ධර්මකාය (සංස්කෘත: धर्म काय) යනු මහායාන බුදු දහමේ එන ත්‍රිකාය සංකල්පයේ එන බුදුන්ගේ එක් කායකි. ධර්මකාය යනු බුදුන් වහන්සේලාගේ ප්‍රකාශිත නොවූ, අචින්ත්‍ය අංගයක් වන අතර එයින් සියලු බුදුවරුන් හටගන්නා අතර උන්වහන්සේලාගේ පරිනිර්වාණයෙන් පසු නැවත ඒ තුළට පැමිණේ. ධර්මකාය තුළින් පැමිණෙන බුදුවරුන් දරා ගන්න භෞතික ශරීරය "නිර්මාණකාය" ලෙසින් හැඳින්වේ. තායිලන්තයේ ධම්මකාය සම්ප්‍රදාය සහ පුරාණ භාරතීය සම්ප්‍රදායේ තථාගතගර්භ සූත්‍රය තුළ ධර්මකාය සලකන්නේ සියලු සත්වයන් තුළ පවතින සදාකාලික ධර්මතාවය ලෙසයි.
ත්‍රිකාය ධර්මය
ත්‍රිකාය ධර්මය (සංස්කෘත, වචනාර්ථයෙන් "ශරීර තුනක්" හෝ "පරම කාය තුනක්") යනු යථාර්ථයේ සදාකාලික ස්වභාවය සහ බුදුවරයෙකුගේ සැබෑ ස්වරූපය යන දෙකම පිළිබඳ බෞද්ධ ඉගැන්වීමකි.
ධර්මකාය පිළිබඳව ප්‍රථමයෙන් ප්‍රකාශ කර ඇත්තේ ක්‍රි.පූ. 1 සියවසෙහි සම්පාදනය කරන ලද "අෂ්ටසාහස්‍රිකා ප්‍රඥාපාරමිතා සූත්‍රය" තුළයි. ක්‍රිස්තු වර්ෂ 300 දී පමණ, යෝගාචාර සම්ප්‍රදාය විසින් විසින් ත්‍රිකාය "ත්‍රි-ශරීර" ධර්මයෙහි බුදුරාජාණන් වහන්සේගේ ස්වභාවය පිළිබඳ ප්‍රචලිත අදහස් ක්‍රමවත් කරන ලදී. මෙම ධර්මයට අනුව බුද්ධත්වයට ප්‍රධාන අංශ තුනක් ඇත.
- නිර්මාණකාය (පරිවර්තන ශරීරය)
- සම්භොගකාය (අනුභූතික ශරීරය)
- ධර්මකාය (සදාකාලික ධර්ම ශරීරය)
ආශ්‍රේයයන්
- Thrangu Rinpoche (2003). Pointing Out the Dharmakaya: Teachings on the Ninth Karmapa's Text. Shambhala. ISBN 978-1-55939-857-2.
- Snelling 1987, පිටු අංකය: 126.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ධර්මකාය පිළිබඳ තොරතුරු, ධර්මකාය යනු කුමක්ද? ධර්මකාය යනු කුමක් දර්ශනය කරන්නේ?