නිෂ්පාදනය

ඉතිහාසය

බ්‍රිතාන්‍යයේ නිෂ්පාදන ක්‍රියාවලිය

බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනයන්හි වර්ධනයට හා ක්‍රියාකාරීත්වයට බලපාන හේතූන් ‍පිළිබඳ පර්යේෂණ රාශියක් සිදු වේ. මෙහිදී අවධානය යොමු කෙරෙන ප්‍රධාන කරුණු ‍නම්,

  • බ්‍රිතාන්‍ය ආර්ථිකයේ නිෂ්පාදනය සාමාන්‍යයෙන් යොමුව ඇති දිශාව (trends)
  • කර්මාන්තශාලාවල වර්ධනය හා ක්‍රියාකාරීත්වයට බලපාන විශේෂ සාධක
  • නව භාණ්ඩ ප්‍රවර්ධනය, වෙළඳපොළේ නැඹුරුතාවය හා අනෙකුත් පුළුල් බාහිර පරිසර බලපෑම්.
  • නිෂ්පාදනය පිළිබඳ කර්මාන්ත මට්ටමේ කලමණාකාරිත්වය හා කාර්මික සංවිධානය පිළිබඳ ගැටලු
  • දේශපාලනික, නෛතික, අධ්‍යාපනික හා පුහුණු, හා සමාජයේ අනෙකුත් බලපෑම් (නිෂ්පාදනයේ වර්ධනය, ආයෝජන, ආදායම් සම්බන්ධව)


කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයෙන් ආරම්භ විය. තවමත් විදේශීය කර්මාන්තයන්ගේ ආයෝජනයන් අතින් බ්‍රිතාන්‍යය ඉදිරියෙන් සිටී. නමුත් නිෂ්පාදනයන් හා ප්‍රධාන කරුණු රාශියකින් අනෙකුත් තරඟකාරී රටවල් සමඟ සසඳන කල්හි බ්‍රිතාන්‍යය සිටින්නේ පසුපසිනි. එමෙන්ම තද නීති, හා අධික බදු බ්‍රිතාන්‍යයේ කාර්මික වර්ධනය අඩාල වීමට හේතුන්ය.


නිෂ්පාදනය හා ආයෝජනය

ලොව නිෂ්පාදන කෙරෙහි නැඹුරුතාවයක් දක්වමින් සිදුකළ පරීක්ෂණය හා විග්‍රහයන්හිද පහත කරුණු කෙරෙහි අවධානය යොමු විය.

  • නිෂ්පාදනය සැලකිය යුතු වෙනසක් වූ විට ඊට හේතුව හා ස්වභාවය හා කාර්මික හා ආර්ථික වර්ධනයට බලපෑම.
  • තරඟකාරීත්වය
  • විදේශ ආයෝජකයන් ආකර්ෂණයට ඇති හැකියාව

බටහිර හා පෙරදිග කාර්මික හා වෙළෙඳපොළ අධ්‍යයනයෙන් පසු පරීක්ෂකයෝ, ඉහත කරුණුවලට අමතරව තවත් ප්‍රධාන සාධක රැසක් හඳුන්වා දී ඇත.

නිෂ්පාදනයේ ක්‍රමයන්ගේ වෙනස්වීම

  • Craft or Guide
  • Putting Out
  • English System of manufacturing (බ්‍රිතාන්‍ය නිෂ්පාදන ක්‍රම)
  • American System of manufacturing (ඇමරිකානු නිෂ්පාදන ක්‍රම)
  • Soviet Collectivism (සෝවියට් සාමුහිකවාදය)
  • Mass Production (ඉතා විශාල ප්‍රමාණයන් නිපදවීම)
  • Just in time manufacturing (භාණ්ඩයට ඇණවුමක් ලැබූ විට නිපදවීම)
  • Learn manufacturing
  • Flexible manufacturing
  • Mass Customization
  • Agile manufacturing
  • Repid manufacturing
  • Prefebricetion
  • Ownership
  • Febricetion
  • Publication ආදි ක්‍රම වර්ග රාශියකි.


