සිංහලයන් වන්දනා කරන ප්‍රාදේශීය දෙවි කෙනෙකි.
| දැඩිමුණ්ඩ දෙවියෝ | |
|---|---|
දැඩිමුණ්ඩ දෙවියෝ | |
| වෙනත් නම් |
|
| ආයුධය |
|
| පෞද්ගලික තොරතුරු | |
| දෙමාපියන් |
|
වෙනත් නම්
- අලුත් නුවර දෙවියන්
- වාසල බණ්ඩාර හා වාහල බණ්ඩාර
- මැණික් බණ්ඩාර
- අලුත්නුවර දේවතා බණ්ඩාර
- ඇමිබැක්කේ දේවතා බණ්ඩාර
- ඳළදා බණ්ඩාර
- වාහල්කඩ දේවතා බණ්ඩාර
- පිටියේ බණ්ඩාර
- මිට අමතරව ප්‍රදේශිය වශයෙන්
- සුදු මල් කුමාර
- ගලේ බණ්ඩාර
- ඟගේ බණ්ඩාර
- කුමාර බණ්ඩාර
- කීර්ති බණ්ඩාර
- කිරැල බණ්ඩාර
- දෙවි බණ්ඩාර
- නවගමු බණ්ඩාර
- වීදාගම බණ්ඩාර
- වීර වීකුමි බණ්ඩාර
- වීර වීකුමිරත්න බණ්ඩාර
- වීර වීකිමි දෙවි
- වීර භද්‍ර දෙවි
- මහත් සුරිදු
- කිරිඳිගල්ලේ දේවතා බණ්ඩාර
- කෙසෙල්ගමුවෙි දෙවි
- දුනුමන්ත බණ්ඩාර හා දුනුමන්ත දෙවි
- වෘක්ෂ බණ්ඩාර දෙවි
- වනේ බණ්ඩාර
- පතමි බණ්ඩාර
ආයුධය
වේවැල / හැරමිටිය
දේවාල
ප්‍රධාන දේවාලය
මාවනැල්ල අලුත්නුවර දැඩිමුන්ඩ දේවාලය
අනෙකුත් දේවාල
කෝට්ටේ රජමහ විහාරයේ ඓතිහාසික සපුමල් බණ්ඩාර – දැඩිමුණ්ඩ මහ දේවාලය,කිරිමැටියාෙව් දැඩිමුණ්ඩ මහ දේවාලය ආදිය ප්‍රධාන තැනක් ගනී.
එමෙන්ම ඇඹුල්ගම ප්‍රදේශයේ පවතින දැඩිමුණ්ඩ දේවාලයද , කතරගම දේවාලය හා සම්බන්ධව දැඩිමුණ්ඩ දෙවියන්ගේ සෘජු සබඳතාවක් ඇති දේවාලයක් ලෙස පිලිගැනේ.
එසේම පත්තිනි දෙවියන්, සමන් දෙවියන් වැනි දෙවිවරු අදහන බොහෝ දේවාල තුළ දැඩිමුණ්ඩ දේවාලයක් ද දක්නට ලැබීම සුලභ දෙයකි. යක්ෂ ගෝත්‍රිකයන් හා අංගම්පොර සටන් කරුවන් දැඩිමුණ්ඩ දේව ඇදහිල්ල දැඩිව සිදු කරති.
ජීවතුන් අතර සිටි කාලය හා දේවත්වට පත් වීම.
