ධම්මපද (පාලි - ප්‍රාකෘත - ධමපද, සංස්කෘත - ධර්මපද )යනු ධර්ම පාඨ ඇතුළත් කාව්‍යමය ලක්ෂණවලින් යුතු ථෙරවාදී බුද්ධාගමේ ඉතා ප්‍රසිද්ධ සහ ජනප්‍රිකෘතියකි. මෙය ඛුද්දක නිකායට අන්තර්ගත කොට ඇත.
බොහෝ ගාථාවන් ධර්ම කරුණු හා සම්බන්ධය. පාලි ධර්ම ග්‍රන්ථයන්හි කොටස්වල ගාථාවලින් භාගයක් පමණ දක්නට ලැබෙන්නේ වුවද, ධම්මපද සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ කොටසකි. හතරවැනි හෝ පස් වැනි සියවසේ බුද්ධඝෝෂ හිමි විසින් අර්ථකථන දක්වා ඇත. එහි ගාථාවල අර්ථය පැහැදිලි කරන කථා 299 ක් අඩංගු වේ.
හමුවී ඇති පැරණිම සංස්කරණ
ධම්මපදයෙහි බොහෝ ප්‍රසිද්ධව ඇත්තේ පාලි සංස්කරණ වුවද වෙනත් පුර්ණ අනුවාද ද ඇත.
| *ඛරෝස්ති අකුරෙන් ලියන ලද ධර්ම ගුප්තක අනුවාදය. |
| *ලෝකෝත්තරවාද අනුවාදයක කොටස්. |
| *පැට්නා ධර්මපද නමින් හැඳින්වෙන බෞද්ධ සංස්කෘත මිශ්‍ර භාෂාවකින් කරන ලද සම්මතිය අනුවාදය. |
| *උදාන වර්ග වශයෙන් දන්නා මූල - ශ්‍රාවස්තිවාද ග්‍රන්ථවලට සම්බන්ධයයි පෙනෙන, |
| *සංස්කෘත අනුවාද තුනක්. |
| *ටිබෙට් පරිවර්තනයක්. මෙය ටිබෙට් සාම්ප්‍රදායික බුදු දහමෙහි ජනප්‍රියව පවතී. |
| *චීන කාතීන් 4 ක් - ෆජ්යු ජින් යනුවෙන් නම් කර ඇත. මෙයින් එකක් පාලි අනුවාදයෙහි විශාල කරන ලද පරිවර්තනයක් බව පෙනේ. මෙය සාම්ප්‍රදායික වශයෙන් ජනප්‍රිය වී නැත. |
සංවිධානය
පාලි ධම්මපදයෙහි ගාථා 423 ක් ඇතුළත් වේ. පරිච්ඡේද 26 කි. ඒවා පාලි භාෂාවෙන් පහත පරිදි වේ.
| iයමක වග්ග - යුගල වර්ගය |
| ii.අප්පමාදවග්ග - අප්‍රමාද බව |
| iii.චිත්තවග්ග - සිතිවිලි |
| iv.පුෂ්ඵ වග්ග - මල් |
| v.බාල වග්ග - මෝඩ |
| vi.පණ්ඩිත වග්ග - ඥාණවන්ත |
| vii.අරහන්ත වග්ග - පූජනීය |
| viii.සහස්ස වග්ග - දහස් |
| ix.පාප වග්ග - පව |
| x.දණ්ඩ වග්ග - දඬුවම් |
| xi.ජරා වග්ග - මහලු |
| xiiඅත්ථ වග්ග - තමාම |
| xiiiලෝක වග්ග - ලෝකය |
| xiv.බුද්ධ වග්ග - බුදුන් (උධෘත බලන්න) |
| xv.සුඛ වග්ග - සැප |
| xvi.පිය වග්ග - සතුට |
| xvii.කෝධ වග්ග - තරහ |
| xixධම්ම වග්ග - යුක්තිය |
| xx.මාග්ග වග්ග - මාර්ගය |
| xxiපකීර්ණක වග්ග - විවිධ |
| xxiiනිරය වග්ග - අපාය |
| xxiiiනාග වග්ග - ඇතා |
| xxivභික්ඛු වග්ග - භික්ෂූන් |
| xxvබ්‍රාහ්මණ වග්ග - බමුණන් }| කෘතියේ මූලාශ්රධම්මපද කෘතියේ ගාථා බොහෝමයක් වෙනත් මූලාශ්‍ර වලින් ලබාගෙන ඇත. බෞද්ධ මූලාශ්‍ර
බෞද්ධ නොවන මූලාශ්‍ර
මූලාශ්‍ර |
- සිංහල ඛුද‍්දක නිකාය බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන මුද්‍රණය, හැඳින්වීම කොටස. ආචාර්ය කපිල අභයවංස
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ධම්මපද පිළිබඳ තොරතුරු, ධම්මපද යනු කුමක්ද? ධම්මපද යනු කුමක් දර්ශනය කරන්නේ?