සේධවි මුදියන්සේලාගේ දමිතා බුද්ධිනී අබේරත්න බණ්ඩාර (උපත 14 සැප්තැම්බර් 1975), දමිතා අබේරත්න ලෙස ජනප්‍රිය, ශ්‍රී ලාංකික චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නිළියක හා දේශපාලනඥවරියකි.
දමිතා අබේරත්න | |
|---|---|
| උපත | දමිතා බුද්ධිනී අබේරත්න සැප්තැම්බර් 14, 1975 |
| සක්‍රීය වසර | 1987–වර්ථමානය තෙක් |
| දේශපාලන පක්ෂය | සමගි ජන බලවේගය (2023 - 2024) ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය (වර්තමානය) |
| සම්මාන | සරසවිය හොඳම නිළිය සම්මානය (2003) සුමති හොඳම නිළිය සම්මානය (2006) |
| වෙබ් අඩවිය | Damitha Abeyratne සඳහා අයිඑම්ඩීබී හි ඇති තොරතුරු |
මුල් අවධිය
දමිතා, ඇගේ අධ්‍යාපන කටයුතු නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයෙනුත්, මිලාගිරිය ශාන්ත පාවුළු විද්‍යාලයෙනුත් හදාරණ ලදී.[තහවුරු කර නොමැත]
වෘත්තීය දිවිය
1987 වසරේදී (ඇයට වයස අවුරුදු 8ක් පමණ කාලයේදී) පස්සෙ ගෙනා මනමාලී ටෙලිනාට්‍යයේ රංගනයට එක්වෙමින් දමිතා සිය කලා දිවිය කුඩා කලදීම ඇරඹුවාය. පසුව 1993 වසරේදී තිරගත වූ අයි. හේවාවසම් විසින් අධ්‍යක්ෂණය කරන ලද මීහරකා චිත්‍රපටය, දමිතාගේ රංගනය ශ්‍රී ලංකා රිදී තිරයට මුහුකල මුල්ම චිත්‍රපටිය ලෙස සඳහන් වෙයි. 2003 වසරේදී දමිතා රංගනයෙන් දායක වූ ඉනෝකා සත්‍යාංගනීගේ සුළං කිරිල්ලී චිත්‍රපටිය, ඇගේ රංගන දිවියේ සුවිශේෂී සනිටුහනක් සළකුණු කල සංධිස්ථානයක් ලෙස හැඳින්වේ. මෙම සුළං කිරිල්ලී චිත්‍රපටියේ සිදුකල විශිෂ්ඨ රංගනය හේතුවෙන් දමිතාට, දේශීය මෙන්ම ජාත්‍යන්තර චිත්‍රපට උළෙලවල් හීදී සම්මාන රැසක් හිමිවිය.
අත්අඩංගුවට ගැනීම් සහ මතභේද
2012 වසරේදී නෙත් එෆ්.එම්. බැලුම්ගල ගුවන්විදුලිය මගින් විකාශය වූ වැඩසටහනක් මගින් දමිතා හා අතිපූජ්‍ය රුවන්වැල්ලේ සෝභිත හිමියන් අතර ඇතිවූ රහසිගත ප්‍රේම සම්බන්දයක් පිළිබඳ තතු මහජනතාවට නිරාවරණය විය. සෝභිත හිමියන් පුද්ගලික ලේකම්වරියක බඳවා ගැනීමට තැත් කරන අසභ්‍ය හඬපටි කිහිපයක්ද මෙම වකවානුවේදී විකාශය විය.
2013 වසරේදී රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩ, රන් එෆ්.එම් නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තමන්ට අපහාස කළ බව පවසමින් රුපියල් මිලියන 50 ක මුදලක් ඉල්ලා දමිතාට එරෙහිව නඩු පවරන ලදී. 2014 දී දමිතා පෙරලා ඇයට අපහාස කළ බවට සේමිණීගෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් ඉල්ලා නඩු පවරන ලදී. මෙම නඩුව 2014 පෙබරවාරි 24 දින කොළඹ දිසා අධිකරණයේදී කැඳවන ලදී. 2014 ඔක්තෝබර් 14 දින, දෙදෙනාම ඔවුන්ගේ සිවිල් නඩු ඉල්ලා අස්කර ගත්හ.
2015 නොවැම්බර් 5 වැනි දින ශ්‍රීලංකන් ගුවන් සේවය වංචා දූෂණ පිළිබඳ පැමිණිල්ලක් හේතුවෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙස ඇයගෙන් ඉල්ලා සිටියේය. දමිතා බරපතල වංචා, දූෂණ සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම සහ රාජ්‍ය සම්පත් සහ වරප්‍රසාද විමර්ශනය කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිසමට ගොස් සංදර්ශනයක් සඳහා ආහාර සැපයීමේ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළා ය.
2022 වසරේදී, 2022 ශ්‍රී ලංකාවේ විරෝධතා අතරතුර ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් දමිතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිරගත කරන ලදී.
