තොප්පිය

තොප්පිය හිස් ආවරණයක් වන අතර, විවිධ හේතු නිසා තොප්පි පලඳි. ඒ අතර මුලිකාංග ආරක්ෂාව, උත්සවාකාර හේතු, ආගමික හේතු, ආරක්ෂාව, හෝ විලාසිතා ආයිත්තමක් ලෙසද යොදාගනී. අතීතයේදී තොප්පි, සමාජ තත්වය පෙන්වන දර්ශකයක් විය. හමුදාවේදී තොප්පි ජාතිකත්වය, ශාඛා සේවාව, තනතුරු සහ/හෝ රෙජිමේන්තු පිලිබිඹු කිරීම වෙනුවෙන් භාවිතා කර ඇත. පොලිසිය සාමාන්‍යයෙන් සුවිශේෂී තොප්පි පලඳි. ඒවා නම්     පීක් තොප්පි හෝ ක්වාන් තොප්පි වේ. අතීතයේදී රාජකීය කැනේඩියානු පොලිසිය මේ තොප්පි පැළඳ ඇත. සමහර තොප්පි ආරක්ෂක ක්‍රියාවන්ට උපකාරී වේ. උදාහරණයක් ලෙස තද තොප්පි ඉදිකිරීම් කම්කරුවන්ගේ හිස් මතට, වස්තූන් පතිතවීමෙන් සිදුවන තුවාල වලින් ආරක්ෂා කරන අතර, බ්‍රිතාන්‍ය පොලීස් ආරක්ෂකයාගේ හිස් ආවරණය, ඔහුගේ හිස ආරක්ෂා කරයි. හිරු තොප්පි, හිරුගෙන් මුහුණ හා උරහිස් ආවරණය කරන අතර කව් බෝයි තොප්පි, හිරු රශ්මියෙන් හා වැස්සෙන් ආරක්ෂා කරයි. කණෙන් පහළට-ෆ්ලැප් සමග ඇති Ushanka ලොම් තොප්පියකින් හිස හා කන් උණුසුම් කරයි.

සමහර තොප්පි  චාරිත්‍රානුකූල අරමුණු සඳහා පළඳී. ප්‍රති මණ්ඩලය එවන් තොප්පියකි. එය විශ්වවිද්‍යල උපාධි උත්සව අතරතුර පැළඳ ඇත. ඇතැම් තොප්පි සමහර වෘත්තියයන් වල සාමාජිකයන් විසින් පළඳියි. සූපවේදීන් විසින් පළඳින Toque එයට උදාහරණයක් වේ. එපමණක් නොව සමහර තොප්පි ආගමික කෘත්‍යයන් ඉටුකෙරේ. පාරිදර්ශක මකූටය බිෂොප් ව්සින් පළඳින අතර සීක් ජාතිකයන් විසින් පළඳින හිස්වැස්ම තලප්පාව නම් වේ .

ඉතිහාසය

ක්රි.පූ 3000 පෙර තොප්පි පිලිබඳ බොහෝ නිල වාර්තා නොමැති වුනත් ,ඔවුන් සමහරවිට මීට පෙර සිටම බොහෝ ප්‍රකට වී තිබෙන්නට ඇත.[citation needed] පුරාවිද්යාඥයන්[which?] සිතන අන්දමට වසර 26,000  පමණ පැරණි Venus of Brassempouy  යෙන් විස්තර වන්නේ තොප්පියකි.මුලින්ම හඳුනා ගත් තොප්පි අතරින්,ලෝකඩ යුගයේ මිනිසා ඒවා පැළඳි බව තහවුරු කරගෙන ඇත.(විකට නම Ötzi) ඔහුගේ මිදුන සිරුර (තොප්පිය ද ඇතුළුව)ඔස්ට්රියාව හා ඉතාලිය අතර තිබී හමුවී ඇත.ඔහු ක්රි.පූ .3,300 ක් පමණ කාලයේ වෙසෙන්න ඇතැයි විශ්වාස කෙරේ.[citation needed] ඔහු හමුවී ඇත්තේ නිකට පටිය සමඟ වලස් හමෙන් සැදු කැප් එකක් සමගයි.එය හම් කීපයක් එකට මසා නිමවා ඇති අතර එය එල්ලා නොවැටෙන රුසියානු ලොම් තොප්පියක් මතකයට නංවයි. .[citation needed]

