ධාතුසේන රජු ක්‍රි.ව.455 සිට 473 දක්වා අනුරාධපුරය අග නගරය කර රාජ්‍ය කර වු ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. එතුමා ශ්‍රී ලංකාවේ මෞර්ය රාජ වංශයේ පළමු රජුයි. සමහර වාර්ථා වල එතුමා දසන්කෙළි ලෙසත් හදුන්වා දි ඇත. ධාතුසේන රජු එතුමාගෙ රාජ්‍ය පාලන කාලය තුල එකල ශ්‍රී ලංකාවේ කොටසක් පාලන කාලය දකුණු ඉන්දිය ආක්‍රමණිකයන් පරාජ කර වසර 26 කට පසු මුළු ශ්‍රී ලංකාවම නැවත එක්සත් කරවිමට සමත් විය. එතුමාගේ රාජ්‍ය පාලන කාලය තුල විශාල වාරි කර්මාන්ත 18 කරවන ලදි. යෝධ ඇළ, කලා වැව, බලලු වැව එතුමා කරවු වාරි කර්මාන්ත වලින් ප්‍රධාන කිහිපයකි. අවුකන බුද්ධ ප්‍රතිමාවද එතුමාගේ රාජ්‍ය පාලන කාලය තුල කරවු විශාල බුද්ධ ප්‍රතිමාවකි.
| ධාතුසේන රජ | |
|---|---|
| රාජ්‍ය සමය | 455–473 |
| පූර්වප්‍රාප්තිකයා | පීඨිය |
| අනුප්‍රාප්තිකයා | පළමුවන කාශ්‍යප රජ |
| උපත | 429 |
| මරණය | 473 |
| දරුවන් | කාශ්‍යප, මුගලන් |
| රාජවංශය | මෞර්ය රාජ වංශය |
| පියා | දාඨානාම |
| මව | සංඝා |
මහාවංශයේ සදහන්වන පරිදි ධාතුසේන රජතුම කරනලද වැව් 18ක් ඇත ඒනම්, යෝධ වැව, නුවරවැව, මෝරවැව, කෞඩුල්ලවැව, අල්ලෛවැව, අම්පාරවැව, එක්ගල් ආරුවැව, ඉරක්කාමම්වැව, කොන්ඩවට්ටවාන්වැව, නවකිරිආරුවැව, දෙබරවැව, රිදියගමවැව, බලලුවැව, කන්ඩලමවැව, ඉරනමඩුවැව, මුතුඅයියාන්කඩ්ඩුකුලමවැව, අක්කරායන්කුලම්වැව, පාවිකුලමවැව, උන්නිච්චායවැව, රුකුම්වැව, පිඹුරත්තව වැව යනාදියයි.
මරණය
ධාතුසේන රජුගේ වැඩිමහළු පුත් වන කාශ්‍යප රජු විසින් සිය පිය රජුන් කළාවැව් බැම්මට කොට පස් ගසා මරණයට පත් කරණ ලදි.මෙලෙස දැක්වුවද මෙය රජුගේ අණින් සිදු වූවක් නොව එය මිගාර සිටුගේ අණ කිරීම යටතේ සිදූවකි.එබැවින් පීතෲ ඝාතක කාශ්‍යප කියන නාමය ඔහුට පටබැදීමට පෙර දෙවරක් සිතන්න මහාවංශය වැනි පොත පත පරිශීලනය කරන්න.මිගාර සිටුගේ කුමන්ත්‍රණය නිසාවෙන් කාශ්‍යපගේ සිතෙහි කොනකවත් නොවූ රාජ්‍ය සිහිනයක් කන්දා ඔහු දුෂ්ට පාලකයකු කරද කාශ්‍යප යනු දැහැමි පාලකයකු හා සිය පිය රජුට නොදෙවෙනි පාලකයෙකි.
පසුව ඇතිවූ තත්වය
කාශ්‍යප රාජ්‍යත්වය අල්ලා ගැනීමෙන් පසු බියපත් වූ මුගලන් ඉන්දියාවට පැන ගිය බව මහාවංසය කියයි. නමුත් ඔහු පැන ගියේය. කොහාටද යන වග මහාවංසයේ සඳහන් වන්නේ නැත. මෙය මහාවංස කර්තෘ නොදැන සිටින්නට ක්‍රමයක් නැත. එක්‌කෝ මුගලන් ආගිය අතක් නොමැති නිසා ඔහු ඉන්දියාවට පැන යන්නට ඇතැයි මහාවංස කර්තෘ උපකල්පනය කළා විය යුතු වෙයි. නැතහොත් මුගලන්ගේ ආරක්‍ෂාව පිණිස හෙළි නොකළා විය යුතුය. නමුත් එයින් පළමු වැනි ප්‍රස්‌තුතය මෙහිලා වඩාත් උචිත බව අපගේ කල්පනාවයි. මුගලන් පැන ගියේ සිය මවු පාර්ශ්වයේ ඥාතීන් විසූ පල්ලව දේශයට වන්නට වැඩි සම්භාවිතාවක් තිබේ.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ධාතුසේන රජ පිළිබඳ තොරතුරු, ධාතුසේන රජ යනු කුමක්ද? ධාතුසේන රජ යනු කුමක් දර්ශනය කරන්නේ?