2024 පෙබරවාරි මාසයේදී සංගීතවේදී ඉරාජ් වීරරත්නයන් විසින් දමිතා තෙරපිවරියක ලෙස සම්බාහන මධ්‍යස්ථානයක නියැළි අවස්ථාවකදී සිදුවූ අපවාදයක් හෙළිදරව් කළ අතර මාස දෙකකට පසුව, දකුණු කොරියාවෙහි රැකියා අවස්ථා ලබා දෙන බවට පොරොන්දු වී ව්‍යාජ ලෙස රුපියල් මිලියන 3 ක් වංචාකිරීම සම්බන්ධයෙන් දමිතා සහ ඇගේ සහකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
රංගනයන්
| වසර | චිත්‍රපටිය | අධ්‍යක්ෂණය |
|---|---|---|
| 1993 | මී හරකා | අයි. හේවාවසම් |
| 2003 | සුළං කිරිල්ලී | ඉනෝකා සත්‍යාංගනී |
| 2011 | ගාමනි | සරත් වීරසේකර |
| 2015 | මහරජ ගැමුණු | ජයන්ත චන්ද්‍රසිරි |
| 2015 | ප්‍රවේගය | ඩොනල්ඩ් ජයන්ත |
| 2025 | අයිස් ක්‍රීම් | ප්‍රදීප් ධර්මදාස |
| TBD | රෝස කැළේ අපි යං |
ටෙලිනාට්‍ය
- අනන්තා
- ගැමුණු මහරජ
- තත්පරයක් දෙන්න
- දඩුබස්නාමානය
- බට්ටි
- රිදී තාරකා
- ස්වයංජාත
- සුවඳ ඔබයි අම්මේ
සම්මාන
| වසර | සම්මානය | පිරිනැමීම | කරුණු |
|---|---|---|---|
| 1995 | හොඳම නිළිය සම්මානය | O.C.I.C සම්මාන | දඬුබස්නාමානය සඳහා |
| 1995 | හොඳම සහාය නිළිය ස්වර්ණ සංඛ සම්මානය | මීහරකා සඳහා | |
| 1996 | කුසලතා සම්මානය | සරසවිය සම්මාන | මීහරකා සඳහා |
| 2004 | හොඳම නිළිය සම්මානය | සරසවිය සම්මාන | සුළං කිරිල්ලී සඳහා |
| 2004 | හොඳම නිළිය සම්මානය | SIGNIS සම්මාන | සුළං කිරිල්ලී සඳහා |
| 2004 | හොඳම නිළිය සම්මානය | 8වන ඩකා ජාත්‍යන්තර චිත්‍රපටි උළෙල | සුළං කිරිල්ලී සඳහා |
| 2004 | හොඳම නිළිය සම්මානය | තමිල්නාඩු ජාත්‍යන්තර චිත්‍රපටි උළෙල | සුළං කිරිල්ලී සඳහා |
| 2005 | හොඳම නිළිය සම්මානය | ජනාධිපති සම්මාන | සුළං කිරිල්ලී සඳහා |
| 2005 | විශ්ව කීර්ති සම්මානය | ජාත්‍යන්තර චිත්‍රපටි උළෙල 2 කදී සම්මාන හිමිකරගැනීම වෙනුවෙන් | |
| 2005 | කැපීපෙනෙන තාරුණ්‍ය පෞර්ෂ්‍යය | ජූනියර් චේම්බර් ශ්‍රී ලංකා | කලාව වෙනුවෙන් දැක්වූ දායකත්වයන් උදෙසා |
| 2006 | හොඳම නිළිය සම්මානය | සුමති සම්මාන | කෙළි මඩල සඳහා |
මූලාශ‍්‍ර
- "දමිතා'ස් "ඩේලි මිරර්" ප්‍රොෆයිල්". ඩේලි මිරර්(ශ්‍රී ලංකා). 25 ජනවාරි 2005.
- "සරසවිය අවෝර්ඩ්ස්:ඇන්ඩ් ද වර්ඩික්ට් ඉස්..." සන්ඩේ ඔබ්සවර් (ශ්‍රී ලංකා). 29 අගෝස්තු 2004. 2005-04-28 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-05-08.
- "Damitha's "Daily Mirror" Profile". Daily Mirror(Sri Lanka). 25 January 2005.
- "Sarasaviya Awards:And the verdict is..." Sunday Observer (Sri Lanka). 29 August 2004. 28 April 2005 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
- "වංසක්කාරයෝ එක්ස්පෝසස් ඊවිල්ස් ඔෆ් පොලිටික්ස්". TV ටයිම්ස්(ශ්‍රී ලංකා,ISSN:1391-0531). 15 ජුලි 2007.
- "සිල්වර් ග්ලිටර් ඉන් ඩාර්ක් ටයිම්". ද අයිලන්ඩ්(ශ්‍රී ලංකා). 19 ජනවාරි 2005.
- "දමිතා රීචස් ස්ටාඩොම්". ඩේලි නිව්ස් (ශ්‍රී ලංකා). 24 නොවැම්බර් 2004.
- Damitha Abeyratne Sobhitha, නෙත් එෆ් එම් බැලුම්ගල (16 March 2012). "Damitha Abeyratne reveals about Ruwanwelle Sobhitha". Our Lanka.
- "Now, Damitha demands Rs. 100 mn from Semini". Daily Mirror. සම්ප්‍රවේශය 25 August 2019.
- "Damitha, Semini settle their dispute". Daily Mirror. සම්ප්‍රවේශය 25 August 2019.
- "Damitha Abeyratne gives statement to PRECIFAC". Daily Mirror. සම්ප්‍රවේශය 25 August 2019.
- "Damitha Abeyratne Arrested!". Lankasara. 7 September 2022. සම්ප්‍රවේශය 7 September 2022.
- "දමිතගේ කකුල් මසාජ් කරපු මටත් ඇරියා". The Iraj Show. සම්ප්‍රවේශය 29 February 2024.
- "Activist-turned Actress Damitha Arrested for Alleged Fraud". News First. සම්ප්‍රවේශය 4 April 2022.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දමිතා අබේරත්න පිළිබඳ තොරතුරු, දමිතා අබේරත්න යනු කුමක්ද? දමිතා අබේරත්න යනු කුමක් දර්ශනය කරන්නේ?