තොප්පියක් පළමු වරට චිත්රාත්මකව නිරූපණය කල ඇත්තේ සොහොන් සිතුවමකයි.එය Thebes, Egypt නම් වේ. එහි ක්රිස්තුපූර්ව 3200 ක් පමණ දක්වා පුරාණ කේතුකාකාර පිදුරු තොප්පිය හැඳ සිටි මිනිසෙක් පෙන්නුම් කරයි. පොදුවේ පැරණි ඊජිප්තුවන් තොප්පි පලඳා ඇත.බොහෝ ඉහළ පන්තියේ මිසරයෝ ඔවුන්ගේ හිස මුඩු කර හිස් පළඳනාවෙන් එය ආවරණය කලහ. මෙහි අරමුන වී ඇත්තේ ඔවුන්ගේ සිසිලස පවත්වා ගැනීමයි. පුරාණ මෙසපොතේමියන්වරු බොහෝ විට කේතුකාකාර තොප්පි හෝ තරමක් යටිකුරු බඳුනක හැඩයට සමාන හැඩ ඇති තොප්පි පැලන්දෝහ.

අනෙක් ආදීකාල තොප්පි අතරින් Pileus තොප්පිය හිස් කබලක් වැනි සරල තොප්පියකි; Phrygian කැප්, ග්රීසිය හා රෝමය නිදහස් වහලුන් විසින් පැළඳි අත‍ර (ඇමරිකාවේ විප්ලවවාදී යුද්ධය හා ප්රංශ විප්ලවය අතරතුරේදී කැපී පෙනුන අංගයක් බවට පත් විය, රාජාණ්ඩුවට එරෙහිව නිදහස සඳහා අරගලයේ සංකේතයක් ලෙස භාවිතා කළහ ); ග්රීක petasos, ගැටියක් සහිත පළමු තොප්පිය ලෙස ප්‍රකටය.කාන්තාවන් හිස්වැස්ම, හුඩ්, කැප්, හා මධ්යය කාලයේ හිස්වැසුම් අඳිනු ලැබුනි.

Otzi මෙන්, Tollund මිනිසාද තොප්පියත් සමග අද දක්වා සංරක්ෂණය කර ඇත. බොහෝ විට ක්රි.පූ 400 ක් පමණ කාලයේදී ඩෙන්මාර්ක් හෙලේ ඔහු මිය ගොස් ඇති අතර එම සිරුරත් බෙහෙත් ගලවා සංරක්ෂණය කොට තිබේ. .ඔහු බැටළු ලොම් හා ලොම් වලින් නිමවූ උල් තොප්පි ඇඳ සිටින අතර එය හම් පටියකින් නිකටට බැඳ ඇත.[citation needed]

St. Clement,ලොම් වලින් තොප්පි නිෂ්පාදනය කරන්නන්ගේ අනුශාසක දෙව්දත්,තහඩු ලෝම භාවිතය මුල්වරට යොදාගත් අතර ඔහු පාද ආරක්ෂාකර ගැනීමට හන තන්තු, පාවහන් සැදීමේදී යොදාගත්හ. (ක්රි.ව800 ).

