නාරි සංදේශය

ලක්දිව සිංහලසංදේශ කාව්‍යන් අතර ඉතාමත් අප්‍රකට වූ සංදේශ කාව්‍යක් ලෙසින් නාරි සංදේශය හදුන්වා දිය හැකිය. මෙහි දූතයා වන්නේ පක්ෂියෙකු නොව කාන්තාවකි. එසේම විහාරයක සිට පිහිට යදින්නේ රෙපරමාදු දේවස්ථානයකිණි. මෙහි මග විසිතුරු තුලින් දහනවවන සියවසේ සමාජ සංවිධානය පිළිබඳ බොහෝ තොරතුරු ගම්‍ය වේ. [තහවුරු කර නොමැත]

රචිත කාල සීමාව

බොහෝ විට සිංහලයේ රජ සමයන්ගේ දී සංදේශ කාව්‍ය රචනා වීම දක්නට ලැබුණි. නාරි සංදේශය රචනා වන්නේ එලෙස රජ සමයක් විස්තර කරමින් නොවේ . ශ්‍රී ලංකාවේ පහතරට දකුණු ප්‍රදේශ දහනව වන සියවස මුල වන විට තුන් වන වරටත් විදේශීය ජාතියකට යටත් වී පැවතිණි. නව බ්‍රිතාන්‍ය නිලධාරීන් යටතේ පාලන විධි විධානයන් ද සැකසී තිබිණ. එනමුදු ලංදේසි පාලනයේදී මෙන් මේ වන විට ආගම මත සුවිශාල අවධානයක් නම් නොවීය. එනිසාම නැවතත් බෞද්ධ සහිත්‍යමය වශයෙන් දියුණුවක් ඇති විය. දහ නව වන සියවස මුල දශකය වන විට පානදුරා ගංගාවත් කාළ ගංගාවත් ප්‍රදේශය හදුන්වන ලද්දේ පානදුර තොටුමුණ නමින. එහි දකුණු දෙස පිහිටි විශාල පත්තුවක් වූවේ වාද්දු වස්කඩු බද්දයි. පොතුපිටිය නැමති ග්‍රාමය පිහිටා තිබුනේ එකී පත්තුව තුලය. ක්‍රිස්තු වර්ශයෙන් 1820 පමණ වන විට වස්කඩු බද්ද පුරා විශාල වසංගත රෝගයක් පැතිරී ගොස් තිබේ. රුහුණුරටේ සිට පැමිණි රෝගයක් ලෙස හඳුන්වා ඇති මෙම රෝගය විසින් සුවිශාල ජන සංහාරයක් කරවීමට සමත් විය. වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි වර්ශකණ්ඩරාෂ්ට්‍රය නොහොත් වස්කඩු බද්ද විවරණය කෘතියේ සඳහන් කරන අන්දමට නම් පොතුපිටිය පූජාරාමය අසල පැවති සුවිශාල සල් රුකක් කපාහල බැවින් මෙම වසංගතය ව්‍යාප්ත වූ බවට බොහෝ දෙනා විශ්වාස කර තිබේ . ඉතාම ඉක්මනින් සංදේශ කාව්‍යයක් රචනා කරවා පිහිටක් බලාපොරොත්තු වූවේ එම හේතුව නිසාවෙනි මෙම සංදේශයේ කතුවරයා වූවේ පොතුපිටියේ පූජාරාම වාසීව සිටියාවූ පොතුපිටියේ ධර්මරාජ හිමි නැමති ස්වාමීන් වහන්සේය. පෙරදී කතෝලිකයෙකු වූ උන්වහන්සේ පසුව බුදු දහමේ හරය වටහාගෙන් සසුන් ගතවී ඇත්තේය. නමුදු ඒ වන විට මෙම ප්‍රදේශයේ උපසපුව සොයාගැනීමට හැකියාවක් නොවූ බැවින් උන් වහන්සේ සිල්වත් තැනක් ලෙසින් කටයුතු කර ඇත්තේය. බොහෝ සිංහල සංදේශ තුල පැවතියේ බුදු දහමත් හින්දුදහමත් අතර සම්බන්දයක් වූවද මෙකී සංදේශය ඉපැරණි සංදේශයන්ට වඩා බොහෝම වෙනස් ලක්ශන පෙන්වයි . මෙහි දූතයා වන්නේ පක්ෂියෙකු නොව කාන්තාවකි. එසේම විහාරයක සිට පිහිට යදින්නේ රෙපරමාදු දේවස්ථානයකිණි. මෙහි මග විසිතුරු තුලින් දහනවවන සියවසේ සමාජ සංවිධානය පිළිබඳ බොහෝ තොරතුරු ගම්‍ය වේ. පොතුපිටියේ පූජාරාමයේ පිටුපස ද්වාරයේ සිට දකුණු පොතුපිටියේ කඩමණ්ඩියට පැමිණෙන දූතයා අනතුරුව ගාලු මග ඔස්සේ වත්මන් පොතුපිටිය මහා විද්‍යාලය භූමිය දක්වා පැමිණෙයි. ගමනේ සුවිශේෂී මග සලකුණු වී ඇත්තේ පට්ටියකාරවාසල නම් වලව්ව, දොමින්ගෝ නම් රෝමානුකතෝලික දෙව්මැදුර, දකුණු පොතුපිටිය කඩ සල්පිල, අල්ලිය නම් කුඩා දේවාල, ගාලේ ගෙදර, මැද වැල්ල නම් සුසානය, සුවිශාල නුග ගස සහ පොතුපිටියේ රෙපරමාදු දේවස්ථානයයි. එදවස රෙපරමාදු දේවස්ථාන භූමිය වර්ථමානයේදී පොතුපිටිය මහ විදුහල් ක්‍රීඩා පිටියයි. රෙපරමාදු දේවස්ථානය අසල පැවතියා වූ සුවිශාල නුග වෘක්ශය පිළිබඳ විසි වන සියවසේ මැදි බාගයේ විසුවා වූ රැයිපියෙල් තෙන්නකෝන් කවියා වවුලුව නම් කාව්‍ය හරහා ද විස්තර කර තිබේ .

