තොළුවිල බුද්ධ ප්‍රතිමාව

තොළුවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ බුදුන් වහන්සේගේ සමාධි මුද්‍රාව විදහා දක්වයි. අනුරාධපුරයේ තොළුවිල දි 1900 දි මුල්වරට ඉංග්‍රීසි ජාතිකයන්ට හමුවූ අතර පසුව ඔවුන් විසින් කොළඹ කෞතුකාගාරයට ගෙනයන ලදුව දැනට එහි ප්‍රදර්ශනයට තබා ඇත. කළු ගලින් නිර්මාණය කරන ලද මෙම ප්‍රතිමාව උසින් අඩි 5 අඟල් 9 ( මිටර 1.75 ) වේ.

තොළුවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ
වර්ෂය4 - 5 වන සියවස
වර්ගයගල් මූර්ති
පිහිටීමඅනුරාධපුරය

මුද්‍රාව

සමාධි මුද්‍රාවේ බුද්ධ ප්‍රතිමාවකි. මෙම භාවනා කිරීමේ ඉරියව්වේදී එරමිනියා ගොතා ගෙන අත්ල උඩු අතට හරවා එකක් මත එකක් සිටින සේ උකුල මත දෑත් තබා බුදුන් වහන්සේ වැඩ හිඳින සේක. මෙම පිළිමය අනුරාධපුරයේ සමාධි බුදු පිළිමයට සමානකමක් දක්වයි. වැඩහිඳිනා ඉරියව්ව විරාසනයයි. ඉන්දියාවේ මථුරා පිළිම සම්ප්‍රදායේ ආභාසය ලැබි ඇත. අඩවන් දෙනෙතින් නුදුර බලා සිටින ආකාරයෙන් නෙළා ඇති මෙම පිළිමයෙන් බුදුරජාණන් වහන්සේගේ චිත්ත ඒකාග්‍රතාව මැනවින් පැහැදිලිව පෙන්නුම් කරයි.

ඉතිහාසය

අනුරාධපුරයේ අග භාගයේදි පමණ නිර්මාණය කරන ලදැයි සැලකේ. (ක්‍රි.ව. 4 -5 වන සියවස.)

මේවාද බලන්න

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තොළුවිල බුද්ධ ප්‍රතිමාව පිළිබඳ තොරතුරු, තොළුවිල බුද්ධ ප්‍රතිමාව යනු කුමක්ද? තොළුවිල බුද්ධ ප්‍රතිමාව යනු කුමක් දර්ශනය කරන්නේ?