දෙනවක හාමිනේ

කලාශූරී දෝන ජොර්ජියානා මෙරායා දෙනවක (ප්‍රචලිත ලෙසින් දෙනවක හාමිනේ ලෙසින් හැඳින්වුණි) (20 පෙබරවාරි 1906 – 9 දෙසැම්බර් 2002) යනු, ශ්‍රී ලාංකික නිළියකි. මෙම "වියපත් ආර්යාව" ප්‍රචලිත වූයේ මහළු චරිතාංග නිරූපණය කිරීම වෙනුවෙනි. තවද සිංහල සිනමාවේ මිත්තණිය ලෙසින්ද හඳුන්වයි. ඇය කලා ලොවට පිවිසියේ වයස 60ත් පසුවෙමින් සිටින වියේදී, එක්තරා නාට්‍යයක රඟපෑ නිළියන්ගේ ආරක්ෂාවට ඇය පත්කර ඇත. ඇයගේ නම දෙනවක හාමිනේ ලෙස වෙනස් කරන ලද්දේ නිශ්චල ඡායාරූප ශිල්පී රැලෙක්ස් රණසිංහයි. දෙනවක හාමිනේගේ රංගනයහි ඇත්තේ උපන් නළු රංගන ප්‍රතිභාවයි.

දෙනවක හාමිනේ
උපතපෙබරවාරි 20, 1906(1906-02-20)
ඉඹුල්ගොඩ, ගම්පහ, බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාව
මරණයදෙසැම්බර් 9, 2002(2002-12-09) (වයස 96)

1906දී ගම්පහ ඉඹුල්ගොඩ නම් ප්‍රදේශයේ උපත ලද දෝන ජෝර්ජියානා මෙරායා දෙනවක, දෙනවක හාමිනේ ලෙස ඇයගේ නම වෙනස් කරනු ලැබූයේ නිශ්චල ඡායාරූප ශිල්පී රැලෙක්ස් රණසිංහයන්ය. දෙනවක හාමිනේ සිනමාවට ඇතුලු වනූයේ වේදිකා රංගනය හරහාය. "ජී.ඩී.එල්. පෙරේරා" ගේ කඳුළු නාට්‍ය ඇයගේ මුල්ම නාට්‍යයයි. කඳුළු නාට්‍යයට ඇය සම්බන්ධ වනූයේ නිළියන්ගේ ආරක්ෂක නිලධාරිණිය ලෙසටය. ඇයට දිනක් කඳුළු නාට්‍යයහි එක් ජවනිකාවක් රඟපෑමට සිදු විය. ඒ වන විට ඇය අවුරුදු 60 ද ඉක්ම වූ වයෝවෘද්ධ කාන්තාවකි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දෙනවක හාමිනේ පිළිබඳ තොරතුරු, දෙනවක හාමිනේ යනු කුමක්ද? දෙනවක හාමිනේ යනු කුමක් දර්ශනය කරන්නේ?