මධ්යකාලීන යුගයේදී, තොප්පි, සමාජ තත්වය පිළිබඳ මිනුමක් වූ අතර යම් යම් නිශ්චිත කණ්ඩායම් වෙන් වෙන්ව තෝරා ගැනීමට භාවිතා කළේය.1215 හතරවන ලැටරන් සභාව සියලු යුදෙව්වන් තමන්ම හඳුනා ගැනීම‍ට Judenhat පැළඳීය. (“යුදෙව් තොප්පිය”), ඒ මගින් ඔවුන්ව යුදෙව් විරෝධය සඳහා ඉලක්ක ලෙස සනිටුහන් කරගැනීමට හැකිවිය  . මෙම තොප්පි සාමාන්යයෙන් කහ පාට වු අතර උල් හෝ සමහතරැස් හෝ විය..

මධ්යතන යුගයේ දී, කාන්තාවන් සඳහා තොප්පි සරල ස්කාෆ් එකේ සිට කේතු හැඩති හිස පළඳනාවක්   දක්වා පරාසයක විහිදුනි. එපමණක් නොව මෙය සමාජ තත්ත්වය නිරූපණය කිරීමට යොදා ගැනුනි.  පිරිමි රාජ සභිකයන්ගේ තොප්පි වලට සමාන වූ තොප්පි වර්ගයක් වන ව්යුහගත තොප්පි ,16 වන සියවසේ අග භාගයේ දී කාන්තාවන් ව්සින්  පැළදීය.  'කාන්තා ඇඳුම් සාදන්නා(milliner)' යන වචනය ඉතාලියේ නගරයක් වන මිලාන් වලින් පැවත එන්නකි. 18 වන සියවසේදී හොඳම තත්ත්වයේ තොප්පි දී නිපදවූ ස්ථානය මෙය වේ. සම්ප්රදායික කාන්තාවකගේ වෘත්තිය තොප්පි නිර්මාණය හා විකිණීමයි.මෙහිදී තොප්පි හා නිකට ආවරණය නිර්මාණයට අමතරව තොප්පිය සම්පුර්ණ කිරීමට ලේස් තේරීම,හැඩ ඇල්ලීම සහ උපාංග තේරීමත්  අයත් වේ.එය සම්පුරණ කට්ටලයි 

 19 වන සියවසේ මුල් භාගයේ දී, කාන්තාවන්ගේ තොප්පි නිකට ආවරණය ක්‍රමයෙන් විශාල වන ලෙස නිර්මාණය කල අතර ඒවා රිබන්, මල්, පිහාටු හා දැල් රෙදි වලින් සරසා තිබුනි. මේ සියවසේ අවසන් වන විට, තවත් බොහෝ විලාසිතා හඳුන්වා දෙන ලදී , ඒ අතර පුළුල් වාටිය ඇති තොප්පි හා පැතලි මුදුන,මල් බඳුන සහ කාන්තාවන්ගේ හිස් වැසුම ප්‍රදාන වේ.1920 මැද භාගය වන විට, කාන්තාවන් කොණ්ඩය කෙටි කිරීම නිසා තොප්පිය, ඔවුන් ආදේශක කරගැනුනේ හිස් ආවරණයටයි.

 තුරඟ තරඟ වලදී තොප්පි පැළඳීමේ සම්ප්රදාය බ්රිතාන්යයේ රාජකීය ඇස්කොට් තුරඟ තරඟ උත්සවයෙන් ආරම්භ වී ඇත. නියමිත ඇඳුම එහිදී පලඳිය යුතු අතර වන ඒ සඳහා දැඩි අවධානායක යොමු කරයි.රාජකීය කුටිය තුල සිටින සියලුම අමුත්තන් පැළඳිය යුතුයි තොප්පි. මෙම සම්ප්රදාය අනෙකුත් තුරඟ තරඟ වලදීද සම්මත කර ගන්නා ලදී.උදාහරණයක් වන්නේ කෙන්ටකි ඩර්බි එක්සත් ජනපදයයි.