මාලදිවයින් රජ බවට මතය
විකුණ්ඨ භද්‍රව ලෙස යක්ෂ ගෝත්‍රිකයන් හදුන්වන මෙතුමා මාලෝස් දිවයින නම් මාලදිවයිනේ රජු විය. මෙතුමාගේ පියා වන යක්ෂ ගෝත්‍රික පුර්ණක නම් යක්ෂයා එරන්දිකා නම් කැලණියේ නාග ගෝත්‍රික කාන්තාව හා විවාහ වූ බව පැවසේ. එරන්දිකා දැඩිමුණ්ඩ දෙවියන්‍ගේ මවයි. යක්ෂ ගෝත්‍රක පුර්ණක හා නාග ගෝත්‍රික එරන්දතියගේ දරුවා ලෙස දුනුමන්ත හෙවත් දැඩිමුණ්ඩ උපත ලබයි. මොහුගේ මුල්නම දැඩිමුණ්ඩ නොවේ. ගෞතම බුදුන් බුදු වන කාලයේ බුදුන්ව ආරක්ෂා කරන ලෙස වෙසමුණි රජු එනම් (පූර්ණකගේ අම්මාගේ අයියා) මොහුට පවසා ඇත. පසුකාලීන ජනප්‍රවාදයන්ට අනුව දසබිම්බර මාරයන් එන අවස්තාවේ බෝසතානන් හැරදමා සියලු දෙවිවරුන් පලායද්දී දුනුමන්ත පමණක් දුන්නත් අතැතිව නොසැලීසිටියි. (ඇතැම් තැනක ආයුධ කුමට වේවැලෙන් තලමි කියා වේවැලක් අතැතිව සිටි බව සදහන් වේ.) මාරයන් පරාජය කල බෝසතානන් තමන් හැර නෙගිය මේ 16 හැවිරිදි කුමරාට දැඩි මුෟග්ඝ (දෘඩ මුණ්ඩ) පුද්ගලයා යන අරුතින් දැඩිමුණ්ඩ යන ගෞරව නාමය දෙන ලදී.
පසුව බුදුන් වහන්සේගේ වරමින් හා අනුහසින් දේවත්වට පත් වන ලද අතර යම් හෙයකින් බුදු දහමට අතුරු අන්තරාවක් පැමිණෙන සෑම අවස්ථාවකදීම දැඩි මුණ්ඩ දේවතාණන් වහන්සේගේ බලයෙන් අප මහා සම්මා සම්බුදු බුදු රජාණන් වහන්සේගේ ධර්මය ආරක්ෂා කරනු ලැබේ.
සටන් හැකියාව
කුඩා කල සිටම දැඩිමුණ්ඩ අංගං සටනට දක්ෂයකි. නිසියාකාරව දුන්න යොදාගෙන ඉල්ලය වෙත හී පහර එල්ල කිරිමට හැකි නිසා දුනුමන්තා යන නාමයද දරයි, මුණ්ඩ (දෘඩ මුණ්ඩ) නම් වූ එතුමා "දැඩි මුණ්ඩ." වන්නේ, ගෞතම බුදුන්ගේ මාර පරාජයේදී අනෙක් අය දුවන නමුත් මුණ්ඩ පමණක් නොබියව නොසෙල්වී සිටි නිසා බව පැවසේ. යක්ෂ වෙස් මුහුණට නයිපෙණ එකතුවන්නේ එරන්දතිය නාග ගෝත්‍රික නිසාවෙනි. මුණ්ඩ ලංකාවට පැමිණ අංගං සටන් ඉගෙන ගනී.
ලංකාවේ රජු
මෙකල ලංකාවේ පාලනය අරාජික වේ. මේ ගෞතම බුද්ධ කාලයයි. මෙම අරාජිකත්වය නිසා මුණ්ඩ ලංකාවේ රජ බවට පිළිගැණින. එකල ලංකාවේ දේව මණ්ඩලයෙන් මොහුට රාජ්‍යත්වය ලබා දෙයි.
උග්ගල් නුවර දේවාලය (බලංගොඩ), මාලිගාවක් වන අතර මැවනැල්ල අලුත් නුවර දෙවැනි මාලිගාවක් තිබී ඇත. අද අලුත් නුවර දේවාලය මෙම දෙවැනි මාලිගයයි. මන්ත්‍ර බලයෙන් උක්ගස් ගල් කරන නිසා උක්ගල් නුවර වී ඇත. මේ බලංගොඩ හා නුවරයි අතර ඇත්තකි. මෙතුමා අමුණු 60ක් නගර 18ක් බිහිකර ලංකාවේ ප්‍රථම වාරි කර්මාන්තය බිහි කළ අතර පොල්තෙල් පහන නිර්මාණය වන්නේ මෙකල ය.
