නිශ්ශංක ලතා මණ්ඩපය

මුල් පිටුව | නිශ්ශංක ලතා මණ්ඩපය

නිශ්ශංක ලතා මණ්ඩපය යනු, ශ්‍රී ලංකාවේ පොළොන්නරුව පුරාණ නගරයෙහි ඉදිවී තිබුණු අනන්‍ය ව්‍යුහයකි. නිශ්ශංක මල්ල රජ (1187   1196) විසින් තනවන ලද එතුමා අනුව යමින් නම් කර ඇති මෙය, දළදා මළුවෙහි බටහිර වාහල්කඩෙහි පිහිටා ඇති අතර, මෙම සරියෙහි නගරයේ ඉතාමත් පැරණි ස්මාරකයන් පිහිටා ඇත. මෙම ස්ථානය පොලොන්නරු යුගයේ නිර්මාණය කරන ලද්දකි.

මණ්ඩපය

අලංකාර නෙළුම් මල් ඵලක සහිතව කැටයම් කල ටැම් සහිත මෙම ශිලාමය නිර්මාණය මෙහි වූ ශිලා ලේඛනයක් අනූව නිශ්ශංක මල්ල රජු පිරිත් ශ්‍රවණය කල ස්ථානය බවට සනාථ කොට තිබේ. ශෙෙලමය ගරාදි වැටෙන් වටකර තිබෙන වේදිකාව මත වූ ගලින් නිමකල ස්ථූපය මේ හේතුව නිසාවෙන්, පිරිත් සජ්ජායනාවේදී භාවිත වන කරඬුව වශයෙන් යොදාගන්නට ඇතැයි විශ්වාස කෙරේ.

නිශ්ශංක ලතා මණ්ඩපය එකල පියස්සකින් ආවරණය වී තිබූ බවට සාධක පවතී. මෙහි වූ කැටයම් වලට සමාන ගල් ටැම් සත්මහල් ප්‍රාසාදය අසළ පිහිටි ගොඩනැගිල්ලේද දැකිය හැකිය.

මූලාශ්‍ර

  • හැඳින්වීම් පුවරුව - ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නිශ්ශංක ලතා මණ්ඩපය පිළිබඳ තොරතුරු, නිශ්ශංක ලතා මණ්ඩපය යනු කුමක්ද? නිශ්ශංක ලතා මණ්ඩපය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.