ද්‍රෞපදී මුර්මු

ද්‍රෞපදී මුර්මු (ඉංග්‍රීසි: Droupadi Murmu, හින්දි: द्रौपदी मुर्मू ; උපත 20 ජුනි 1958) යනු 2022 සිට ඉන්දියාවේ ජනාධිපතිවරයා ලෙස සේවය කරන ඉන්දියානු දේශපාලනඥයෙකි. ඇය 2022 ජනාධිපතිවරනය ජයග්‍රහණය කළේ භාරතීය ජනතා පක්ෂයේ (බී.ජේ.පී) සහාය ඇතිව ය. ඇය ඉන්දීය ජනාධිපති පදවියට පත් ගෝත්‍රික ප්‍රජාවකට අයත් පළමු පුද්ගලයා වන අතර ප්‍රතිභා පටිල් ගෙන් පසු එම ධුරය දැරූ දෙවන කාන්තාව ද වේ. ඇය එම තනතුර දැරූ ලාබාලතම පුද්ගලයා (වයස අවුරුදු 64 දී) සහ නිදහස් ඉන්දියාවේ උපත ලැබූ පළමු ජනාධිපතිනිය ද වේ.

ද්‍රෞපදී මුර්මු
द्रौपदी मुर्मू
නිල ප්‍රතිමූර්තිය (2025)
ඉන්දියාවේ 15වන ජනාධිපතිවරිය
තනතුර දරමින්
25 ජූලි 2022
අග්‍රාමාත්‍යවරයානරේන්ද්‍ර මෝඩි
උප ජනාධිපතිවරයාවෙන්කයියා නායිදු
ජග්දීප් ධාන්ඛර්
සී.පී. රාධාක්‍රිෂ්ණන්
පූර්වප්‍රාප්තිකයාරාම් නාත් කෝවින්ද්
ඣාර්කන්ඩ් ආණ්ඩුකාරවරිය
තනතුර දරමින්
18 මැයි 2015 – 15 ජූලි 2021
ප්‍රධාන අමාත්‍යරඝුබර් දාස්
හේමන්ත් සොරේන්
පූර්වප්‍රාප්තිකයාසයිද් අහමද්
අනුප්‍රාප්තිකයාරමේෂ් බායිස්
පුද්ගලික තොරතුරු
උපත
දුර්ගි ටුඩු

20 ජුනි 1958 (1958-06-20) (වයස 67)
ඌපර්බේදා, මයුර්භාන්ජ්, ඔඩිෂා, ඉන්දියාව
දේශපාලන පක්ෂයභාරතීය ජනතා පක්ෂය
කලත්‍රයාශ්‍යාම් චරන් මුර්මු (වි. 1980; මි. 2014)
ළමයිලක්ෂ්මන් මුර්මු (මි. 2009)
සිපුන් මුර්මු (මි. 2012)
ඉතිශ්‍රී මුර්මු
පදිංචිය(s)රාෂ්ට්‍රපති භවන්, නව දිල්ලිය
උගත් ශාස්ත්‍රාලයරාමා දේවි කාන්තා විශ්වවිද්‍යාලය (බී.ඒ.)
අත්සන

මීට පෙර, ඇය 2015 සිට 2021 දක්වා ඣාර්කන්ඩ් හි ආණ්ඩුකාරවරිය ලෙස සේවය කළ අතර, එම ප්‍රාන්තය සඳහා දීර්ඝතම කාලයක් සේවය කළ ආණ්ඩුකාරවරිය වූවාය. ඇදේශපාලනයට පිවිසීමට පෙර, ඇය 1979 සිට 1983 දක්වා රාජ්‍ය වාරිමාර්ග හා විදුලිබල දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකු ලෙස සේවය කළ අතර, පසුව 1994 සිට 1997 දක්වා රයිරංපූර් හි ගුරුවරියක් ලෙස සේවය කළාය.ය 2000 සිට 2009 දක්වා රයිරංපූර් සභා මැතිවරණ කොට්ඨාශයෙන් ඔඩිෂා ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකාවක් වූ අතර, 2000 සිට 2004 දක්වා ඔඩිෂා රජයේ රාජ්‍ය අමාත්‍යවරියක (ස්වාධීන භාර) ලෙස කටයුතු කළාය.

මූලාශ්‍ර

  1. "Ex-minister's son dies mysteriously". The New Indian Express. 27 October 2009. සම්ප්‍රවේශය 22 September 2025.
  2. "Draupadi Murmu lost her husband, two sons within six years; know about the new President's family life". ABP Live. 21 July 2022. සම්ප්‍රවේශය 22 September 2025.
  3. "Draupadi Murmu Biography: Family, Education, Political Career, Governor, President of India". Jagran Josh. 21 July 2022. සම්ප්‍රවේශය 22 September 2025.
  4. "BJP backs tribal politician for India's president – DW – 07/18/2022". dw.com (ඉංග්‍රීසි බසින්). 5 November 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 18 December 2023.
  5. "India: Tribal politician Draupadi Murmu wins presidential vote | DW | 21 July 2022". Deutsche Welle. 12 October 2022 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 July 2022.
  6. "Droupadi Murmu: India's Youngest President and First to be Born After Independence". MSN (Indian English බසින්). 21 July 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 21 July 2022.
  7. "India: BJP backs tribal politician Draupadi Murmu for president against former ally | DW | 18 July 2022". Deutsche Welle. 5 November 2022 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 July 2022.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ද්‍රෞපදී මුර්මු පිළිබඳ තොරතුරු, ද්‍රෞපදී මුර්මු යනු කුමක්ද? ද්‍රෞපදී මුර්මු යනු කුමක් දර්ශනය කරන්නේ?