ටොලමි IX සෝටර් II නැතහොත් ලැතිරොස් ("තණ මෑ") (ග්‍රීක:Πτολεμαῖος Σωτήρ Λάθυρος, Ptolemaĩos Sōtḗr Láthuros) යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.පූ. 116-110, ක්‍රි.පූ. 109-107 සහ ක්‍රි.පූ. 88-81 ලෙස තෙවරක් පාලනය ගෙන ගිය ඊජිප්තුවේ රජ කෙනෙකි. ඔහු සිය සිය සොහොයුරා වූ ටොලමි X ඇලෙක්සැන්ඩර් සමග මාරුවෙන් මාරුවට පාලනය ගෙන ගොස් ඇත.
| ටොලමි IX ලැතිරොස් | |||||
|---|---|---|---|---|---|
| ඊජිප්තුවේ ටොලමියානු රාජවංශයේ පාරාවෝ | |||||
බොස්ටන් ලලිත කලා කෞතුකාගාරයේ තබා ඇති IXවන ටොලමිගේ ප්‍රතිමා හිසක් | |||||
| ඊජිප්තුවේ ටොලමියානු රජ | |||||
| පූර්වප්‍රාප්තිකයා | ටොලමි VIII ෆිස්කන් සහ ඊජිප්තුවේ IIIවන ක්ලියෝපැට්රා | ||||
| අනුප්‍රාප්තිකයා | ඊජිප්තුවේ IIIවන බෙරෙනිස් | ||||
| උපත | ක්‍රි.පූ. 143 – 142 පමණ | ||||
| මරණය | ක්‍රි.පූ. 81 | ||||
| භාර්යාවන් |
| ||||
| දරුවන් | ටොලමි XII (IVවන ක්ලියෝපැට්රාට දාව) IIIවන බෙරෙනිස් (ක්ලියෝපැට්රා සෙලීන් Iට දාව) | ||||
| |||||
| රාජවංශය | ටොලමයික | ||||
| පියා | ටොලමි VIII ෆිස්කන් | ||||
| මව | ඊජිප්තුවේ IIIවන ක්ලියෝපැට්රා | ||||
පළමුව ඔහුගේ මව වූ IIIවන ක්ලියෝපැට්රා විසින් ඔහුව සිය සහ-අනුරාජ පදවියට පත් කරගැනීමට තීරණය කරන ලදී. (ඔහුගේ පියා වූ VIIIවන ටොලමිගේ ආශාව වූයේ ඇය ඇගේ පුත්‍රයකු සමග හවුල් පාලනයක් ගෙන යනු දැකීමටයි) ඇලෙක්සැන්ඩ්රියානුවන් විසින් ඔහුව තෝරා ගැනීමට ඇයට බලකරන ලදී. ඔහු සිය සොයුරිය වූ IVවන ක්ලියෝපැට්රා සමග විවාහ වූ නමුත්, ඔහුගේ මව විසින් ඇයව ඉවත් කොට ඔහුගේ බාලම සොහොයුරිය වූ ක්ලියෝපැට්රා සෙලීන් එම තනතුරට පත්කරන ලදී. පසුව, ඇය විසින් ඔහු තමන්ව මරා දැමීමට උත්සාහ ගන්නේ යැයි චෝදනා නගමින් සාර්ථකව IXවන ටොලමිව සිහසුනෙන් නෙරපන ලදී. අනතුරුව ඇය සිය ප්‍රියතම පුත්‍රයා වූ ඇලෙක්සැන්ඩර් සිය සහ-අනුරාජ පදවියට පත්කළා ය. නමුත් පසුව Xවන ටොලමි සමග පාලනය ගෙනයාම අසීරු බව ඇයට වැටහිණි. අනතුරුව ඇය විසින් නැවත IXවන ටොලමි සිහසුනට පත්කළා ය. නමුත් මඳ කලෙකින් Xවන ටොලමි ඇයව මරා දමා සිහසුන පැහැර ගත්තේ ය. පසුකලෙක ඔහුව ද සටන් බිමෙක දී මරා දැමිණි. අනතුරුව IXවන ටොලමි සිය මරණය තෙක්ම රාජ්‍ය පාලනය ගෙනගියේ ය.
ඔහුගේ දියණිය වූ IIIවන බෙරෙනිස් ඔහුගේ මරණින් පසු සිහසුනට පත්වූ අතර, ඇය විසින් වසරක පමණ කාලයක් රාජ්‍ය පාලනය ගෙන යන ලදී. ඇයට ඇගේ සුළු පුත්‍රයා වූ ඇලෙක්සැන්ඩර් සමග විවාහ වීමට සිදු විය. ඇලෙක්සැන්ඩර්, ටොලමි XI ඇලෙක්සැන්ඩර් II යන නාමයෙන් රාජ්‍ය පාලනය කළ අතර, දින දහනවයකට පසු ඔහු විසින් ඇයව මරාදමන ලදී.
IXවන ටොලමිගේ නාමය මගින් ඔහුගේ මහා මැසිඩෝනියානු පූර්වජයා වූ ටොලමි I සෝටර් සිහි ගන්වයි. පැරණි මූලාශ්රවල සහ ජර්මන් ඉතිහාසඥ හස් විසින් සම්පාදනය කළ ග්‍රන්ථවල ඔහුව VIIIවන ටොලමි ලෙස අංකනය කොට ඇත.
පෙළපත
| ටොලමි IX ලැතිරොස්හි පවුල | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
සටහන්
- ටොලමිවරුන් අංකනය කිරීම නූතන සම්මුතියකි. ග්රීකවරුන් ඔවුන් වෙන්කර දැක්වූයේ විරුද නාමය (පටබැඳි නාමය) ආධාරයෙනි. මෙහි දක්වා ඇති අංකය වර්තමාන එකඟත්වය අනුව යෙදුණකි. නමුත් දහනවවන සියවසේ දී, පසුකාලීන ටොලමිවරුන් රාජ්‍ය කරන අයුරින් ගිණිය යුතු බවට වාදවිවාද ඇති විය. පැරණි මූලාශ්රවල අංකය එකක් අඩුවෙන් හෝ වැඩියෙන් දක්වා ඇති හෙයින්, දෙන ලද ටොලමිවරයකු හඳුනාගැනීමට භාවිත කළ හැකි විශ්වසනීයම ආකාරය විරුදය ආශ්‍රය කර ගැනීමයි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ටොලමි IX ලැතිරොස් පිළිබඳ තොරතුරු, ටොලමි IX ලැතිරොස් යනු කුමක්ද? ටොලමි IX ලැතිරොස් යනු කුමක් දර්ශනය කරන්නේ?