නිල්ලග්ගම බෞද්ධ ස්මාරක

නිල්ලග්ගම නටඹුන් ශ්‍රි ලංකාවේ ගල්ගමුවට ආසන්න නිල්ලග්ගම පිහිටා ඇති ක්‍රි. ව. 8 - 9 සියවස් සමයට අයත් පෞරාණික බෞද්ධ විහාරයක නටබුන් වේ.

බෝධිඝරය

නිල්ලග්ගම බෝධිඝරය (නිල්ලක්ගම බෝධිඝරය) ලක්දිව බෝධිඝර අතුරින් වඩාත්ම කලාත්මක නිර්මාණයක් ලෙස සැළකේ. කළු ගලින් නිර්මාණය කොට ඇති බෝධිඝරය හා එහි ප්‍රාකාරය නිල්ලග්ගම වෑ කන්ද පාමුල පිහිටා ඇත. වර්ෂ 1895දී මෙම බෝධිඝරයෙහි නටඹුන් එච්.සී.පී. බෙල් මහතා විසින් සොයාගන්නා ලදී. එහි තහවුරු කිරීමේ කටයුතු 1954 වර්ෂයේදී සෙනරත් පරණවිතාන මහතාගේ අධීක්ෂණය යටතේ ආරම්භ විය.

නිල්ලග්ගම බෝධිඝරය මාලක දෙකකින් යුක්ත වන පරිදි නිමවා ඇත. සමස්ථ බිත්තිය ගල් පුවරු භාවිතයෙන් සම්පූර්ණ කොට තිබේ. ඇතුළුවීම සඳහා නැ‍ගෙනහිර හා බටහිර යන දිශා ඔස්සේ දොරටු නිර්මාණය කොට ඇත. ඇතුළත වූ මළුව සමචතුරශ්‍රාකාර ස්වරූපයක් ගනියි. මීට අමතරව ගල් කණු කීපයක නටබුන් මෙම භූමියේ දැකගත හැකිවන අතර, වහලයක් රැඳවීම සඳහා ඒවා භාවිත කරන්නට ඇතැයි ව්ශ්වාස කෙරේ.

ගල් කැටයම්

නිල්ලග්ගම බෝධිඝරයෙහි නෙලා ඇති ගල් කැටයම්, කලාත්මකභාවය අතින් බොහෝ සුවිශේෂි වන බව සැළකේ. එම කැටයම් අතර ඇත්, හංස, අශ්ව සහ සිංහ රූප, ගිනිසිළු රටා, ලියවැල්, පියුම් හා කලස් ආදිය දැකගත හැකි වේ.

දාගැබ

නිල්ලග්ගම වැව

පෞරාණික කුඩා දාගැබකි. තවමත් සංරක්‍ෂණය කරනැත.


ලඟාවීම

ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව - නිකවැව (B126) බස් මාර්ගයෙන් ගොස් පහත ස්ථාන 2න එකකින් හැරී යා යුතුය.

  1. . දෙමටෑව හංදියෙන් හැරී (කි.මී. 2): පයින් හෝ SUV රථ සඳහා පමණක් යෝග්‍යය
  2. . ගල්ලෑව හංදියෙන් හැරී ගොස් නැවත නිතලව පාසල ලඟින් හැරී. (කි.මී. 5.5) : කාර් හෝ වෑන් ගමන් කල හැක

මූලාශ්‍ර

  1. "නිල්ලග්ගම බෝධිඝරය". angelfire. 13 පෙබරවාරි 2007. සම්ප්‍රවේශය 4 ජනවාරි 2015.
  2. "නිල්ලක්ගම බෝධිඝරය". බුදුසරණ. සම්ප්‍රවේශය 11 දෙසැම්බර් 2015.
  3. "නිල්ලග්ගම බෝධිඝරය". සිළුමිණ. 1 නොවැම්බර් 2015. සම්ප්‍රවේශය 11 දෙසැම්බර් 2015.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නිල්ලග්ගම බෞද්ධ ස්මාරක පිළිබඳ තොරතුරු, නිල්ලග්ගම බෞද්ධ ස්මාරක යනු කුමක්ද? නිල්ලග්ගම බෞද්ධ ස්මාරක යනු කුමක් දර්ශනය කරන්නේ?