තුයිඅප්පුආරච්චි දොන් දයා ද අල්විස් (උපත 1942 නොවැම්බර් 7 - විපත 2015 අප්‍රේල් 27), හෙවත් දයා අල්විස්, යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි. ඔහු තිර රචකයෙක් සහ අධ්‍යක්ෂකවරයෙක් ද විය. ඔහු ටෙලි නාට්‍ය හයක් පමණ අධ්‍යක්ෂණය කළා. වේදිකා නාට්‍ය, සිනමාව සහ ටෙලිනාට්‍ය යන ක්ෂේත්‍ර තුනම ආවරණය වන පරිදි සම්මානයක් ලැබූ ශ්‍රී ලංකාවේ පළමු පුද්ගලයා ඔහු විය.
දයා අල්විස් Daya Alwis | |
|---|---|
| උපත | තුයිඅප්පුආරච්චි දොන් දයා ද අල්විස් නොවැම්බර් 7, 1942 ඉඳුරුවාගොඩ, පයාගල, ශ්‍රී ලංකාව |
| මියගිය දිනය | April 27, 2015 (aged 72) ශ්‍රී ජයවර්ධනපුර රෝහල, කොළඹ |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| අධ්‍යාපනය | කළුතර ඥානෝදය විද්‍යාලය |
| රැකියාව | නළුවෙක්, නාට්‍යකරුවෙක් |
| සක්‍රීය වසර | 1976–2014 |
| කලත්‍රයා(යන්) | යමුනා දයාංගනී (m. 1978) |
| දරුවන් | 2 |
හදිසි අනතුරකින් ප්‍රතිකාර ලබමින් සිටියදී 2015 අප්‍රේල් 27 වන දින වයස අවුරුදු 72 දී ඔහු මිය ගියේය.
පෞද්ගලික ජීවිතය
දයා අල්විස් 1942 නොවැම්බර් 7 වැනිදා පයාගලදී උපත ලැබුවේ සහෝදර සහෝදරියන් හත් දෙනකු සිටින පවුලේ සිව්වැනි පුතා ලෙසය. ඔහු කළුතර ඥානෝදය විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළේය. 1956 දී වයස අවුරුදු 14 දී ඔහු "ලා දළු වනමල්" ගීතය ගායනා කළේය. භාත්කන්ඩේ උපාධිය අවසන් කිරීමෙන් පසු ඔහු සංගීත ගුරුවරයා ලෙස තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් විය. ඔහු තම ප්‍රථම නාට්‍යය වන ‘‘ගිරිකුල’’ නිර්මාණය කළේ පාසලේදීය.
ඔහු යමුනා දයාංගනී සමඟ විවාහ වූ අතර ඔවුන්ට සාරංගදේව සහ සපුමල් බණ්ඩාර යන නමින් පුතුන් දෙදෙනෙක් සිටී.
වෘත්තීය ජීවිතය
රංගනයට පිවිසීමට පෙර, අල්විස් 1964 දී ඉන්දියාවට ගොස් භාත්ඛණ්ඩේ සංගීත ආයතනයෙන් සංගීතය හැදෑරූ අතර වේදිකා සිදුවීම් සඳහා ශබ්ද මිශ්‍ර කරන්නෙකු ලෙස සේවය කළේය. 1966 දී ඔහු සිය පළමු චිත්‍රපටය නිෂ්පාදනය කළේය.දෙපානෝ, මෝදර මෝල, ඒකාධිපති, කළුවරේ ජරමරේ, රන් කන්ද, වැනි වේදිකා නාට්‍යවලින් ඔහු රංගන ජීවිතය ආරම්භ කළේය. ඉන්පසු සරත්චන්ද්‍රගේ ප්‍රේමතෝ ජායති සෝකෝ සහ කළු වළලු, ගුණසේන ගලපත්තිගේ මුහුදු පූත්තු, හෙන්රි ජයසේනගේ මකර සහ ගමනක්, ධර්මසිරි බණ්ඩාරගේ කකරසාය, දවල භීෂණ, සෝමලතා සුබසිංහගේ විකුර්ති සහ ජයන්ත චන්ද්‍රසිරිගේ මෝරා වැනි විවිධ තේමාවන් රැගත් වේදිකා නාට්‍ය වල ඔහු රගපෑවේය. ඔහුගේම නිෂ්පාදනයක් වූ "දල්පදාදු" ඔක්තෝබර් 6 සහ 13 යන දිනවල ස්වීඩනයේ ද නැවත ඔක්තෝම්බර් මාසයේදී හැරෝහි ද පසුව ලන්ඩන් විශ්වවිද්‍යාලය, වෙස්ට්මිනිස්ටර් හි ද ප්‍රදර්ශනය විය. ඔහුගේ "පරස්තාව" වේදිකා නාට්‍යය ලන්ඩනයේ සහ බර්මින්හැම්හි ද වාදනය විය. ඔහු අධ්‍යක්ෂණය කළ සමහර වේදිකා නාට්‍ය අතර අගන්තුකායෝ සහ කේ සරා ඇතුළත් වේ. ඔහු "සිංහබාහු" චිත්‍රපටයේ තිර රචනය සහ සහාය අධ්‍යක්ෂවරයාද විය.