1980 දී ප්‍රමානයෙන් ඉතා විශාල තොප්පි ජනප්රිය වූ අතර, 21 වන සියවසේ මුල් භාගයේ දී, චිත්තාකර්ෂණීය තොප්පි නැවත ප්‍රචලිත විය.තරඟකාරී තරුණ තොප්පි නිරමාණකරුවන්ගේ නව රැල්ලත් සමග, ඇස්බැන්ඳුම් ඇති ලෝම් තොප්පිද මිනිස් කෙස් වලින් කල උසැති ශිරස්ත්‍රාණ තොප්පිද ප්‍රධාන විය. සමහර අලුත් තොප්පි එකතූන් පැළඳිය හැකි මූර්ති ලෙස විස්තර කර ඇත.බොහෝ පොප් තරු ලේඩි ගගා ,ප්‍රසිද්දවීමට තොප්පි සූත්තරයක් ලෙස යොදාගෙන ඇත.

ප්රසිද්ධ තොප්පි සාදන්නනනෝ

වඩාත් ප්රසිද්ධ ලන්ඩනයේ තොප්පි සාදන්නන්  වන්නේ ශාන්ත ජේම්ස් වීදිය ජේම්ස් ලොක් සහ සමාගම වේ.මෙම වෙළෙඳ සැල් ලොව පැරණිම තොප්පියක් සාප්පුවයි. ෂාප් සහ ඩේවිස් 6 ෆිෂ් ස්ට්‍රීට් හිල්  20 වන සියවසේ අග භාගයේ දී, ලන්ඩනයේ සිටි ඩේවිඩ් සිලිං,තොප්පි ලොව පුරා නැවත හඳුන්වා දීම නිසා කෞතුකාගාර කීර්තියට පත් වුනා.ප්‍රසිද්ධ බෙල්ජියානු තොප්පි නිර්මාණකරුවන් වන එල්විස් පොම්පිලෝ හා ෆබිඑන් ඩෙල්ව්ගන් ( රාජකීය වරෙන්තුවක් ඇති පත් වීමකි ) යුරෝපීය රාජකීයන්ගේ තොප්පි නිර්මාණය කලහ. Philip Treacy OBE යනු සම්මානලාභී අයර්ලන්ත ජාතික තොප්පි නිර්මාණකරුවෙක් වන අතර ඔහුගේ නිර්මාණ නිල වශයෙන් පිළිගැනීමට ලක්විය. ඒවා රාජකීය විවාහ උත්සව සදහාද පැළඳය.උතුරු ඇමරිකාවේ සුප්රසිද්ධ කව්බෝයි - තොප්පි නිෂ්පාදකයන් වන Stetson රාජකීය කැනේඩියානු පොලිසිය සහ ටෙක්සාස් රේන්ජර්ස් සඳහා හිස් ආවරණ නිපදවිය . John Cavanagh යනු ඇමරිකාවේ පිළිගැනීමට ලක්වූ තොප්පි නිරමනකරුවෙකි එකක් විය. ඉතාලි තොප්පියක් නිෂ්පාදක Borsalino විසින් හොලිවුඩ් තරු සහ ලෝකයේ ධනවත් හා ප්රසිද්ධ පුද්ගලයන් වෙනුවෙන් හිස් ආවරණය නිර්මාණය කර ඇත.

තොප්පි එකතුවන්

පිලිප්පි එකතුව යනු අගමනුකුල හිස් ආවරණ එකතුවකි, මෙම එකතුව ජර්මානු ව්යවසායකයෙකු වන Dieter Philippi විසින් Kirkel ප්‍රදේශයේ පිහිටවා ඇත. මෙම එකතුවට තොප්පි 500 කට අධික සංකයවක් අඩංගු අතර මෙය දැනට ලෝකයේ පවතින විශාලතම ලියාපදිංචි පැවිදි හා ආගමික හිස ආවරණ එකතුයි. 

Styles

තොප්පි පිලිබඳ පොදු සහ රූපමය කෙටි ලැයිස්තුවක් උදාහරණ සමග පහත දැක්වේ. මෙහි දීර්ඝ පිටපතක් තොප්පි විලාසිතා ලැයිස්තුවේ දක්වා ඇත..