පසු මුද්‍රණ

නාරි සංදේශය රචනා වී සියවසක් පමණ ගතවන කාළයේ දී මෙහි පිටපතක් පවා ඉතා දුලබ විය. එබැවින් මෙය ප්‍රකාශනයක් ලෙසින් එළි දැක්විය යුතු බවට වස්කඩුවේ විසූ සුභූති නම් නායක හිමිපාණන් යෝජනා කෙරිණි. ඒ අනුව පද්‍යයන් සඳහා අරුත් සපයමින් පුස්තකයක් වශයෙන් නිර්මාණය විය. වර්ශ 1912,1913,1914 වර්ශයන් ගේ දී කොළබ කොටුව වුල්ෆන්ඩාල් වීදියේ දොන් ගිරිගෝරිස් ධර්මසේන මුද්‍රණාලය යටතේ මෙහි පිටපත් පළමු වරට බෙදා හැරීම සිදුවිය.එවර එහි කතෲත්වය දරා තිබෙන්නේ සුසෙව් හේවාගේ තැලීනා ප්‍රැන්සින් ධම්සේන වීරසිංහ නම් කතුවරිය විසිනි. පොතුපිටියේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේ ප්‍රධාන ආචාර්‍ය වරයා වූ ඩබ්ලිව්.ඒ. එෆ්. ධර්මවර්ධන මහතා විසින් වර්ශ 1924 දී නැවතත් නිවැරදි අර්ථ සපයමින් කොළබ ග්‍රන්ථ ප්‍රකාශන යන්ත්‍රාලයේ දී නැවත වාරයක් මුද්‍රණය කරවනු ලැබිණ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නාරි සංදේශය පිළිබඳ තොරතුරු, නාරි සංදේශය යනු කුමක්ද? නාරි සංදේශය යනු කුමක් දර්ශනය කරන්නේ?