නිදහස් දිනය (ෆින්ලන්තය)

ෆින්ලන්තයේ නිදහස් දිනය (ෆින්ලන්ත: [itsenäisyyspäivä] Error: {{Lang}}: text has italic markup (help), ස්වීඩන: [självständighetsdag] Error: {{Lang}}: text has italic markup (help)) යනු, රුසියානු ජනරජය වෙතින්, ෆින්ලන්තයේ නිදහස ප්‍රකාශයට පත්කිරීම සැමරීමට, දෙසැම්බර් 6 දින පැවැත්වෙන ජාතික රජයේ නිවාඩු දිනයකි . ෆින්ලන්තයේ නිදහස් ව්‍යාපාරය ඇරඹුනේ, පළමුවන ලෝක යුද්ධයෙහි පරාජයන් නිසා ඇතිවුනු කැළඹීම් හේතුවෙන් වූ, රුසියාවේ විප්ලව වලින් අනතුරුවය. මෙය විසින්, රුසියාවෙන් වෙන්වීමට ෆින්ලන්තයට අවස්ථාවක් උදාවිය. ෆින්ලන්තයේ පාලන බලය කවුරුන් වෙත තිබිය යුතුදැයි යන්න පිළිබඳව, සමාජවාදී-නොවන්නන් සහ සමාජ-ප්‍රජාතන්ත්‍රවාදීන් අතර අසම්මුතීන් කිහිපයකට පසුව, පේර් ඒවින් ස්වින්හූවුඩ් නායකත්වය දැරූ ෆින්ලන්තයේ සෙනෙට් මණ්ඩලය විසින්, අවසානයේදී, 1917 දෙසැම්බර් 4 වන දිනදී නිදහස ප්‍රකාශයට පත් කිරීමේ ලියැවිල්ල ලබා දුන් අතර, දින දෙකකට පසුව පාර්ලිමේන්තුව විසින් එය අපරානුමත කරන ලදි.

සැකිල්ල:නිල්
සමරනු ලබන්නේෆින්ලන්තය
වැදගත්කමනිදහස ප්‍රකාශයට පත් කිරීම ෆින්ලන්ත පාර්ලිමේන්තුව විසින් අපත්‍යීකරණය කෙරුණු දිනය
සැමරුම්සංදර්ශන, නැටුම්
ආරම්භය1917
දිනයදෙසැම්බර් 6
Frequencyවාර්ෂික
Related toනිදහස ප්‍රකාශයට පත් කිරීම

නිදහස් දිනය උත්සවශ්‍රීයෙන් සැමරීම පළමුවෙන් සිදු කෙරුණේ 1917 වසරෙහිදීය. කෙසේවෙතත්, නිදහසෙහි පළමු වසර කිහිපය තුලදී, ෆින්ලන්තයේ සමහරක් පළාත් වල පමණක් සුළුතර නිවාඩු දිනයක්වූ දෙසැම්බර් 6 දිනයට අඩු අවධානයක් හිමි වූයේ, ෆින්ලන්ත සිවිල් යුද්ධයෙහි ජයග්‍රහණයට පත් වයිට්වරුන්ගේ උත්සව දිනය වූ මැයි 16 දිනයට වැඩි ප්‍රමුඛත්වයක් දෙමිනි.

  1. "මේ සික්ස්ටීන්ත් පරෙඩ් එන්ඩඩ් ද සිවිල් වෝ (ෆිනිෂ්)". ටුරුන් සනෝමාට්. සම්ප්‍රවේශය 2008-06-07.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නිදහස් දිනය (ෆින්ලන්තය) පිළිබඳ තොරතුරු, නිදහස් දිනය (ෆින්ලන්තය) යනු කුමක්ද? නිදහස් දිනය (ෆින්ලන්තය) යනු කුමක් දර්ශනය කරන්නේ?