Image Name Description
Ascot cap තද පිරිමි කැප් එකකි.පැතලි තොප්පියට සමානයි.නමුත් ඊට තද ගතියෙන් හා රවුම් හැඩෙන් යුතුයි.
Balmoral bonnet සම්ප්රදායික ස්කොට්ලන්ත නිකට ආවරණය හෝ තොප්පිය,ස්කොට්ලන්ත හයිලන්ඩ් ඇඳුම සමග පළඳි .
Baseball cap මෘදු කපු වලින් සැදු වටකුරු මුදුනක් සහිත,පසුවෙන් නොනැමෙන ,ඉදිරියට හොටක් මෙන් නෙරු තොප්පියකි.
Beanie වාටියක් නැති තොප්පියකි.ඇසේ ආරක්ෂාවට කුඩා වයිසරයක් තිබිය හැක.කලක් පාසල් පිරිමි ළමුන් අතර ප්‍රසිද්ධ වී ඇත. සමහර විට ප්රංස ඇතුළත් වේ.

සටහන: නවසීලන්තය, ඕස්ටේ්රලියාව, එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය තුල මෙය , "beanie" ද නැතිනම් tuque ලෙසද හදුන්වයි.

Bearskin ආරක්ෂක බලකායේ පූර්ණ නිල ඇඳුමේ අංගයක් වූ උස ලෝම සහිත තොප්පිය මුලින් නිර්මාණය කර ඇත්තේ කඩු පහරවලින් ආරක්ෂා වීමටයි. සාමාන්යයෙන් ලන්ඩන්, එංගලන්තයේ බකිංහැම් මාලිගයේ දී දැකිය හැක. ඇතැම් අවස්ථාවලදී අත්වැරදීමකින් මොවුන් ලෝම තොප්පි ලෙස හඳුනාගෙන ඇත.
Beret ලොම්,මෘදු වටකුරු,පැතලි ඉලිපුනු මුදුනක්ද දැඩි සවිමත් වැටියක් රහිත හිස් බඳනයක්ද සහිතයි.ගැහැණු පිරිමි දෙපාර්ශවයම පළඳි . මෙම තොප්පි සාම්ප්රදායිකව, බාස්ක් ජනතාව, ප්රංශය, සහ මිලිටරිය හා සන්බන්ද වේ. 1920, '30' ,'40'  කාලය තුළ පාසල් සිසුවියන්ගේ[යුරෝපීය?]  නිල ඇඳුමේ   කොටසක්විය.
Bicorne පුළුල් වාටියකින් යුක්ති මෙය ඉදිරිපස හා පිටුපස දිගු අං හැඩයට නමා නිර්මාණය කර ඇත.  cocked තොප්පිය ලෙසද හඳුන්වයි. මෙම 1790 යුරෝපීය හමුදා නිලධාරීන් විසින් ද පළඳා ඇත.පොදුවේ නැපෝලියන් හා සම්බන්ධයි
Bowler / Derby 1850 දී ශාන්ත ජේම්ස් අගුල් විසින් නිර්මාණය කරන ලදී .ලෝම තහඩු හා රවුම් මුදුනකින් යුක්තයි. 

තම සේවකයන් වන 2 වන අර්ල් ලෙඉකෙස්තෙර් තෝමස් කොකා තොප්පි සාදන්නන්ට නිමවා දුන්නේය.එක්සත් ජනපදය තුල මෙය සාමාන්‍යයෙන් ඩර්බි ලෙස හඳුන්වයි.