අල්විස් යනු සිංහල ටෙලිනාට්‍ය ඉතිහාසයේ මුල්ම කුළුණු අතරින් එකකි. ශ්‍රී ලාංකේය රූපවාහිනියේ විකාශය වූ ළා හිරු දහසක් මුල්ම නාට්‍යය රචනා කළ සහ රඟපෑ පළමු පුද්ගලයා ලෙස ඔහු ඉතිහාසගත විය. ඔහු ආවර්ජන, පුනරවර්තන සහ බෝඩිම ටෙලිනාට්‍ය සඳහා තිර රචනය ද ලිවීය. ඔහුගේ මංගල ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළේ චන්ද්‍ර යාමය හරහාය. ඔහු විචාරක පැසසුමට ලක් වූ වෙද හාමිනේ කතා මාලාවේත් ඉන්පසුව චන්ද්‍රයාමය නාට්‍යයේත් රඟපෑවා. ඔහුගේ ජනප්‍රියම රූපවාහිනී රංගනය වූයේ බෝඩිම සහ පබා රූපවාහිනී කතාමාලා හරහාය. ඔහු ලන්ඩනයේ රූගත කළ පළමු ශ්‍රී ලාංකේය ටෙලි නාට්‍යය වන ඉර බට තරුව හි ද රඟපෑවේය. 2001 දී ඔහු සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7.30 ට ITN නාලිකාවේ විකාශය වූ අවසන් හෝරාව කතා මාලාව අධ්‍යක්ෂණය කළේය.
අල්විස් සිය සිනමා ජීවිතය ආරම්භ කළේ 1976 වසරේ තිරගත වූ අමරනාත් ජයතිලකගේ තිලක හා තිලකා චිත්‍රපටියෙනි. ඉන්පසු ඔහු චිත්‍රපට 40කට වැඩි ප්‍රමාණයක රඟපෑවේය. ඔහුගේ සමහර ජනප්‍රිය සිනමා රංගනයන් ලෙස කොළඹ සන්නිය, මඩොල් දූව, සරුංගලය, පූජා, මායා මෙන්ම වසන්ත ඔබේසේකරගේ වල්මත්වූවෝ හැදින්විය හැක. එහිදී ඔහු වල්මත්වූවෝ සදහා ජාතික සම්මාන සඳහා නිර්දේශ විය.
මරණය
අල්විස් 2015 අප්‍රේල් 20 වැනිදා පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක ගැටී අනතුරකට ලක්විය. බාහිර රුධිර වහනයක් සිදුවී නොතිබූ නිසා ඔහු කිසිදු ඖෂධයක් නොමැතිව ගෙදර ගියේය. කෙසේ වෙතත්, අනතුරින් අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවී ඇති අතර, ඔහුගේ හිසේ කැළඹීමක් සිදුව තිබුණා. පසුව ඔහුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇත. මොළයේ දරුණු රුධිර වහනයක් හේතුවෙන් ඔහු ස්නායු රෝග ඒකකයේ ප්‍රතිකාර ලබා ගත්තේය. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් ඔහු අප්‍රේල් 27 දින අලුයම 3.50 ට පමණ මිය ගියේය.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දයා අල්විස් පිළිබඳ තොරතුරු, දයා අල්විස් යනු කුමක්ද? දයා අල්විස් යනු කුමක් දර්ශනය කරන්නේ?