බලංගොඩ - මාවනැල්ල මතය
මොහු දකුණු ලක උපුල්වන් දෙවියන්ගේ අධිකාරම් ලෙස දෙව්න්දර වැඩ සිටි එතැනින් අද බලංගොඩ ලෙස හැදින්වෙන තැනට පැමිණ උක් මුං හේනක් ගල් වෙන්ට වරම් දෙයි. දැඩිමුණ්ඩ කන්නලව්වේ මෙය සදහන්ය. එම තැනට උග්ගල්අළුත්නුවර යන නමක් පටබැද එතැනින් අළුත්ගම අද දැඩිමුණ්ඩ දේවාලය ඇති තැන මාලිගාවේ අධිකාරම් ලෙස පත්වී සේවය කරයි. ඒ අවදියේ වඩිග රටින් වහලුන් ගෙන්නවා මහ වේවැල් වලින් දේවාලය ඉදිරියේ ගල කප්පවා උඩ මලුව, පල්ලෙ මලුව, ... ආදී ලෙස නිර්මාණයන් කරයි. මාලෝස් වල රජු හදුන්වන ඇතැමුන් කියන්නේ මාලෝස් යනු මාලදිවයින බවයි. මාලෝස් යනු අදත් දැඩිමුන්ඩ දේවාලය තිබෙන මාවනැල්ලයි.
සංකේතය
දැඩිමුණ්ඩ දෙවියන්ගේ සංකේතය කුකුලා ය. මේ නිසාම අදටත් බොහෝ දැඩිමුණ්ඩ දේවාලවලට ප්‍රාණයට ප්‍රාණයක් දීමට පොරොන්දු වන බැතිමත්හු කුකුලෙකු දේවාලයට බාර කිරීමට උත්සුක වෙති. එසේ බාර කරන සැවුලන් වෙනත් අය විසින් ගෙන ගොස් සුරතලුන් සේ ඇතිකරන සම්ප්‍රදායක් අලුත් නුවර දේවාලය තුළ දක්නට ඇත.
සපුමල් කුමාරයා හා දැඩිමුණ්ඩ දේව ඇදහිල්ල
කෝට්ටේ හයවන පරාක‍්‍රමබාහු මහ රජතුමා, තමන් මෙහෙය වූ යාපනය යුද්ධයට එතුමාගේ පුත් තනතුරෙහි වැඩුණු සපුමල් කුමාරයාව ‘බල සේනානායක’ තනතුරට පත් කොට යාපා පටුන (යාපනය) ජය ගැනීම සඳහා යැව්වේ ය. දක්‍ෂ සෙන්පතියෙකු වූ සපුමල් කුමාරයාට මුහුණ දීමට සිදු වූයේ සේනා බලයෙන් සහ අර්ථ බලයෙන් උසස් වූ ආර්ය චක‍්‍රවර්තී නම් බලසම්පන්න ප‍්‍රදේශාධිපතියෙකුට ය.
කෙසේ වුවත් සපුමල් කුමරු ගමන ආරම්භ කිරීමට පෙර, යුද්ධයෙන් ජය ලබා ගැනීමේ අධිෂ්ඨානය ඇති ව කෝට්ටේ රජමහා විහාරයේ දැඩිමුණ්ඩ මහ දේවාලයේ (වර්තමාන සපුමල් බණ්ඩාර – දැඩිමුණ්ඩ මහ දේවාලය) ප‍්‍රධාන දොරටුවෙහි පඬුරක් ගැටගසා දැඩිමුණ්ඩ දෙවියන්ට භාරයක් වූ බව ඉතිහාසයේ සඳහන් වෙයි. කුමාරයාගේ ඒකායන ප‍්‍රාර්ථනය වූයේ නියත වශයෙන් ම යුද්ධය ජය ගැනීමයි.