Chullo Peruvian බොලිවියානු තොප්පිය කන්-ෆ්ලැපය සහිතයි. මෙය vicuña, බැටළු කෙස්,ලාමා නිමවා ඇත්තේ බැටළු ලොමින්ය.
Cloche hat 20 ගනන් වලතුළදී ජනප්රිය වූ බව ඒ සීනුව හැඩැති කාන්තා තොප්පියක්
Cricket cap සම්ප්රදායිකව ක්රිකට් ක්රීඩකයන් විසින්පැළඳි පහසු තොප්පියක්
Sombrero Cordobés  සාම්ප්රදායික පැතලි ක්වාන් තොප්පියක් විය.ආරම්භ වී ඇත්තේ Córdoba, ස්පාඤ්ඤය,ස්පාඤ්ඤ ගැමි සංගීතය,නැටුම් වලට සම්බන්ධ අතර Zorro වැනි චරිත අතරත් ජනප්රිය තොප්පියකි.
Conical Asian hat නැගෙනහිර සහ ගිණිකොන දිග ආසියාවේ හා සම්බන්ධ  කේතුකාකාර පිදුරු තොප්පියකි. කාලීන "කුලීකරුවන්ගේ තොප්පියක්" ලෙස අර්ථ දැක්වුවත් එය බාල්දුකාරියි .
Coonskin cap raccoonගේ සම හා ලොම් යොදාගනිමින් මෙම තොප්පි නිර්මාණය කරයි .මේවා 18,19 වන සියවසේ  කැනේඩියානු හා ඇමරිකානු මාර්ගදර්ශකයෝ පළඳා ඇත.
Custodian helmet අඩි මුර සංචාරයේ යෙදී සිටියදී බ්රිතාන්ය පොලිස් කොස්තාපල්වරුන් විසින් සම්ප්රදායිකව පැළඳු  හිස් වැස්මක්.
Deerstalker උණුසුම්, සමීප සවිවී ඇති ට්වීඩි කැප්, වාටියක් සහිතයි .ඉදිරිපස සහ පිටුපස  එකට නිකට වටා හෝ  හැකි තොප්පියේ මුදුනට කර බැඳිය බව කන්-ෆ්ලැපයකඩ ඇත.මුලින්ම මෙය ස්කොට්ලන්තයේ දඩයමේ දේශගුණයට නිර්මාණය කල තොප්පි වේ.ෂර්ලොක් හෝම්ස් චරිතයටත් සමීප තොප්පියකි. 
Fedora මෘදු තහඩු ඇති මධ්‍යම වැටියක් ඇති මුදුනේ දික් අතට රැලිගැසුන තොප්පියකි.
60x60පික් Fez රතු තහඩු ඇති, මුදුනෙන් ලොප්වූ කේතුවක් වැනි තොප්පියකි.අරාබි රටවල් වල සුලබ වේ
Keffiyah ඇඳුමේ කොටස් 3: තන්ගිඃ හිස්කබල තොප්පිය,ගුට්‍රාහ් සළුව හා ඔගල් කළු පටියයි .ගුට්‍රාහ් තනි සුදු හෝ අල්ලි යොදා ඇත.එයින් වාර්ගික හෝ ජාතික අනන්යතාව අඟවයි. .[citation needed].
Hard hat

කුඩා වාටියක් සමග වටකුරු දෘඩ හිස් ආවරණයකි.ප්රධාන වශයෙන් ඉදි කිරීම් අඩවිවල පහතට වැටෙන වස්තූන් , සුන්බුන් හා අයහපත් කාලගුණයෙන් ආරක්ෂා වීමට යොදා ගනී.

