වවුනියාව තෝනිගල සෙල් ලිපිය

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ වව්නියාව දිස්ත්‍රික්කයට අයත් තෝනිගල සෙල් ලිපිය වවුනියාව-හොරොව්පොතාන මාර්ගයේ තිලක්කුලම ප්‍රදේශයේ පිහිටා තිබේ.

ක්‍රි.ව. හතරවන සියවසට අයත් මෙම තෝනිගල සෙල් ලිපිය මහසෙන් රජුගේ පුත් ශ්‍රී මේඝවර්ණාභය රජු (ක්‍රි.ව 303-331) විසින් කරවා ඇති සෙල්ලිපියකි.එමගින් එකල ලක්‌දිව පැවති දේශපාලනික, සාමාජයීය, ආගමික හා ආර්ථික තොරතුරු පිළිබද කරුණු රැසක් අනාවරණය කරනු ලබන අතර එය බැංකු ක්‍රමය හා බදු අය කරගැනීම සම්බන්ධයෙන් වූ ලොව පැරැණිම ලියැවිල්ල ලෙසද සැලකේ.

අන්තර්ගතය

දේව නැමැත්තකු විසින් ධාන්‍ය බැංකුවක් හා එහි ‍පොලියෙන් පන්සලක් නඩත්තු කිරීම සම්බන්ධව ක්‍රියාත්මක වූ ආකාරය පිළිබද කියැවෙන ලිඛිත තොරතුරු මෙහි සඳහන් වේ.

මේවාද බලන්න

ආශ්‍රිත

  1. "වසර දහස්‌ ගණනකට පෙර ලංකාවේ ක්‍රියාත්මක බැංකු ක්‍රම පිළිබ`දව කියෑවෙන තෝනිගල සෙල්ලිපිය". දිවයින. 12 දෙසැම්බර් 2012. සම්ප්‍රවේශය 12 ජූලි 2015.
  2. "තෝනිගල සෙල්ලිපිය රකින්න 'මහජන බැංකුව' ඉදිරිපත් වෙයි". මව්බිම. 15 අගෝස්තු 2013. සම්ප්‍රවේශය 12 ජූලි 2015.
  3. "නිදන් හොරු වවුනියාවේ මහ දවල් පුරාවිද්‍යා ස්ථාන හාරති". ලක්බිම. 8 ජුනි 2013. සම්ප්‍රවේශය 12 ජූලි 2015.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වවුනියාව තෝනිගල සෙල් ලිපිය පිළිබඳ තොරතුරු, වවුනියාව තෝනිගල සෙල් ලිපිය යනු කුමක්ද? වවුනියාව තෝනිගල සෙල් ලිපිය යනු කුමක් දර්ශනය කරන්නේ?