ධූමාවතී

ධූමාවතී (සංස්කෘත: धूमावती, Dhūmāvatī, සාහිත්‍යමය "දුම්පැහැ තැනැත්තිය") යනුවෙන් හැඳින්වෙන්නේ තන්ත්‍රික දෙවඟනන් දසදෙනකුගෙන් සමන්විත මහාවිද්‍යා වන්ගෙන් අයෙකි. ධූමාවතී හින්දු මව් දෙවඟන වන දේවීගේ බිහිසුණු ස්වරූපයක් ලෙස සැලකේ. ඇයව නිතරම නිරූපණය කෙරෙන්නේ වියපත් විරූපී වැන්දඹුවක ලෙසයි. හින්දු ආගම තුළ ඇය කපුටා සහ චතුර්මාස් අවධිය වැනි අශුභ හෝ අනාකර්ෂණීය දෑ හා සම්බන්ධ යැයි විශ්වාස කෙරේ. මෙම දෙවඟන බොහෝ අවස්ථාවන්හි අශ්වයන් නොමැති රථයක හෝ කපුටකු මත නැඟ ආදාහන භූමියක සිටිනු නිරූපණය කෙරේ.

ධූමාවතී
අඳුරු පැහැ වස්ත්‍ර හැඳ කුල්ලක් අතින් ගෙන් සිටින අඳුරු පැහැ ධූමාවතී නිරූපිත මුල්කාලීන 20වන සියවසට අයත් රාජ්පුත් සිතුවමක්, ඇය මෙහි කපුටෙකු මත නැග සිටින නමුත් ආභරණ පැළඳ සිටීයි. මෙම විසිතුරු කිරීම් ඇය පිළිබඳ සම්ප්‍රදායික විස්තර හා පටහැනි ය.
දේවනාගරීधूमावती
සංස්කෘත පරිවර්තනයDhūmavatī
අනුබැඳියපාර්වතී, මහාවිද්‍යාවෝ
වාසභවනයආදාහන බිම්
ග්‍රහලොවකේතු
මන්ත්‍රයධූම් ධූම් ධූමාවතී ස්වාහා
වල්ලභයාවැන්දඹුවකි (නමුත් ශිවගේ ධුමාවන් ස්වරූපය නිශ්ක්‍රීය අවස්ථාවේ පවති.)
වාහනයකපුටා

මේවාත් බලන්න

සටහන්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ධූමාවතී පිළිබඳ තොරතුරු, ධූමාවතී යනු කුමක්ද? ධූමාවතී යනු කුමක් දර්ශනය කරන්නේ?