Kippah යුදෙව්වන් විසින් පැළඳී අර්ධගෝලාකාර තොප්පියකි.halachic බලධාරීන් විසින් පවත්වන ලද චාරිත්රයක් අවශ්යතාව සපුරාලීමට සෑම විටම පලඳා ඇත.
Kufi අප්රිකානු ජනතාව හා අප්රිකානු ඩයස්පෝරාව විසින් පළඳින කෙටි, වටකුරු වාටි රහිත තොප්පියකි.
Mitre සුවිශේෂී තොප්පියක් රෝමානු කතෝලික සභාව, නැගෙනහිර ඕර්තඩොක්ස් සභාව, සහ එංගලන්ත ශාන්ති තුළ රදගුරුවරුන් විසින් පැළඳිනු ලබයි .
Montera ගොන්පොරබඳින්නෝ විසින් පළඳින ගොතා ඇති තොප්පියකි.
60x60පික් Panama ඉක්වදෝරයේ නිපදවූ පිදුරු තොප්පිය.
Phrygian Cap  මෘදු කේතුකාකාර පියන ඉදිරියට නෙරා ඇත.මූර්ති, සිතුවම් හා විකට රූප වල නිදහස හා නිදහස ව්‍යාපාරය නියෝජනය කරයි.ජනප්රිය කාටූන් චරිතය වන Smurfs සුදු Phrygian කැප් එකක් පැළඳ සිටී.
Pillbox hat කුඩා,කෙලින්,පැති ඍජු වූ,  මුදුන පැතලි අතර වාටියක් නැත..
Pith Helmet  සැහැල්ලු දෘඩ රෙදි-ආවරණයක් සහිත හිස් ආවරණයකි.කිරළ හෝ සාරය යොදා නිමවා ඇත.ඉදිරිපස සහ පිටුපස වාටියක් ඇත.1800 නිවර්තන ජනපදවල යුරෝපීයයන් විසින් පළඳා ඇත..
Rastacap    උස, රවුම්, සාමාන්යයෙන් ගෙතු දීප්තිමත් පාට, කැප් Rastafarians හා ජටා මේවා පළඳියි.
Santa Hat  සම්ප්රදායිකව නත්තල සමග සම්බන්ධ, සුදු ලොම් සහිත දැඩි නොවූ රතු තොප්පියකි .
Sombrero කේතුකාකාර මුදුනක් හිමි,ඉතා පුළුල් පීරිසියක හැඩැති වාටියක් ඇති අතර ගෙත්තම් හා සේද රෙදි තහඩු එක් කර ඇති මෙක්සිකානු තොප්පියකි.
Top hat බීවර් තොප්පියක් ඉන්ද්රජාලිකයකු තොප්පියක් හෝ දුම් නලය තොප්පිය ලෙස හඳුන්වනු ලබයි.උස, පැතලි-කිරුළු, සිලින්ඩරාකාර වන අතර 19 වන 20 වන සියවස්වල මුල් කාලයේ මිනිසුන් විසින් පළඳින ලදී.,  දැන් උදෑසන ඇඳුමට හෝ සන්ධ්යා ඇඳුමට පලඳි .සෑම් මාමා සහ Mr. Monopoly යන කාටූන් චරිත වල මේ තොප්පි යොදාගෙන ඇත.බීවර් සතුන්ගේ ලොම් වලින්ද මේවා සාදා ඇත.
Toque (අවිධිමත්, "චෙෆ් තොප්පියක්")  උස, රැලි නැමූ වාටියක් රහිත , සිලින්ඩරාකාර සම්ප්රදායිකව සූපවේදීන් විසින් පළඳින තොප්පිය.
Tricorne පහත් ඔටුන්නක් හිමි හා මෘදු තොප්පියකි. පුළුල් වාටිය හිස ඉදිරිපසෙන් හා පිටුපසෙන් අමුණා ඇත.පිටුපස වාටිය ත්රිකෝණාකාරයි.18 වන සියවසේ දී යුරෝපා ජාතීන් විසින් පළඳා ඇත.විශාල උස්, සහ දැඩි ලෙස වාටිය සරසා තොප්පි ප්රංශය සහ පාප් රාජ්යයේ දැකිය හැක.
Tuque කැනඩාවේ ශීත ඍතුවේ දී පලඳින ගොතන ලද තොප්පි වේ., සාමාන්යයෙන් ලොම් හෝ ඇක්රිලික් වලින් සාදයි. වෙස් කැප්, ගොතන තොප්පි, ගොතන කැප්,මේස් වලින් එලන ලද කැප්, ස්ටෝකින්ග් කැප් toboggan, ඔරෙලෝසු කැප්, හෝ goobalini යන නම්වලින් හඳුන්වයි.නවසීලන්තය, ඕස්ට්රේලියාව, එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය තුළ, "beanie" යන යෙදුමෙන් මෙම කැප් හඳුන්වයි.
Turban තනි රෙදි කැබැල්ලක් හිස අවට හෝ ඇතුලතින් ඇති තොප්පියක් වටා ඔතනු ලැබේ.
Ushanka කණින් පහළට වැටෙන ෆ්ලැපයක් සහිත තොප්පියකි.රුසියානු ලොම් තොප්පියකි.
Zucchetto හිස මුදුනේ පළඳින කුඩා තොප්පිය.මාන්යයෙන් රෝමානු කතෝලික දී පූජකයන් විසින් පළඳා ඇත.

