තෙසවලමේ නීතිය (ඉංග්‍රීසි: Thesavalamai, தேசவழமைச் சட்டம்) යනු ශ්‍රී ලාංකාවේ උතුරු පලාතේ දෙමල වැසියන්ගේ චාරිත්‍ර මත ආරම්භ වූ නීතියකි.
වදන
තේසවලමෙයි යන්නෙහි අරුත රටේ සිරිත් යන්නයි.
නීතියේ ආරම්භය
යාපනය අර්ධ-ද්වීපයේ ජීවත්වූ මලබාර් ජාතිකයන්ගේ සිරිත්විරිත් සහ ඉන්දියාවේ මලබාර් නීති පදනම් කරගමින් ලන්දේසීන් විසින් දුම්කොළ වැවීම සඳහා ලංකාවේ පදිංචිකල මලබාර් ජාතිකයින් වෙනුවෙන් නිර්මානයකල නීති පද්ධතියකි. මෙය නීති පද්ධතියක් ලෙස හදුන්වා දෙන ලද්දේ 1707දී ලන්දේසීන් විසිනි.
නීතියේ වර්ධනය
යාපනයේ උසාවිවල සේවය කල වෙල්ලාල කුලයේ විනිසුරුවරුන් විසින් ක්‍රමයෙන් මෙම නීතිය දෙමළ ජාතිකයන් වෙනුවෙන් අදාල කරගන්නා ලදී.
නීතියේ වර්තමාන තත්‍වය
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ජීවත් වන සියලුම පුරවසියන්ට මෙම නීතිය වලංගුවේ.[තහවුරු කර නොමැත]. උතුරු පලාතේ වන, පාරම්පරික ඉඩම් අඩු හෝ නොමැති දෙමළ ජාතිකයන්ට මෙම නීතියෙන් අසාධාරණයක් සිදුවන බවත්, කාන්තවනට අඩු අයිතිවාසාකම් හිමි බවටත් හඩ නැගේ.
නීති ක්‍රමයෙන් ආවරණය වන ක්‍ෂේත්‍ර
- පුද්ගල නීති
- දේපල නීති
- විවාහ නීති
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තේසවලමෙයි නීතිය පිළිබඳ තොරතුරු, තේසවලමෙයි නීතිය යනු කුමක්ද? තේසවලමෙයි නීතිය යනු කුමක් දර්ශනය කරන්නේ?