නිෂ්පාදනය හා බැඳුනු ආර්ථික විද්‍යාව

ආර්ථික විශේෂඥයන්ට අනුව නිෂ්පාදනය මගින් ආර්ථික ක්‍රියාවලියට ධනය උපයාදෙන අතර සේවා ආයතන ධනය පරිභෝජනය කරයි. තාක්ෂණයේ දියුණුවත් සමග අමෙරිකාවේ Manufacturing Belt නිෂ්පාදන ක්‍රමයේ නව රැකියා අවස්ථා විවෘත වී ඇත. දේශයේ යටිතල පහසුකම් හා ආරක්ෂක අංශයන්හි දියුණුවට, නිෂ්පාදන ක්‍රියාවලියෙන් ලැබෙන සහයෝගය හා බලපෑම විශාල වේ. නමුත් නිෂ්පාදන ක්‍රියාවලියෙන් වන පාරිසරික හා සමාජීය බලපෑම විශාලය. (උදා - අහිතකර වූ අපද්‍රව්‍ය බැහැර කර ඇති විට ඒවා පිරිසිදු කිරීමට වැයවන මුදල) මෙය ලැබෙන වාසීන්ට වඩා විශාල වියදමක් විය හැකිය. සේවකයන්ගේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන යන්ත්‍ර කර්මාන්තශාලාවේ තිබිය හැකිය. සංවර්ධිත රටවල පාරිසරික හා කම්කරු නීති මගින් මේ සම්බන්ධ කරුණු ආවරණය වේ. අමෙරිකාවේ Occupation safety health administration හා United States Environment Protection Agency මගින් කර්මාන්තශාලා සහතික කළ යුතුය. යුරෝපයේ පරිසර දූෂණයට විශේෂ බද්දක් අය කර, ඒ හා සම්බන්ධ වියදම ව්‍යාපාරයෙන්ම කපා ගනී. සේවක වැටුප් හා අයිතීන් ලබා ගැනීමට කම්කරු සමිති ශිල්පීය ශ්‍රේණි (Craft Guide) වැදගත් කර්තව්යක් අතීතයේ ඉටු කරනු ලැබේ. මෙම අයිතීන් තුන්වන ලෝකයේ රටවල නොතිබිය හැකිය. මෙම වැරදි සම්බන්ධ වූ නීති හා භාණ්ඩ නිෂ්පාදිතයේ ඇති වගකීම් නිසා වියදම වැඩි වේ.


නිෂ්පාදන වර්ගීකරණය

  • රසායනික කර්මාන්ත
    • ඖෂධ නිෂ්පාදනය
  • ඉදිකිරිමේ කර්මාන්තය
  • ඉලෙක්ටොනික
    • අර්ධ සන්නායක නිපදවීම
  • ඉංජිනේරු
    • නැනෝ තාක්ෂණය
    • වා තාක්ෂණ විද්‍යාව
    • නව වර්ධනය වන තාක්ෂණය
    • ඉංජිනේරු විද්‍යාව
    • සංශ්ලේෂණ ජිව විද්‍යාව
  • බලශක්තිය
  • ආහාර පාන
    • කෘෂි ව්‍යාපාර
    • පැසවිමෙන් කරන නිෂ්පාදන
    • ආහාර සැකසීම
  • කර්මාන්ත සැලසුම්කරණය
    • මාරු කලහැකි කොටස්
  • ලෝහ කර්මාන්තය
    • කම්මල්
    • යන්ත්‍ර ශිල්පය
    • යන්ත්‍ර කොටස්
    • නිදහස් යන්ත්‍ර කර්මය
    • උපකරණ හා අච්චු තැනිම
    • වානේ කර්මාන්තය
  • ලෝහ වානේ කර්මාන්තය පැති නැමීම
  • ප්ලාස්ටික්
  • දුරකථන
  • රෙදිපිලි
    • ඇඳුම් සැදිම
    • රුවල් සැදිම
    • කූඩාරම් සැදිම
  • ප්‍රවාහනය
    • ගුවන් යානා සැදිම
    • රථ වාහාන සැදිම
    • බැර සැදිම
    • ටයර් සැදිම


සිද්ධාන්තයන්

  • Toylorism (Teylor ගේ න්‍යාය)
  • Fordism (Ford ගේ න්‍යාය)
  • Scientific Morgremnt


පාලනය

  • කලමනාකරණය
  • කලමනාකරණ තේමා
  • TQM (Total Quality me……පුර්ණගුණාත්මක කලමනාකරණය )
  • තත්ත්ව පාලනය
  • Six Sigrme

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නිෂ්පාදනය පිළිබඳ තොරතුරු, නිෂ්පාදනය යනු කුමක්ද? නිෂ්පාදනය යනු කුමක් දර්ශනය කරන්නේ?