තොප්පියේ ප්‍රමාණය

තොප්පියේ ප්‍රමාණය ගැනීමට පුද්ගලයාගේ කණට 1 සෙන්ටිමීටර්(1/2 අඟල් ) ඉහලින් ඔහුගේ හිසේ වට ප්‍රමාණය මැනිය යුතුයි.නිෂ්පාදකයා අනුව අඟල් හෝ සෙන්ටිමීටර භාවිතා කල හැක.තහඩු ලෝම අභිරුචි ලෙස මසා ගත හැකසමහර ඝන තොප්පි හා බේස්බෝල් කැප් සීරුමාරු කළ හැකි අතර මිල අඩු තොප්පි "සම්මත ප්රමාණ" වලින් එයි. උදාහරනයක් ලෙස කුඩා, මධ්යම, විශාල, මහා පරිමාණ දැක්විය හැක. මුනුම් ගත් ප්‍රමාණය සිට විවිධ සම්මත ප්රමාණ සිතියම් කිරීමේදී එය සාදන්නගෙන් සාදන්නාටත් ත ,විලාසිතාවෙන් විලසිතාවටත් අනුව වෙනස් වේ.පහත නාමාවලිය අධ්‍යනයෙන් එය පසක් වේ Hammacher-Schlemmer.

සම්ප්රදායික තොප්පියක ප්‍රමාණය ගන්නේ ඉදිරි ,පිටුපස හා පැත්තෙන් මිනුම් අඟල් වලින් ගෙන දෙකෙන් බෙදීමෙනි . එක්සත් රාජධානියේ දී, තොප්පියක ප්රමාණය එක්සත් ජනපදයේ ඊට සමාන තොප්පියකින් අඟලකින් අටෙන් එකක් පමණ කුඩා වේ.

Hat sizes
size Youth S/M Youth L/XL XXS XS S M L XL XXL XXXL
Age (years) 0 ½ 1 2
Circumference in cm 34 43 47 48 49 50 51 - 52 53 - 54 55 - 56 57 - 58 59 - 60 61 - 62 63 - 64 65 - 66
Circumference in inches 13⅜ 17 18½ 18¾ 19¼ 19¾ 20 - 20½ 20 - 21¼ 21 - 22 22 - 22½⅞ 23 - 23½⅝ 24 - 24⅜ 24¾ - 25¼ 25 - 26
UK hat size 5 6 6 6 - 6¼⅜ 6 - 6½⅝ 6 - 6¾⅞ 7 - 7⅛ 7 - 7¼⅜ 7 - 7½ 7 - 7¾⅞ 8 - 8⅛
US hat size 5⅞ 6 6⅛ 6 - 6½ 6⅝- 6¾ 6 - 7 7 - 7¼ 7 - 7½ 7 - 7¾ 7 - 8 8 - 8¼
French hat size 0 ½ 1 2 - 2½ 3 - 3½ 4 - 4½ 5 - 5½ 6 - 6½ 7 - 7½ 8 - 8½ 9 - 9½

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තොප්පිය පිළිබඳ තොරතුරු, තොප්පිය යනු කුමක්ද? තොප්පිය යනු කුමක් දර්ශනය කරන්නේ?