එය එසේ ම ඉෂ්ට වෙමින්, යාපනය පාලනය කළ කනගසූරිය සිංගෙයි ආර්යචක‍්‍රවර්තී රජු පරාජය කොට සපුමල් කුමරු නියත වශයෙන් ම යාපා පටුන ජය ගත්තේ ය. හෙතෙම එහි වූ ද්‍රවිඩ බලය සම්පූර්ණයෙන් ම අහෝසි කළේ ය. ජයග‍්‍රහණයෙන් පසු කුමාරයා කළ ප‍්‍රථම කාර්යය වූයේ දැඩිමුණ්ඩ දෙවියන්ට තමා වූ භාරය ඉෂ්ට කිරීම ය. ඒ සඳහා සපුමල් කුමාරයා නැවත කෝට්ටේ රාජධානියට පැමිණ තමා යුද්ධය සඳහා භාවිතා කළ රන් අසිපත දැඩිමුණ්ඩ දෙවියන්ට පූජා කළේ ය.
කලා නිර්මාණ
මෙතුමන් ගැන කියවෙන කවියක් පහත පරිදි වේ.
- යක් වෙස ගෙන පැමිණි රැපු තෙද නැසි මුණ්ඩ
- නෙක් වර බුදුන් දුටු යක් සෙන්පති චණ්ඩ
- ලක් රන් දෙරණ රැකදෙන දෙවි දැඩි මුණ්ඩ
- වක් කොට හරින් රැපුනගේ උගුරෙහි දණ්ඩ
බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් සිංහලයන් සංහාරය කරන ලද අවස්ථාවේදී උඩරට විසූ ශික්ෂුන් වහන්සේ කෙනෙකු විසින් රචිත යයි සැලකෙන ඉහත කවිය, පුරාණ පුස්කොළ පොතක් මුලාශ්‍ර කර ගත්තකි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන අවස්ථාවේදී මාර සෙනඟ පලායද්දී නොසෙල්වුණ ගුණයෙන් යුක්තව රැඳී හුන් එකම පුද්ගලයා වූයේ මෙතුමන් බවට ඇති මතය ද වක්‍රාකාරයෙන් මෙම කවිවලින් සනාථ වේ. මේ අතර යක්ෂ ගෝත්‍රික සෙන්පතියෙකු වන බවද මෙම කවියෙන් සනාථ වේ. මේ අතර බුදුන් සමයේ මෙම දේවතාවා ජීවත් වූ බවත් කියවේ.
- දැක වසවතු එදා, රෑස් කර මාර සමුදා
- බුදු බවට බාදා, කරති වටලා මාර සමුදා
- බුදුන් තනි කරලා, දෙවියන් ගියයි ඇරලා
- දැඩි දෙවියෙක් සිටලා, යුධ කරමි සැළකළේ වැදලා
- අවියක් නොගෙන තට, රුවන් සෝලූව රෑගෙන සුරතට
- බැට දී දෙපළු කොට, යුධ කරමි සැළකළේ මුනිඳු
- සදෙව් ලොව බලමින, නා ලොව තිලොව බලමින
- කෙනෙක් නැත සරිලන, 'මුණ්ඩ දෙවියයි' නමක් පවසන
තථා ගත සම්මා සම්බුදු බුදු රජාණන් වහන්සේ මාර පරාජය කරනා අවස්ථාවේදී.. වසවර්ති මාරයා ඇතුළු යක්ෂ සේනා දැක රැස්ව සිටි සියලු දෙවිවරු පලා ගිය මුත් බුදු රදුන්ගේ' ආරක්ෂාව පතා තද මුගුරක් අතින් දරා රැදිසිටි හෙයින්, දැඩිමුගුරුක් අතින් ගත් යන්න දැඩිමුණ්ඩ ලෙස වියවහර වීය. නමුත් මෙම සංකල්පය ථේරවාදී ත්‍රිපිටක ධර්මය තුළ සඳහන් නොවේ.
ආශ්‍රිත ලිපි
මූලාශ්‍ර
- වර්ගපූර්ණිකාව, වර්ගපූර්ණිකාව නම් පුස්කොල පොත
- දැඩිමුණ්ඩ[permanent dead link], දැඩිම්ණ්ඩ යන්නෙහි ශබ්දකෝෂ තේරුම
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දැඩිමුණ්ඩ දෙවියෝ පිළිබඳ තොරතුරු, දැඩිමුණ්ඩ දෙවියෝ යනු කුමක්ද? දැඩිමුණ්ඩ දෙවියෝ යනු කුමක් දර්ශනය කරන්නේ?