස්වකීය පරම්පරාවට අයත් විහාරය වන කුරුණෑගල රිදී විහාරයේ විහාරාධිපති ධුරයට පත්විය. 1848 දී මල්වතු මහා විහාරයේ විංසත්ද්වාර්ගික කාරක සංඝ සභාවට පත්වූ උන්වහන්සේ 1852 දී දළදා වහන්සේ ගේ තේවා මුරයට ද පත්වූ සේක.
1875 දී අනුනායක ධුරයට පත්වූ උන්වහන්සේ 1877 දී මහනුවර වල්ගම්පාය රජමහ විහාරයේ අධිපතිධුරයට ද පත්විය. ඉන් අනතුරුව ලේවැල්ල ගංගාරාමයේ ද අධිපති ධුරයට පත්විය.
1893 වසරේ දී එවක මල්වතු පාර්ශ්වයේ මහ නා හිමි වූ හිප්පොල ශ්‍රී සෝභිත මහ නා හිමි අපවත්වූ අතර, විංසත්ද්වාර්ගික කාරක සංඝ සභාවේ ඒකමතිකව මහ නා හිමි ලෙස පත්විය. ඒ අනුව තිබ්බටුවාවේ ඥාති ශිෂ්‍ය පරම්පරාව නියෝජනය කරමින් මහ නා හිමියන් ලෙස පත්වූ දෙවෙනි භික්ෂුව ලෙස තිබ්බටුවාවේ සුමංගල මහ නා හිමි ඉතිහාසයට එක්විය.
මල්වතු පාර්ශ්වයේ 21 වෙනි මහ නා හිමියන් වූ පූරිජ්ජල ශ්‍රී සරණංකර හිමි හා තිබ්බටුවාවේ ශ්‍රී මේධංකර නා හිමි මුන් වහන්සේගේ ශිෂ්‍ය හිමිවරුන්ය. 1913 වසරේ දී මුන් වහන්සේ අපවත්වූ හ.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමි පිළිබඳ තොරතුරු, තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමි යනු කුමක්ද? තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමි යනු කුමක් දර්ශනය කරන්නේ?